වර්ෂ 2014 ක්වූ ජනවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




ශ්‍රී සිද්ධාර්ථ ගෞතම දිල්ලි උළෙලේ සම්මාන දිනයි

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම දිල්ලි උළෙලේ සම්මාන දිනයි

පසුගිය දා නිමාව දුටු දෙවැනි දිල්ලි අන්තර් ජාතික චිත්‍රපට උළෙලේ (2013) හොඳම ලෝක චිත්‍රපටය ලෙස ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සම්මානය දිනා ගත්තේය. සිනමා උළෙලේ ආරම්භක චිත්‍රපටය වූයේද එම චිත්‍රපටය ය. විවිධ රටවල චිත්‍රපට 174 ක් විවිධ අංශයන් යටතේ මෙම උළෙල නියෝජනය කොට තිබිණ. හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගැනීම විශාල ජයග්‍රහණයක් බව එහි අධ්‍යක්‍ෂ සමන් වීරමන් සරසවියට දන්වා සිටියේය.

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ආචාර්ය නවීන් ගුණරත්නගේ නිෂ්පාදනයකි.

සිනමා උළෙලේ යාව ජීව සම්මානය පිරිනැමුනේ ප්‍රවීණ නළු ශත්රුගන් සිං ටය. හොඳම චිත්‍රපටය, හොඳම ලෝක චිත්‍රපටය ඇතුළු සම්මාන 25 ක් මෙම උළෙලේ දී පිරි නැමිණ. දිල්ලි සිනමා උළෙලේ දී ශ්‍රී සිද්ධාර්ථ ගෞතම තිරගත වූයේ සිනේමා අක්‍රොස් ද බොඩර් යන අංශය යටතේ වන අතර එයට ඇතුළත් වූ චිත්‍රපට සංඛ්‍යාව 09 කි. - ප්‍රසාද්