|
පළමු වැඩ සටහනේ වචන දෙකක් කතා කළේ හරිම අමාරුවෙන්
Your Life හරහා ජීවිතයට සමීප දිල්හානි පෙරේරා හමුවෙමු
මෙහෙම කියන්නේ දිල්හානි පෙරේරා. මේ දිනවල උදෑසන සිරස රූපවාහිනී නාලිකාවේ උදෑසන Your Life වැඩසටහන අරගෙන එන ඇය සමඟ අපි කතාබහකට මුල පුරමු. මොනවද මේ දිනවල දිල්හානිගේ අලුත්ම විස්තර? සිරස රූපවාහිනී නාලිකාවේ උදෑසන වැඩසටහන කරනවා. ඊට අමතරව ‘ලෙට්ස් කුක් විත් ලොක්කයි පොඩ්ඩයි’ වැඩසටහන කරනවා. ඒ වගේම වෙළෙඳ දැන්වීම් වගේම නිරූපණ ක්ෂේත්‍රයටත් දායකත්වය ලබා දෙනවා. ඒත් නිවේදන කටයුතුවලට තමයි මූලිකත්වය දීලා තියෙන්නේ. නිවේදන ක්ෂේත්‍රයට එන්න ලැබුණ අවස්ථාව ගැනත් කියමු? පාසල් අධ්‍යාපනයෙන් පසුව රූපවාහිනී අභ්‍යාස ආයතනයේ පාඨමාලාව හැදෑරුවා. ඒ අනුව මුලින්ම මැක්ස් ටී වී එකේ තමයි මුලින්ම නිවේදිකාවක් විදියට වැඩ කටයුතු ආරම්භ කළේ. ඊට පසුව ජාතික රූපවාහිනියේ හිරු වියන වැඩසටහන කළා. එයින් අනතුරුව ශ්‍රී ටී වී ආයතනයේ නිවේදන කටයුතු සඳහා දායක වුණා. ඒ අතරේදී තමයි සිරස රූපවාහිනී ආයතනයට සම්බන්ධ වෙන්න අවස්ථාව උදා වුණේ. සිරසට ඇවිත් දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. මුලින්ම කැමරාව ඉදිරියට යනකොට මොකද හිතුණේ? මට මුලින්ම ලැබුණ ප්‍රෝග්‍රෑම් එක සජීවී වැඩ සටහනක්. පළමුවරට කැමරාව ඉදිරියේ වචන දෙකකට වඩා කතාකර ගන්න බැරි වුණා. පුෂ්පා රම්‍යාණි සොයිසා මෙනවිය සමඟ තමයි එදා වැඩසටහන කළේ. එදා ඇයගෙන් මට ලොකු සහායක් ලැබුණා. කාලයත් සමඟ මම මේ සඳහා හුරු වුණා. ඉතිං මේ අතරේ අමතක නොවන සිදුවීම් එහෙමත් ඇති නේද?
දිල්හානි රංගනයට යොමු වෙන්න එහෙම අදහසක් නැද්ද? මේ වන විටත් රංගනයට දායකත්වය ලබා දීලා තියෙනවා. මට පෝය කතා කිහිපයකම චරිත නිරූපණය කරන්න අවස්ථාව ලැබුණා. ඊට පසුවත් ටෙලි නාට්‍ය කීපයකටම ආරාධනා ලැබුණත් නිවේදන වෘත්තියේ කාර්ය බහුලත්වය එයට හරස් වුණා. නමුත් ඉදිරියේදී ටෙලි නාට්‍යවලටත් පුළුවන් උපරිමයෙන් දායකත්වය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. පවුලේ විස්තරත් කියමුද? අපේ පවුලේ තාත්තයි, අම්මයි, මමයි නංගිලා දෙන්නයි ඉන්නේ. ලොකු නංගි ඉෂානි. පොඩි නංගි ඕෂි. මගේ මහත්තයා දර්ශන චතුරංග. අපි ගොඩක් සතුටින් ලස්සනට ජීවත් වෙනවා. අනාගත බලාපොරොත්තුත් ගොඩක් ඇති නේද? මේ ක්ෂේත්‍රයේ ඉදිරියටම යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හිතට දැනෙන විදියට හොඳ ජීවිතයක් ගත කරන්න තමයි එකම බලාපොරොත්තුව. තව දෙයක් කියන්න තියෙනවා. ඒ මොකක්ද? මට මේ ක්ෂේත්‍රයේ මේ තරම් දුරක් එන්න උදව් කළ හැමෝටම ස්තුතියි. ඒ වගේම මේ සියලු කටයුතු කරගෙන යන්න මට නිදහස වගේම සහයෝගය ලබා දෙන මගේ සැමියා දර්ශනට විශේෂයෙන් ස්තුති කරන්න ඕනෑ.
|