වර්ෂ 2014 ක්වූ ජනවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




දුලානි අනුරාධා ඇහැළේපොළ කුමාරිහාමි වෙයි

දුලානි අනුරාධා ඇහැළේපොළ කුමාරිහාමි වෙයි

සුගත් සමරකෝන් තවත් නිර්මාණයක්

ඓතිහාසික චරිතයක් වන ඇහැළේපොළ කුමාරිහාමිගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වන ‘ඇහැළේපොළ කුමාරිහාමි’ සිනමාපටයේ මුහුරත් උළෙල හෙට (03) ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ.

විජය කුවේණි තැනූ සුගත් සමරකෝන් මෙහි අධ්‍යක්ෂවරයා වන අතර එය නිපැයූ ගයාන් රණධීර ඇහැළෙපොළ ද නිෂ්පාදනය කරයි.

දුලානි අනුරාධා ඇහැළේපොළ කුමාරිහාමි චරිතයට පණ පොවනු ලබන අතර ජැක්සන් ඇන්තනි, ලකී ඩයස්, නදීකා ගුණසේකර, ක්ලීටස් මෙන්ඩිස්, සඳුන් විජේසිරි, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, රින්ස්ලි වීරරත්න, අනුර ධර්මසිරිවර්ධන, විනු සිරිවර්ධන, සාරංග දිසාසේකර, සරත් දික්කුඹුර, ප්‍රමුදිත උදය කුමාර, ස්ටැන්ලි ක්‍රිෂ්ණරත්න, ලලිත් රාජපක්ෂ, ක්‍රිස් හැරිස්, සුසිල් පෙරේරා, සුගත් විජේසේකර සෙසු චරිත මවති.

කැමරාව චන්දන ජයසිංහ මෙහෙයවයි. ජයන්ත අබේරත්න සහාය අධ්‍යක්ෂවරයාය. ශ්‍රීලාල් වික්‍රමගේ ගේ නිෂ්පාදන කළමනාකරණයකි. වසන්ත විට්ටච්චි අංග රචනා ශිල්පියාය. ධම්මික හේවාදූවගේ අධ්‍යක්ෂණයෙන් ද, සනත් රණවීර කොණ්ඩා සැකසුමෙන් ද, ඇහැළෙපොළ කුමාරිහාමි හැඩ කරති.