වර්ෂ 2014 ක්වූ ජනවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




චතුරිකා - ගයාන් එක්ව තැනූ ආත්මා අද සිට

චතුරිකා - ගයාන් එක්ව තැනූ ආත්මා අද සිට

ගයාන් වික්‍රමතිලක – චතුරිකා පීරිස් එක්ව ප්‍රථම වරට නිෂ්පාදනය කළ ටෙලි සිතුවම ‘ආත්මා’ අද සිට සතියේ සෑම දිනකම රාත්‍රී 7.30 ට ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වේ.

ආත්ම දෙකක් අතර දොලනය වන කතා පුවතක් වන මෙහි ගයාන් – චතුරිකා සුපෙම්වතුන් ලෙස රංගනයේ යෙදෙයි.

ක්ලීටස් මෙන්ඩිස්, ලයනල් වික්‍රම, මොරීන් චාරුනී, මානෙල් වානගුරු, රමණී සිරිවර්ධන, නිරෝෂා තලගල, අනුර බණ්ඩාර රාජගුරු, කමල් දේශප්‍රිය, විශ්ව ලංකා, මේනකා මධුවන්ති, රූපා ගොමස්, දයාසිරි හෙට්ටිආරච්චි, චමිල අත්තනායක ඇතුළු පිරිස මෙහි සෙසු චරිතයන් රඟති.

ආත්මා අධ්‍යක්ෂණය මෙන්ම කැමරාකරණය ජනක චමින්ද අත්තනායකගෙනි. චින්තක පීරිස් තිර රචනයෙන්ද, දිනේෂ් සුබසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වෙයි. අංග රචනය චමින්ද ගුණතිලකගෙනි.

අසුන් මල්වත්ත සංස්කරණයෙන් ද, මංජුල ගුණවර්ධන නිෂ්පාදන කළමනාකරණයෙන් ද, ශෙහාන් ඉද්දමල්්ගොඩ සහාය අධ්‍යක්ෂණයෙන් ආත්මා සමඟ එක් වී සිටිති.