වර්ෂ 2014 ක්වූ ජනවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




සුනිල් ටීගේ අපූරු කැමැත්ත

සුනිල් ටීගේ අපූරු කැමැත්ත

සුනිල් ටී. ප්‍රනාන්දු කියන්නේ මෙරට ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදකවරයෙක්. මේ වන විට සිංහල සිනමාවේ වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් නිර්මාණය කළ ඔහුගේ නවතම සිනමා නිර්මාණය දෝණි මේ දිනවල තිරගත කෙරෙනවා. සුනිල් ටී. ගැනත් අපට අපූරු ආරංචියක් දැනගන්නට ලැබුණා. ඒ සුනිල්ගේ අවසන් කැමැත්තක්. සමහරු තමන්ගේ අවසන් කැමැත්ත මොකක්ද කියලා කාටත් නොකිව්වට සුනිල් නම් ඔන්න ඒකෙන් ටිකක් පසුගිය දවසක් හෙළි කළා. ඇත්තටම ඒක අපූරු අවසන් කැමැත්තක්.

සුනිල්ගේ ගෙදර සුවිශේෂ තැනක පුංචි බාර් එකකුත් නිර්මාණය කරලයි තියෙන්නේ. මේ බාර් එකේ ලක්ෂ සියයකට අධික වටිනාකමකින් යුතු මත්පැන් වර්ගත් තිියෙනවා. ඒවා මොන තරම් ඉස්තරම් ද කිව්වොත් සමහර ඒවා ලෝකයේ ඉතාම දුර්ලභ ගණයේ ඒවා. ඉතිං සුනිල්ගේ අවසන් කැමැත්තේ තියෙන්නේ තමන් ජීවිතයෙන් සමුගන්නා දවසට මේ බාර් එකේ තියෙන මත්පැන් එදාට පැමිණෙන සියලුම හිත මිතුරන්ට බොන්න දෙන්න කියලාලු. ඒ වගේම අවසන් කටයුතු කෙරෙන අවස්ථාවේදී අසහාය ගායක එච්. ආර්. ජෝතිපාලගේ ගීත ප්‍රචාරය කරන්නත් ඕනෑ කියලයි සුනිල් කියන්නේ.