|
පුරෝගාමීන් ‘ගම්පෙරළියට’ පසු..............
අතීතය සුන්දරයි. සුන්දර අතීතයට ආදරය කරන ඔබත් සමඟ අපේ හෙළ සිනමා අතීත සැමරුම් බෙදා හදා ගන්නටයි රූප පොතේ මතක වෙන් කළේ. රූප පොතේ මතක තුළින් අද දිග හැරෙන මේ ඡායාරූපය මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සමඟ ඇන්ටන් වික්‍රමසිංහ සුහද හමුවක්. ඇන්ටන් වික්‍රමසිංහ තමයි එදා ගම්පෙරළිය සිනමා සිත්තම නිෂ්පාදනය කළේ. ඒ වගේම ඔහු කලක් ශ්‍රීී ලංකා චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙසත් කටයුතු කළා. මේ අනික් පසින් සිටින්නේ සම්මානනීය රංගධර රවීන්ද්‍ර රන්දෙණිය.
දැන් මතකද? දැන් මතකද?
මේ සිංහල සිනමාවේ ජනප්‍රිය චිත්‍රපටයක් රූගත කිරීමේදී ගත් ඡායාරූපයක්. නීල් රූපසිංහගේ මුල්ම අධ්‍යක්ෂණය ‘දැන් මතකද’ චිත්‍රපටයයි. ඒ සඳහා රංගනයෙන් දායක වුණේ හෙළ සිනමාවේ හොඳම දුෂ්ට නළු දෙපළ වූ ඩොමී ජයවර්ධන සහ එච්. ඩී. කුලතුංග. දැන් මතකද චිත්‍රපටය රූගත කළ මීගමු පාර හැදල හන්දියේදී තමයි මේ ඡායාරූපය අරගෙන තියෙන්නේ. ඩොමී ජයවර්ධන, එච්. ඩී. කුලතුංග, නීල් රූපසිංහ වගේම එදා කැමරාව මෙහෙය වූ ලෙනින් මොරායස්, සහාය අධ්‍යක්ෂ ඇන්ටන් ග්‍රෙගරිත් විහිළු තහළුවෙන් ගත කළ සුන්දර අවස්ථාවක් තමයි මේ. අද අතිශය ජනාකීර්ණ හැඳළ හන්දිය එදා කෙසේද?
|