|
සෙන් සහ ෂේන් මුහුරත් උළෙල දා
ඒ. සී. එස්. වසන්ත කුමාර ගේ ‘සෙන් සහ ෂේන්’ වේදිකා නාට්‍යයේ මුහුරත් උළෙල පසුගිය දා කොළඹ ජේතවනාරාම විහාරස්ථානයේ ධර්ම ශාලාවේ පැවැත්විණ. ඡායාරූපයෙන් දැක්වෙන්නේ සුබ මොහොතින් පොල්තෙල් පහන දල්වන අයුරුයි. රංගන ශිල්පි උදිත ශ්‍රී ලාල්, ඒ. ඩී. වසන්ත කුමාර, රංගන ශිල්පි අජිත් ශ්‍රී, සිරස මාධ්‍ය ජාලයේ ක්‍රිෂාන්ත කුරේ, කොළඹ පුරපති ටයිටස් පෙරේරා, ගායන ශිල්පිනී දමයන්ති ජයසූරිය, මාධ්‍යවේදී එ. ඩී. රංජිත් කුමාර, කොළඹ නාගරික මන්ත්‍රී අනුරාධ විමලරත්න, කොළඹ නාගරික ලේකම් එච්. ඩී. සී. ජානකී, නගරාධිපති බිරිය ෆෙරුසා මුසම්මිල්, වෙළෙඳ ව්‍යාපාරික සඳමාලි යන ආරාධිත අමුත්තෝ පසෙක වෙති.
දෙරණගමන
දෙතැනක වැඩ
අහස් පව්ව අධ්‍යක්ෂණය කළ අනුර වරාගොඩගේ නවතම ටෙලි සිතුවම මේ වන විට කුරුණෑගල සහ තිස්සමහාරාමය අවට රූගත කෙරෙයි. දෙරණගමන ලෙස නම් කොට ඇති එය යුද්ධයේ ආදීනව කැටු වූ කතා සාරයක් රැගත් ටෙලි සිතුවමකි. සිරිමතී පුෂ්පා පරණගම නිෂ්පාදනය කරන දෙරණගමන හී සතිස්චන්ද්‍ර එදිරිසිංහ, ජනක් ප්‍රේමලාල්, ජනක කුඹුකගේ, ජයනි සේනානායක, ලාල් කුලරත්න, ඥානාංග ගුණවර්ධන, ජගත් බෙනරගම, චමිලා පීරිස්, අයෝමි ශානිකා, සම්පත් ජයවීර, ආනන්ද අතුකෝරාල, උදේණි අල්විස්, ගීතා කාන්ති ජයකොඩි, රොෂාන් විමලසේන, ලලිත් රාජපක්ෂ, පවිත්‍රා වික්‍රමසිංහ, ප්‍රේමදාස විතානගේ, මල්කාන්ති ජයසිංහ, කුසුම් පෙරේරා, සිරිමතී පුෂ්පා පරණගම, කුලසිරි මල්ලිකාරච්චි, හේමචන්ද්‍ර පියදාස, ලලිත් ප්‍රියන්ත, ප්‍රියන්ත රණසිංහ, බණ්ඩාර ලංකානායක, ඇන්ටන් කුරේ,නදීෂා මධුශානි, රංජිත් සිල්වා, සීතා කුමාරි, රූපා පතිරණ, නිමල් වීරසේකර,අජිත් කොටුවිල, කුමුදුනී අධිකාරි, හේමසිරි කොළඹගේ, පුෂ්පිකා සුමනසේකර, අතුල ජයසූරිය, නිලන්ත රණසිංහ, අජිත් රූපසිංහ ඇතුළු දෙසීයකට අධික නළු නිළියන් ප්‍රමාණයක් රඟපාති. දෙරණගමන හි සහාය නිෂ්පාදනය ප්‍රදීප් කාරියවසම්ගෙනි.
මිතුරු මිහිර’ ටෙලියට මාතලේ ට අවස්ථාවක්
බෙස්ට් ෆ්රෙන්ඩිඩ් එන්ටර්ටේන්මන්ට් ආයතනය විසින් ඉදිරිපත් කරනු ලබන ගීතිකා පිළිපානගෙ නවතම ටෙලි සිතුවම වන ‘මිතුරු මිහිර’ සඳහා මාතලේ අවට ප්‍රදේශයන්ගෙන් ළමුන් බඳවා ගැනීමට එහි අධ්‍යක්ෂවරිය බලාපොරොත්තුවේ. මාතලේ අවට රූ ගැන්වීමට නියමිත එහි ළමුන් බඳවා ගැනීමේ මූලික සම්මුඛ පරීක්ෂණයක් මෙම මස 13 වැනිදා මාතලේ විහාර පාරේ පිහිටි මාතලේ සංස්කෘතික මධ්‍යස්ථානයේදී සිදු කෙර්. වයස අවුරුදු 8 – 14 අතර රංගනයට කැමැති දුවා දරුවන්ට මේ සඳහා සහභාගි විය හැකිය.
|