වර්ෂ 2014 ක්වූ ජනවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




සහන් විජේසිංහගේ මව මිය යයි

සහන් විජේසිංහගේ මව මිය යයි

චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු මෙන්ම රංගන ශිල්පියකු ද වන සහන් විජේසිංහගේ මව වන සීලවතී විජේසිංහගේ අවසාන කටයුතු පසුගියදා බොරැල්ල කනත්තේදී සිදු කෙරිණ. මිය යන විට අසූවන වියේ පසු වූ ඇය දියණියන් පස් දෙනකුගේ හා පුතණුවන් සිව් දෙනෙකුගේ මවකි. ඇය ජනපි‍්‍රය නිළි ගයනා සුදර්ශනිගේ නැන්දණිය ද වේ.

මාලා එල්ලාවල මිය යයි

‘බඩුත් එක්ක හොරු’, ‘හිත ගිය තැන’ චිත්‍රපටවල රඟපෑ මාලා එල්ලාවල පසුගියදා (31) අභාවප්‍රාප්ත වූවාය.

ඇයගේ අවසාන කටයුතු අද දින (2 වැනිදා) ගල්කිස්ස සුසාන භූමියේදී සිදු කෙරේ. මිය යන විට හැටදෙහැවිරිදි වියේ පසු වූ ඇය පැරැණි චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ හර්බට් රූපසිංහගේ භාර්යාව වන අතර සම්මානනීය කෙටි චිත්‍රපට අධ්‍යක්ෂ ලක්නව් ප්‍රියනාත් රූපසිංහගේ මෑණියන් ද වෙයි.