|
ගී විල් තෙරේ සුපිපි අරවින්දය
පුෂ්පික අරවින්දගේ
ගී අරවින්දය 10 දා
ශ්‍රීපාලි රඟහලේදී සංගීත ආචාර්ය පුෂ්පික අරවින්දගේ ‘ගී අරවින්දය’ ප්‍රසංගය ලබන 10 වැනිදා පස්වරු 4.30 ට ශ්‍රීපාලි රඟහලේදී පැවැත්වීමට නියමිතයි. ශාස්ත්‍රීය සංගීතය පසුබිම් කරගත් මෙම සුවිශේෂි ප්‍රසංගය පිළිබඳ සරසවිය අරවින්දගෙන් විමසුවා. මෙවර ‘ගී අරවින්දය’ ප්‍රසංගය 6 වැනි ප්‍රසංගයයි. මුල්ම ප්‍රසංගය පැවැත් වූයේ 2009 වසරේදී. එවිට මා සරසවි සිසුවෙක්. මීට පෙර ප්‍රසංගවලට වඩා මෙවර ප්‍රසංගයේදී ශාස්ත්‍රීය සංගීතයට මුල්තැන දෙන්න මම තීරණය කළා. මෙහි මූලිකත්වය ලබා දෙන්නේ වාදනයට. ඒ සඳහා බටනළාව සහ ගිටාරය යොදා ගැනෙනවා. කථිකාචාර්ය පේෂල මනෝජ් සහාය වාදනයෙන් එක්වන අතර මා සේවය කරන හොරණ ශ්‍රිපාලි විද්‍යාලයේ සිසු සිසුවියන්ගේ ගායනා ද ඇතුළත් වෙනවා. පාසල් විෂය නිර්දේශයේ එන රාග මේ සඳහා ඇතුළත්. ඒ වගේම පාසල් සිසුන් ශාස්ත්‍රීය සංගීතය කෙරෙහි උනන්දු කිරීම තමයි මෙහි ප්‍රධාන අරමුණ. මෙම අවස්ථාවට එක්වන ලෙස සැමට මා ආරාධනා කර සිටිනවා. ඔබේ සංගීත ක්ෂේත්‍රයේ ගමන් මග ගැන සඳහන් කළොත්? මම අධ්‍යාපනය ලැබුවේ හොරණ ශ්‍රීපාලි විද්‍යාලයෙන්. කුඩා කාලයේ සිටම සංගීතයට විශේෂ ලැදියාවක් තිබුණා. මගේ අම්මා ප්‍රාථමික අංශයේ ගුරුවරියක්. ඇය තමයි සංගීතයේ මගේ මුල් ගුරුවරිය. පාසලේදී විෂයක් ලෙස සංගීතය හැදෑරුවා. උසස් පෙළ කලා අංශයෙන් සමත් වී ජයවර්ධනපුර සරසවියෙන් උපාධිය ලබා දැනට හොරණ ශ්‍රීපාලි විද්‍යාලයේ සංගීත ආචාර්යවරයකු ලෙස සේවය කරනවා. ඒ සමඟ මේ දිනවල ජයවර්ධනපුර සරසවියේ සංගීතය පිළිබඳ දර්ශනපති උපාධිය හදාරනවා. ඔබේ ඉදිරි ගමන ගැනත් කෙටියෙන් කියමු? ඉදිරියේදී ‘ගී අරවින්දය’ දිවයින පුරා ගෙන යන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වැඩිදුර අධ්‍යාපනයෙන් පසු මානව හිතවාදී සංගීතයෙන් මිනිසුන්ගේ සුබසිද්ධිය උදෙසා කටයුතු කිරීම තමයි මගේ අරමුණ.
|