|
අර්ජුන් ගෙන් අහන්න
ජයම්පති නවරත්න – මාතලේ සුජාතා, සැඩ සුළං, අවිශ්වාසය යන චිත්‍රපටවල ඔවුන් දෙදෙනා පෙම්වතුන් ලෙස රඟපෑවා.
*
හිලරි සිරිලාල් ද අල්මේදා, බ්‍රිජට් සිල්වා - මොරටුවැල්ල සුරංගනී.
*
වික්ටර් පල්ලිමුල්ල - හැඳල විවිධ අවස්ථාවලදී ජෝතිපාලයන් එසේ ගායනා කර තිබෙනවා. වරදට දඬුවම් චිත්‍රපටයේ ‘ඉරණමට සැවොම’ ගීතය එවන් අවස්ථාවක්.
*
චතුරංග සම්පත් – තුන්තාන ඇය ප්‍රථමයෙන් ගීත ගායනා කළේ එදා රෑ චිත්‍රපටයට. ගැටවරයෝ, චිට්ටි චිත්‍රපට සඳහා ගීත ගායනය වෙනුවෙන් ඕ සරසවිය සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ වගේම රණ තිසර සම්මානයෙනුත් ඈ පිදුම් ලැබුවා.
*
කරූ මන්දාවල – නාත්තන්ඩිය එහි වත්මන් හිමිකරු තිස්ස නාගොඩවිතාන මහතායි. එම චිත්‍රපටය රූගත කර බොහෝ කලක් ගත වූ නිසා එහි නෙගටිව් විනාශ වුණා. එහි එක් පිටපතක් පමණක් ඉතිරි වුණා. එය තමයි ඔය තිරගත කළේ.
*
විමල් රණසිංහ – ග්‍රෑන්ඩ්පාස් ඔව්. *
‘ඔය බැල්ම ඔය කැල්ම’ ගීතය පී. එල්. ඒ. සෝමපාලයන්ගේ තනුවක් බව ඔබ පිළිතුරු දී
තිබුණා. එය මුත්තුසාමි මාස්ටර්ගේ තනුවක් නේද? ආනන්ද ප්‍රනාන්දු - පොකුණුවිට ඔබ හරි ආනන්ද. එය එසේ නිවැරැදි විය යුතුයි.
*
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් ‘දුෂ්කර ක්‍රියා’ නමින් කෙටි
චිත්‍රපටයක් නිපද වූවාද? තිලකරත්න විල්වල – කෑගල්ල ඔහු මුලින්ම නිර්මාණය කළේ දුෂ්කර ක්‍රියා සහ සරාගී නමැති කෙටි චිත්‍රපට යුගලයයි. පසුගිය කාලයේ ඔහු නිර්මාණය කළ සතර පෙර නිමිති චිත්‍රපටයට පාදක වුණේ මෙම කෙටි චිත්‍රපට දෙකයි.
*
දෙරණ නාලිකාවේ දුරකථන අංකය සහ කීර්ති පැස්කුවල් මහතාගේ දුරකථන අංකය ලබා දෙන්න. අයි. ආරියවංශ - රත්මලාන දෙරණ - 0112589444 කීර්ති පැස්කුවල් - 0112804744
*
සිංහල චිත්‍රපටයක් තිරගත කළ මුල්ම සිනමාහල කුමක්ද? යූ. ජී. පාලිත කුමාරසිංහ – ගඩලාදෙණිය මුල්ම සිංහල චිත්‍රපටය, නිහඬ චිත්‍රපටයක් වූ පළිගැනීම ලෙස නම් කළහොත් කොටහේනේ එවකට පැවැති ගෙයිටි සිනමාහලයි. මුල්ම කතානාද චිත්‍රපටය කඩවුණ පොරොන්දුව ලෙස නම් කළහොත් එය තිරගත වූයේ කොටහේනේ පිහිටි කිංස්ලි සිනමාහලේයි.
*
අපේ සිංහල සිනමාවට ඇත්ත වශයෙන්ම ස්වර්ණමය යුගයක් උදා කළේ දමිල අධ්‍යක්ෂවරු සහ සංගීත
අධ්‍යක්ෂවරු බව මම කීවහොත් ඔබ පිළිගන්නවාද? සරත් රණසිංහ – මාලිඳ නැහැ. ඔවුන් විශාල සේවාවක් කළා. එමෙන්ම ඔවුන් කළ කැප කිරිම කිසිසේත්ම අවතක්සේරු කරන්නට අවශ්‍ය නැහැ. එසේ වීමට හේතුව වුයේ මුල් කාලයේ චිත්‍රපට බොහෝමයක් ඉන්දියාවේදී නිෂ්පාදනය වූ නිසයි. එමෙන්ම මෙරට දෙමළ සිනමාකරුවන් ද සිංහල සිනමාව ජනප්‍රිය කරවීමට විශාල මෙහෙයක් කළා. ඒවා ජනප්‍රිය වූ බවත් ඇත්ත. නමුත් ඒවා නිෂ්පාදනයේදී එයට දායක වූ විශාල සිංහල පිරිස අමතක කරන්නට බැහැ.
*
සරසවිය පුවත්පතෙහි මෙයට වසරකට පමණ පෙර පළ වූ චිත්‍රපට නළුවන් හෝ නිළියන්ගේ විස්තර
ඇතුළත් ලිපි පෙළ දැන් පල නොවන්නේ ඇයි? ජී. සෝමදාස - මාකේවිට ඇයි මේ නළු නිළියන්ගේ ලිපි පල වෙන්නේ.
|