වර්ෂ 2014 ක්වූ ජනවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




 ‘තිමිරගිර’ ටෙලිය සෑම දිනකම දෙරණේ

 ‘තිමිරගිර’ ටෙලිය සෑම දිනකම දෙරණේ

ලක්ෂ්මන් පුෂ්පකුමාර තිර රචනය කර අධ්‍යක්ෂණය කළ ‘තිමිරගිර’ ටෙලි සිත්තම සඳුදා සිට සිකුරාදා දක්වා සෑම දිනකම රාත්‍රියේ දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය කෙරේ.

ඩබ්ලිව් ජයසිරි, සුදර්ශන බණ්ඩාර, සුනීතා විමලවීර, චිත්‍රා වරකාගොඩ, සුසන්තා චන්ද්‍රමාලි, දයා හෙට්ටිආරච්චි, උදේනි අල්විස්, ශ්‍රියාණි මහවත්ත, මිලින්ද පෙරේරා, මහේන්ද්‍ර වීරරත්න ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති. ‘තිමිරගිර’ කැමරාකරණය – නිශාන්ත ප්‍රදීප්, සංස්කරණය - සමීර සම්පත්, කලා අධ්‍යක්ෂණය – හසින්ත වැල්ලවාය සහ අංගරචනය – නලීන් ප්‍රේමරත්න විසිනි.