වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




දෙකක් නෑ ඒක තමා මගේ හීනය

කෙවින් පට්ට සෙල්ලක්කාරයෙක් කළ හංසක

දෙකක් නෑ ඒක තමා මගේ හීනය

මේ ඉන්නේ තූර්යා ටෙලි සිතුවමේ කෙවින්. කෙවින් මේ වන කොට බොහොම ජනප්‍රියයි.

හංසක ගනේගොඩ.

කෙවින්ට පණ පොවන්නේ ඔහුයි.

කෙවින් හරිම සෙල්ලක්කාරයි නේද?

ඇත්තටම කෙවින් එහෙම තමයි. නමුත් කෙවින් තරම් මම නම් සෙල්ලක්කාර නැහැ. තූර්යා හි අධ්‍යක්ෂ රවීන්ද්‍ර විජේරත්න මට කෙවින් ගැන මෙහෙම කිව්වා.

හංසක, කෙවින් පට්ට සෙල්ලක්කාරයෙක්. උඹ තමයි හරි යන්නේ, හොඳට කරපං කියලා.

ඔහු මට දුන් ඒ වගකීම හොඳින් කළා කියලා හිතෙනවා මග තොට යද්දී.

හංසක මීට ප්‍රථම රඟපාලා තිබෙන නිර්මාණ මොනවාද?

මං ක්ෂේත්‍රයට එන්නේ මෝස්තර නිරූපණ ශිල්පියකු වෙන්න. එහෙම ඇවිත් ටික කලකින්ම මට වෙළෙඳ දැන්වීම් කිහිපයක් ලැබෙනවා රඟපාන්න. ඒ කාලයේදීම රවීන්ද්‍ර විජේරත්න මහතාව මට හමු වුණා. ඔහු මට හා හා පුරා කියලා ටෙලි නාට්‍යය රඟපාන්න අවස්ථාවක් දෙනවා. ඒ තමයි ඔහු අධ්‍යක්ෂණය කළ ජීවිතය ලස්සනයි. මං එහි රැඟුවේ ගයාන් වික්‍රමතිලකගේ යහළුවකු හැටියට. ඊට පසුව වසූදා, පවනි, ඉසුරුභවන, අපි අපි වගේ නාට්‍යවල රඟපෑවා. ක්ෂේත්‍රය ගොඩක් හුරු වුණා. දිගු ගමනක් යන්න හිතුවා. ඒත් නොසිතූ දෙයක් වුණා.

ඒ මොකක්ද?

මම අතිශය දරුණු යතුරු පැදි අනතුරකට මුහුණ දුන්නා. ලොකු ඔපරේෂන් එකකුත් කළා. කාලාන්තරයක් එක්තැන් වෙලයි හිටියේ. හරියටම වසර දෙකක් කිසිදු කටයුත්තක් කළේ නැහැ.

ඔබේ ඒ අඳුරු කාලය දැන් ඉවරයි නේද?

සත්තකින්ම. රවී අයියාගේ ඇරැයුමින් තමයි ආයෙත් රංගන කටයුතුවලට ආවේ. සමහර අයට මාව ටිකක් මතකයි. තූර්යාට අමතරව රවී අයියාගේම අලුත් ගෙදර නාට්‍යයෙත් වැඩ කළා.

නව පරපුරේ අයට ලොකු චෝදනාවක් තියනවා. විනයක් නෑ, වගකීමක් නෑ කියලා. මොකද ඒ ගැන කියන්න තියෙන්නේ?

ඔය කතාව මං ප්‍රතිත්ෂේප කරන්නේ නැහැ. ඔවැනි වැරැද්දක් මගේ අතිනුත් වුණා. ඒක ඇත්තටම තාරුණ්‍යත් එක්ක තිියෙන සැහැල්ලුවත් එක්ක වෙන දෙයක්. ඉසුරුභවන කරන කාලේ මාව එක් කරගෙන යන්න ගෙදරට වාහනයක් ආවා. ඒක ආවට පස්සෙයි මං ලැහැස්ති වෙන්න පටන් ගත්තේ.

වාහනයේ හිටපු ප්‍රවීණයන් දෙන්නෙක් මට හොඳටම බැන්නා. ඊට පස්සේ මමම කල්පනා කළා වෙච්ච වැරැද්ද. මගේ පරක්කුව නිසා ගොඩක් අය පාඩු ලබනවා. ඊට පස්සේ නම් මං කවදාවත් එවැනි වැඩක් කළේ නැහැ. ඒක උදාහරණයට ගනිමින් මං කියන්නේ අපේ අතින් වැරැදි වෙනවා. ඒවා පෙන්නලා දීම ප්‍රවීණයන්ගේ යුතුකමක්.

හංසකට අත හිත දුන්නෝ කවුරුන්ද?

රවීන්ද්‍ර විජේරත්න, තරංග දිසානායක, නාලන් මෙන්ඩිස්, උදයකාන්ත වර්ණසූරිය.

අනාගතයේ දක්ෂ නළුවකු වන්න ද හිතාගෙන ඉන්නේ?

ආයේ වචන දෙකක් නැහැ. ඒත තමයි මගේ හීනය.

මේ හංසකගේ ලිපිනයයි.

119/3,
බෝරුක්ගමුව,
පල්ලේවෙල.