වර්ෂ 2014 ක්වූ ජනවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




බොක්ස් ඔෆිස් බ්ලොක්බස්ටර් සහ බොක්ස් ඔෆිස් බෝම්බ

බොක්ස් ඔෆිස් බ්ලොක්බස්ටර් සහ බොක්ස් ඔෆිස් බෝම්බ

චිත්‍රපට ලෝකයේ පසුගිය වසරේදී ද අතිශය සාර්ථක වූ විශිෂ්ට ආදායම් වාර්තා තැබූ බොක්ස් ඔෆිස් බ්ලොක්බස්ටර් චිත්‍රපට සේම අතිශය අසාර්ථක ආදායම් ලද බොක්ස් ඔෆිස් බෝම්බ හෙවත් අසාර්ථක වූ චිත්‍රපට ද විය.මාවල්'ස් ද ඇවෙන්ජර්ස් චිත්‍රපටයේ දෙවෙනි කොටස ලෙස තිරගත වූ වෝල්ට් ඩිස්නි නිෂ්පාදනය කල අයන් මෑන් - 3 චිත්‍රපටය ලොවපුරා ඇමෙරිකානු ඩොලර් බිලියන 1.21ක් (රුපියල් කෝටි 15,850 ක්) උපයමින් මෙම වසරේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය ලෙස වාර්තා ගත විය. ඩිස්නි සමාගම විසින් මෙතෙක් උපයූ වැඩිම බොක්ස් ඔෆිස් ආදායම වන ඩොලර් බිලියන 4,000 (රුපියල් කෝටි 52,400) මෙම වසරේ දී උපයා දීමට අයන් මෑන් - 3 චිත්‍රපටය මහත් රුකුලක් විය.

මේ අතර, ජෙෆ් බ්‍රිජස් සහ රයන් රෙනොල්ඩ්ස් රඟන R.I.P.D..ඇමෙරිකානු ඩොලර් මිලියන 78ක් (රුපියල් කෝටි 1020 ක්) උපයමින් 2013 වසරේ අතිශය අලාභ වූ චිත්‍රපටය ලෙස වාර්තා ගතවන චිත්‍රපටයයි.

ලොවපුරා ආදායම ඇ.ඩො. මිලියන 918ක් උපයමින්, ' ඩේස්පිකබල් මී - 2' චිත්‍රපටය ඉහළ ආදායම් අතර දෙවැනි තැනට පත්ව තිබේ. වසර කිහිපයකට පෙර චිත්‍රපට නිර්මාණය ට බට දක්ෂ පරිගණක සජීවකරණ ශිල්පීන් දෙපොළක් වන පියරේ කොෆින් සහ ක්‍රිස් රෙනොල්ඩ් යන දෙදෙනා නිර්මාණය කළ චිත්‍රපටයක් මෙලෙස අතිශය ජනපි‍්‍රයත්වයට පත්වීම මෙහි සුවිශේෂී ලක්ෂණයකි.

වින්ඩීසල් සහ පෝල්වෝකර් රගන නීතිවිරෝධී වීදි රේස් සහ මංකොල්ල වටා ගෙතුණු ක්‍රියාන්විත චිත්‍රපටයක් වන ද ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් - 6 චිත්‍රපටය ඩොලර් මිලියන 789 ක් උපයමින් ලොව ඉහළ ආදායම් ලද චිත්‍රපට අතර තෙවැනි තැනට පත්ව ඇත.අතිශය ජනපි‍්‍රයත්වයට පත් මෙම චිත්‍රපට මාලාවේ කේන්ද්‍රීය චරිතයකට වන පණපොවන පෝල් වෝකර් රංගන ශිල්පියා පසුගියදා අවාසනාවන්ත ලෙස රියඅනතුරකින් මියගියේ ‘ද ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් - 7’ චිත්‍රපටයද නිර්මාණය වෙමින් පවතින විටදීවීම අතිශය කණගාටුදායක පුවතකි.

ලයන්ස් ගේට් සමාගම විසින් නිෂ්පාදිත ද හන්ග ගේම්ස්: කැචින් ෆයර් මෙම වසරේ සිව්වැනි ස්ථානයට වැඩිම ආදායම් ලද චිත්‍රපටය ලෙස තේරීපත්ව ඇති චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 769ක් වාර්තා කළේය.

ඒලියන්, ඒලියන්ස්, ප්රොමිතියස් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට මාලාව නිර්මාණය කළ සුප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරයෙක් වන වෝල්ටර්හිල්ගේ අධ්‍යක්ෂණයෙන් යුත් බුලට් ටු ද හෙඩ් ක්‍රියාන්විත චිත්‍රපටය අසාර්ථක නිර්මාණ ගොන්නට එක් වී ඇත. සුප්‍රසිද්ධ රංගන ශිල්පියෙක් වන සිල්වෙස්ටර් ස්ටැලෝන් ඒ සදහා රංගනයෙන් දායක විය. වෝල්ට් ඩිස්නි පික්චර්ස් හා ජෙරී බක්හීමර් නිපදවූ ජනපි‍්‍රය හොලිවුඩ් නළු ජොනි ඩෙප් රඟන ද ලෝන් රේන්ජර් චිත්‍රපටය අවාසනාවන්ත ලෙස අසාර්ථකම නිර්මාණයක් බවට පත්ව ඇත. ලොවපුරා ප්‍රදර්ශනයෙන් එය ඉපැයු මුදල ඩොලර් මිලියන 260කි.එමෙන්ම රෝලන්ඩි එම්රිච් අධ්‍යයක්ෂණය කළ වයිට් හවුස් ඩෝව්න්, බ්‍රයන් සින්ගර් අධ්‍යයක්ෂණය කළ ජැක් ද ගේන්ට් සේලර් සහ ඇන්ටනි අධ්‍යක්ෂණය කළ ඔලිම්පස් හෑස් ෆෝලන් චිත්‍රපට ද අසාර්ථක චිත්‍රපට අතරට එක්ව සිටියි.

මුන්ස්ටර් යුනිවර්සිටි චිත්‍රපටයද ලොව ඉහළ ආදායම් ලද චිත්‍රපට අතරට පැමිණෙන්නට වරම් ලබා ඇති චිත්‍රපටයකි. පරිගණක සජිවකරණ චිත්‍රපටයක් වන එය ලොවපුරා ප්‍රදර්ශනයෙන් ඉපැයු මුදල ඩෙලර්මිලියන 744ක්. ඩොලර් මිලියන 662ක් වාර්තා කළ මෑන් ඔෆ් ස්ටීල් ආදායම් වාර්තා අතර හයවැනි ස්ථානය හිමිකරගෙන ඇති චිත්‍රපටය යි.

අභ්‍යාවකාශ වීර චාරිකාවක් රැගත් ග්‍රැවිටි ඩොලර් මිලියන 652ක් වාර්තා කරමින් හයවැනි ස්ථානයේ පසුවෙද්දී තෝර් චිත්‍රපට මාලාවේ දෙවැන්න වන ද ඩාර්ක් වෝර්ල්ඩ් චිත්‍රපටය අටවැනි ස්ථානයට වැඩිම ආදායමක් වාර්තා කළේය. ලොවපුරා ප්‍රදර්ශනයෙන් ඩොලර් මිලියන 587ක් ඉපැයු ද ක්රූඩ්ස් පරිගණක සජීවකරණ චිත්‍රපටය නමවැනි ස්ථානය රැකගන්නා විටදී මාර්ක් ෆොස්ටර් අධ්‍යක්ෂණය කළ වෝල්ඩ්වෝර්ඩොලර් මිලියන 540ක් වාර්තා කරමින් ලොව ඉහළ ආදායම් ලද චිත්‍රපට අතර දසවැනි ස්ථානයට පැමිණියේය.

එමෙන්ම හොලිවුඩයේ පසුගිය වසර තුළ ඉහළම ආදායමක් ලද රංගන ශිල්පිනිය බවට පත්වී ඇත්තේ ඇන්ජලීනා ජොලී ය. ෆෝබ්ස් සගරාවට අනුව ඇය පසුගිය වසරේදී ඩොලර් මිලියන 33ක් වාර්තා කර තිබේ. දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිව ඇත්තේ ජෙනිෆර් ලොව්රන්ස් සහ ක්‍රිස්ටීන් ස්ටුවර්ට් හටය.

ඉහළම ආදායමක් ලද හොලිවුඩ් රංගන ශිල්පියා වන්නේ ඩොලර් මිලියන 75ක් වාර්තා කළ රොබට් ඩොව්නි ය.ඩොලර් මිලියන 60ක ආදායමක් වාර්තා කළ චානින්ටැටුම් දෙවැනි ස්ථානයට සහ ඩොලර් මිලියන 60ක ආදායමක් ලද හියු ජැක්මන් තෙවැනි ස්ථානයටත් පත්ව තිබේ.