|
|||||
ධිවර මවක් සහ වීර පුතෙක් ගැන කතාවක් ප්‍රතිරූ
යුධ ගිනි දැල් ඇවිලෙන සමයේ මායිම් ගම්මානවල සිදු වූ සත්‍ය සිදුවීම් පදනම් කොට ගනිමින් තැනුණු ප්‍රතිරූ වෛද්‍ය කපිල සූරියආරච්චිගේ නිර්මාණයකි.
මැදියම් රැය ද ගෙවී ගියේය. වෙඩි ශබ්දයට තවමත් නිමාවක් නැත. ගම්මානය පුරා නොනිදා පහන් කළ සියලු දෙනා තම තමන්ගේ ආගම් සිහි කරමින් උන්මෝය. වියළි උඩු සුළඟට එක් වූ ලේ සුවඳ දකුණු දෙසට හමා ගියේය. මායිම් ගම්මානයම එකම මළ ගමක් මෙණි ‘තව ටික දොහකින් මෙහාටත් ඒවි’ කවියක් කියමින් උන් වික්‍රම පහනෙහි දැල්ල නිවා දැමුවේ නෝක්කාඩුවෙනි. මැටි බිත්තියට බර දී උන් ලීලාවතී තම පුතුගේ තියුණු දෑසට එබුණේ සෙනෙහස පෙරදැරි කොට ගනිමිනි. දහසක් කම්කටුලු මැද්දේ විශ්ව විද්‍යාල ප්‍රවේශයට පෙර මඟ බලා හිඳින පුතු වික්‍රම, හමුදාවට යැවිය යතු යයි සිතිවිල්ලෙන් උන් ලීලාවතී අඩ අඳුරේම වික්‍රමගේ නෙතට එබුණාය. ‘මේ රටට ඕනෙ උඹල වගේ දරුවො’ ලීලාවතී මිමිනුවාය. ඒ වදන්වල ආශිර්වාදය වික්‍රමට දැනුණේ යෝධ සවියක් මෙනි. තමාගේ ගමනේ මඟ මෙන්ම හැඩය ද වෙනස් කර ගත යුතු යයි සිතමින් උන් වික්‍රම තම අම්මාගේ ආශිර්වාදය මැද හමුදා සේවයට බැඳුණේ ගම්මානයේ සියල්ලන්ගේ ආශිර්වාද මැදය. අම්මාගේ සවිය යෝධ සෙවණැල්ලක් කොට ගත් වික්‍රම ක්‍රියාන්විතයේ වික්‍රමාන්විත සෙබළකු වීමට ගත වූයේ කෙටි කලකි. සතුරන්ට ප්‍රබල ප්‍රහාර එල්ල කරමින් ඉදිරියට යන වික්‍රමට විහාර මහා දේවියක සේ තම මව පිටුපසින්ම එන සෙයක් දැනුණි. සතුරන්ට තනිව පහර දෙන සෑම විටදීම තම මව තමාගේ සහයට පසුපසින් සිටින වගක් වික්‍රමට දැනුණි. අම්මා නැති හුදෙකලාව නිවා ගනිමින් වික්‍රම සතුරන්ට ප්‍රබලව පහර දුන්නේ මව්බිමට ජය ගෙන ඒම අදිටන කර ගනිමිනි. මේ අතරතුර සිදුවන්නේ අනපේක්ෂිත සිදුවීමකි. තම අම්මා දරුණු ලෙස රෝගාතුර වූ බව වික්‍රම දැනගන්නේ අහම්බෙනි. සියල්ල පසෙක තබා තමාට ජීවය දුන් අම්මා සොයා වික්‍රම පැමිණෙන්නේ මෘදු සිතිනි. මව්බිමට වඩා අම්මා උතුම් යයි සිතන වික්‍රම අම්මා රැක බලා ගැනීමට නිවසේ නතරවීමට තීරණය කරයි. මේ අතර අම්මා තම පුතුට දිරිය ලබා දෙයි. ‘උඹට අම්මව ඉඹින්න ඕන හැම වෙලාවෙම පොළොව ඉඹපන්’ අම්මාත් මවුබිමත් අතර වෙනසක් නොමැති බව දක්වන අම්මා තම පුතු නැවත යුද බිමට පිටත්කර හරියි. අධ්‍යාපන දැනුමෙන් මෙන්ම සමාජ දැනුමෙන් ද මුහුකුරා ගිය වික්‍රම තම අම්මාගේ කියමනට අනුව හැදෙමින් තම මව් බිම බේරා ගැනිමේ සටනට දිවි හිමියෙන් දිරි දෙයි. මව්බිම බේරා ගැනීම යනු අම්මා බේරා ගැනීම ලෙස සිතන වික්‍රම අම්මාත් මව්බිමත් දෙකක් නොව එකක් බව තේරුම් ගනී. මේ ධීර මාතාව සහ වීර පුතනුවන් වටා ගෙතුන කතාන්දරය අපට දැකගත හැකි වන්නේ නොබෝ දිනකින් තිරගතවීමට නියමිත ප්‍රතිරූ හරහාය. මව්බිමේ සැබෑ නිදහස වෙනුවෙන් තම දිවිය කැප කළ වීරෝධාර රණවිරුවන් සහ එම දරු දැරියන් මෙලොවට බිහි කළ දෙමාපියන්ට උපහාරයක් වන ප්‍රතිරූ මව්බිම යනු කුමක් ද යන සංකල්පය අපේ සිතේ ජනිත කිරීමට ගත් උත්සාහයකි. යුද ගිනි දැල් ඇවිලෙන සමයේ මායිම් ගම්මානවල සිදු වූ සත්‍ය සිදුවීම් පදනම් කොට ගනිමින් තැනුණු ප්‍රතිරූ වෛද්‍ය කපිල සූරියආරච්චිගේ නිර්මාණයකි.
ප්‍රතිරූ නිර්මාණ දායාකත්වය:
ආචාර්ය මාලිනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, ජගත් බෙනරගම, වීනා ජයකොඩි, ශ්‍රියන්ත මෙන්ඩිස්, පාලිත සිල්වා, ගිරිරාජ් කෞශල්‍ය, ජගත් චමිල, සුජීව ප්‍රියලාල්, වෛද්‍ය කපිල සූරියආරච්චි, හිමාලි සයුරංගි, ධර්මප්‍රිය ඩයස්, විජේරත්න වරකාගොඩ, දමයන්ති ෆොන්සේකා, අජිත් ලොකුගේ, දිලිනි ලක්මාලි, බන්දුල විජේවීර, කෞෂල්‍යා සමරසිංහ, දිමුතු චින්තක, විහඟ නිමේෂක කතාව තිර රචනය සහ අධ්‍යක්ෂණය - වෛද්‍ය කපිල සූරියආරච්චි සංස්කරණය - රවීන්ද්‍ර ගුරුගේ කැමරා අධ්‍යක්ෂණය - චන්දන ජයසිංහ සංගීත අධ්‍යක්ෂණය - දර්ශන රුවන් දිසානායක කලා අධ්‍යක්ෂණය - අරුණ ඩයස් වේශ නිරූපණය - ඉමල් ශානක පීරිස්
නිෂ්පාදන සැලසුම්කරණය - ජයප්‍රකාශ් සිවගුරුනාදන් සහය අධ්‍යක්ෂණය - සුජිත් පෙරේරා තේමා ගීය හා කවි පද රචනය - වෛද්‍ය කපිල සූරියආරච්චි තේමා ගීත ගායනය - අමරසිරි පීරිස් කවි ගායනා - විශාරද නන්දා මාලිනී, අමරසිරි පීරිස්, ඉන්දිකා උපමාලි
|
|||||