|
‘පිනිවන්තලාව’ පඩි ඉරංගිය වසන්දම් වූදා
මීට පෙර පිනිවන්තලාව කෘතිය දික්වැල්ලේ කමාල් විසින් විඩෙයිපෙට්ර වසන්දම් (සමුගත් වසන්තය) නමින් දෙමළ භාෂාවට පර්වර්තනය වූ අතර සිංහල නවකතාවක් මලයාල භාෂාවට පරිවර්තනය වූ මුල්ම අවස්ථාව මෙය වේ. සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයකු හා ලේඛකයකු වන එම්. මධුපාල්, හින්දි භාෂා මහාචාර්ය බාලසුබ්‍රමනියම් ඇතුළු විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී උපාලි ලීලාරත්නයන්ට තමිල්නාඩු ත්‍රිචි නාමක් කල්හි චින්නප්පභාරති පදනමෙන් පරිවර්තන කාර්යය අගයමින් සම්මානයක් පිරිනැමූ අයුරු.
ජයන්තා රුක්මණී සිරිවර්ධනගේ නවතම කෘති යුගඳුරු ගෙත්තම සහ තීරු ලිපි එකතුව ‘සිතක සිතුවම්’ මෙම මස 14 වැනිදා සවස 3.30 ට ශ්‍රීී ලංකා පදනම් ආයතනයේදී එළිදැක්වේ. ජනාධිපති, ස්වර්ණ සංඛ, ඕසීඅයිසී, සරසවිය ආදී සිනමා ජූරි සභාවලද, සුමති, රයිගම් සහ රාජ්‍ය ටෙලි නාට්‍ය සම්මාන උළෙලවල ජූරි සාමාජිකාවක් ලෙස කටයුතුª කර ඇති ජයන්තා ග්‍රාම සංවර්ධනය, යෞවන සංවර්ධනය, කාන්තාව, මාධ්‍ය, සිනමාව සහ රූපවාහිනී ක්ෂේත්‍ර පිළිබඳව ලිපි රාශියක් ලියා පළ කර ඇත. රාජ්‍ය සාහිත්‍ය අනු මණ්ඩලයේ සාමාජිකාවක් ලෙස ද, වේදිකා නාට්‍යය සහ ගුවන් විදුලි වැඩසටහන් සමීක්ෂණ මණ්ඩලවල ද සේවය කර ඇති ඇය ජාතික චිත්‍රපට සංස්ථාවේ තිර පිටපත් සමීක්ෂණ නිලධාරිණියකි. 1978 ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඇතුළත්ව දෙපාර්තමේන්තුª සහ අමාත්‍යාංශ ගණනාවක විවිධ තනතුරු දරා අවසන් වරට වෙළෙද අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස සේවය කළ ජයන්තා මීට ප්‍රථම නවකතාවක්, කෙටි කතා සංග්‍රහයක්, ළමා පොත් තුනක් මෙන්ම පද්‍ය සංග්‍රහ හතරක් ද නිකුත් කොට තිබේ.
|