වර්ෂ 2014 ක්වූ ජනවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




සැමීගේ කතාව ළඟදීම

සැමීගේ කතාව ළඟදීම

ඇමරිකාවෙ නිව්යෝර්ක් සිටි ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම නළුවා හැටියට ජගත් චමිල සම්මානය දිනා ගත් සැමීගේ කතාව සිනමාපටය පරාවර්තනට පසු රීගල් ප්‍රමුඛ සිනමාහල්වල තිරගතවීමට නියමිතය.

කපිතාන් එල්මෝ ජයවර්ධනගේ සම්මානනීය නවකතාවක් වූ සෑම් ස්ටෝරි ඇසුරෙන් නිර්මාණය වූ මෙහි සනත් ගුණතිලක, මැණික් කුරුකුලසූරිය, නිල්මිණි බුවනෙක, වික්ටර් රාමනායක, කුසුම් පෙරේරා, වතික රවිනාත්, තෙසාරා ජයවර්ධන, විල්මන් සිරිමාන්න, විනී වෙත්තසිංහ ඇතුළු පිරිස රඟති.

සහාය නිෂ්පාදනයෙන් සහ සහාය අධ්‍යක්ෂණයෙන් විමල් දේශප්‍රිය ද, සරත් විජේසේකර නිෂ්පාදන කළමනාකරණයෙන් ද, රුවන් කොස්තා කැමරාකරණයෙන් ද, වෙළේගෙදර රණසිංහ කලා අධ්‍යක්ෂණයෙන් ද දායක වූ මෙහි අංග රචනය හේමන්ත ගමගේගෙනි.

සැමීගේ කතාව අධ්‍යක්ෂණය ප්‍රියංකර විතානාච්චිගෙනි.