වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




සතියේ ගීතය

සතියේ ගීතය

ජනක සහ මංජු

සුවඳක් දැනේවි හදේ හි
ආදර ලෝකේ හා හා
කුමරෙක් ඇවිදින් සිටීවි
කුමරී කොහේද මා හා

කුමර චංචල කාලේ
බඹර කිංකිණි නාදේ
මාගෙ වස්දඬු ගී රාවේ
ගීත රැල්ලයි – නාදෙ රැව් දෙයි
මහද කුල්මත් වේ

ලලිත සෙල්ලම් වයසේ
තරුණ යෞවන අහසේ
පාට දේදුනු පායාලා
ඈත රන්වන් - සීත මල් දම්
දෑසේ රැඳිලා

පද රචනය - ධර්මසිරි ගමගේ
සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන
අධ්‍යක්ෂණය - කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා