වර්ෂ 2014 ක්වූ ජනවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




වික්ටර් – නන්දා එක්වෙති

වික්ටර් – නන්දා එක්වෙති
සිරස අලුත් කටයුත්තක

ආචාර්ය වික්ටර් රත්නායක සහ විශාරද නන්දා මාලිනී එකමුතුවෙන් පවත්වනු ලබන විචිත්‍රවත් ගී ප්‍රසංගයක් මෙම මස 25 වැනි දින සිරස ස්ටයින් මැදිරි සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය. මෙහි මාධ්‍ය අනුග්‍රහය සිරස මාධ්‍ය ජාලයෙනි.

දිවයින පුරා දර්ශන වාර 25 ක් පමණක් මෙම ප්‍රසංගය පැවැත්වෙන බව සිරස ආරංචි මාර්ගවලින් හෙළිදරව් වෙයි. සිරස මඟින් මෙයට පෙර විශාරද නන්දා මාලිනිය ගේ ශ්වේත රාත්‍රිය ප්‍රසංග මාලාව සංවිධානය කළේය. මේ සංගීත ප්‍රසංගය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද 02 දා සවස රාජගිරිය සවරින් හෝටලයේ දී පැවැත්වීමට නියමිතය.