වර්ෂ 2014 ක්වූ ජනවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




F E E D B A C K

අලුත් අවුරුද්දේ අලුත් ප්‍රතිචාරවලට වැඩි ඉඩක්.

අද දකින නිර්මාණ ගැන අදහස්වලට වැඩි ඉඩක් යොමු කරමු.

ලිපි මගින් Feedback සරසවිය, ලේක්හවුස්, කොළඹ 10. sms 0752805047. sms එවද්දී ඔබේ නම ගම සඳහන් කරන්න.

ක්ලැරන්ස් හා නලීන්

බොක්ස් ගිටාරයේ තත් අතරින් සුන්දර නාද රටා මවමින් සුමියුරු ගීත රැසක් සිය ලයාන්විත හඬින් ගැයූ ක්ලැරන්ස් විජේවර්ධන ශ්‍රී ලාංකේය කණ්ඩායම් සංගීතයට පුරෝගාමි මෙහෙයක් සිදු කළ සොඳුරුතම මිනිසෙකි. කිසිදා නොමියෙන ජනප්‍රිය ගීත රැසක් රචනය කළා වූ ඔහුගේ ගීත වත්මන් සංගීත ක්ෂේත්‍රය තුළ නැවත ගායනා කිරීම වැඩිවෙමින් පවතියි. මෙලෙස ක්ලැරන්ස්ට උපහාර දක්වනවා යයි කියමින් එම ගීත නොමරා මරන මෙවන් කාලයක මේරියන්ස් නායක නලීන් පෙරේරා ක්ලැරන්ස්ගේ ගීතවලට නිසි වටිනාකමක් ලබා දීමට ගන්නා උත්සාහය අගය කළ යුතුය. එමෙන්ම තලවතුගොඩ තලපත්පිටිය පාර ක්ලැරන්ස් විජේවර්ධන මාවත ලෙස නම් කිරීමටත් ඔහුගේ ප්‍රතිමාවක් සෑදීමට ගන්නා උත්සාහයට නලීන් පෙරේරා ප්‍රමුඛ මේරියන්ස් සංගීත කණ්ඩායෙමට මාගේ ප්‍රණාමය.
 

ඩබ්ලිව්. ලෙනාඩ් ප්‍රනාන්දු

බටහිර අධිකාරිමුල්ල

ආකාස කුසුම

නිළි රැජන මාලිනියට
එතෙර මෙතෙරින් ලබා පැසසුම්
පැළඳුවා නිළි රැජන කිරුළක්
නීල ගගනක දිදුලනා ඔබ
විටෙක විය ආකාස කුසුමක්
ලොවේ කොතැනක සුපුනත්
මතුදාක දැන් බාඳුරා කුසුමක්
නම් කළා ඔබ නමින් ඒ මල
ඔබට දී උපහාරයක්


නීටා මාසලින්

කැලණිය

88 යි තවම උදාරයි

උදා ගී, එදා රිදී තිරෙන්, මතකයේ රැඳුණු ගී, චිත්‍රපට ගී, විනෝද සමය වැනි වැඩසටහන් අදත් එලෙසම ලබා දෙන මතකය ඈත අතීතයට ගෙන යයි. වයස අවුරුදු අසූ අටක් වන ජාතික ගුවන් විදුලියට තවත් චිරාත් කාලයක් වැජඹේවා යැයි පතමි.

අතුල රම්‍යසිරි

පානදුර

සුරේන්ද්‍ර වෙන්ව 16 යි

ජී. ඩබ්ලිව. සුරේන්ද්‍ර කලාකරුවා අප අතරින් වෙන් වී අවුරුදු 16 කි. 1997 දෙසැම්බර් 31 දින එතුමා මෙලොවින් සමු ගත්තේය. යශෝරාවයහි විශ්‍රාමික රජයේ සේවකයා (වීරසේකර) සුදු හාමිනේ සමඟ කළ ඒ විශිෂ්ට සම්මානනීය රංගනය අපට එකල අති මහත් ආශ්වාදයක් ලබා දුන් චරිතයකි. එපමණක් නොව හංස විලක් චිත්‍රපටයේ කළ රඟපෑම ප්‍රේක්ෂක, විචාරක පැසසුමට ලක් විය. පුවත්පත් කිහිපයකම වැඩ කළ අති දක්ෂ අදීන ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙකු විය.

ඩඩ්ලි ගෝමස්

මොරටුව

සිරීගේ භාග්‍යය

සිරීගේ ඉරණම නාට්‍යයේ සාගරගේ චරිතයට පණ පොවන ජගත් ඇපළදෙනියට කලා ලොවේ දිගු ගමනක් යාමට සුබපතමි. ඔහුට හරි යනම චරිතයක් ලැබිලා තියෙනවා කියලා කියන්න පුළුවනි.

මයුරි, චමෝදි, තාරුකා, ගංගා, නාලන්, විරාජ්, නිමල්, අජිත්

කුරුණෑගල

ඉහිරුණු කිරි අර්ථවත්

ජාතික නාලිකාවෙන් විකාශය වූ ඉහිරුණු කිරි ටෙලි නාට්‍යය ඉතාමත් අර්ථවත්ය.

සමන්තිකා මද්දුමආරච්චි

නිහාල් ගුණසිරි

සරත් මද්දුමආරච්චි

වෑත්තෑව

සිරීගේ භාග්‍යය

සිරීගේ ඉරණම නාට්‍යයේ සාගරගේ චරිතයට පණ පොවන ජගත් ඇපළදෙනියට කලා ලොවේ දිගු ගමනක් යාමට සුබපතමි. ඔහුට හරි යනම චරිතයක් ලැබිලා තියෙනවා කියලා කියන්න පුළුවනි.

මයුරි, චමෝදි, තාරුකා, ගංගා, නාලන්, විරාජ්, නිමල්, අජිත්

කුරුණෑගල

එදත් අදත් හෙටත් කවදත් අපේ සුපිරි තරුව නිහාල් නෙල්සන් විතරමයි. ඔහුගේ ප්‍රසංගයේ ඩී. වී. ඩී. තැටිය සැමදාකම මම රස විඳින්නෙමි.

පෙරේරා

මොරටුව

බොළඳ වුණත් ඒ බොළඳකම නොමැතිව අපට රසවින්දනය දුන් ඉස්සර හැදුණ චිත්‍රපට හරි ආකර්ශනීයයි. ඒකට අද චිත්‍රපට කර්මාන්තය ගන්න දෙයක් නැහැ.

අබේරත්න

මිනුවන්ගොඩ

සීතල දිය පිරි සුනිල විලයි
ඒ විල මැද ඔබ සුනිල මලයි
සුනිල් එදිරිසිංහයාණෙනි

අප හදවත් මැද පිපි ගී මල නුඹයි.

සපුමල් සේනාරත්න

කළුතර

ටී. වී. චැනල්වල විකට වැඩසටහන් කියා ඉදිරිපත් කරන ඒවායේ කිසිම විකට බවක් නැහැ. දැඟලුවාට, උඩ පැන්නාට හිනා යන්නේ නැහැ. ශක්තිමත් තිර පිටපතක් ඒකට ඕනේ.

අමිල

කළුවාමෝදර

හරසුන් බොළඳ නවකතා අතරට පැමිණි සෙංකොට්ටං අපව කුල්මත් කළා. එය රචනා කළ මහින්ද ප්‍රසාද් මස්ඉඹුලට තුති. එමෙන්ම එය අනුසාරයෙන් ටෙලි නාට්‍යයක් කරන්නට යැයි ඉල්ලමි.

ඉෂාන්

කොළඹ

උදයකාන්ත මහත්තයෝ රන්කෙවිට චිත්‍රපට මාලාවේ තෙවැන්නත් ඉතාම ඉක්මනින් නිර්මාණය කරන්න.

ලක්මාලි

වරකපොළ

පුන්සිරි සොයිසා ගීත ලොවට පුන්සඳක් වැනිය. මේ බස් නැවතුම, පුන්සඳෙන් රැස් ආදී ගී එදත් අදත් කවදත් රස විඳිය හැකි ගීත වශයෙන් හඳුන්වා දිය හැකිය.

කපිල

මාවනැල්ල

භාග්‍යා හෙට්ටිආරච්චිට

ඔයා ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කරන මහරජ ගැමුණු චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා නම් අපි ගොඩාක් කැමතියි.

සුමුදු තරංග

රත්නපුර

රන්තරු ටෙලි සිතුවමේ ඉෂාරා සඳමිණිගේ රංගනය නම් මරු. නව පරපුරේ නිළියන් ඔක්කොම පරාදයි. ඇයගේ රුව ඉතාම ඉක්මනින් සිනමාවටත් එන්න.

වසන්තා

බියගම

ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්ති බැලීමට එපා වෙනවා. මන්ද යත් සමහර අපරාද ගැන ඔවුන් පෙන්වන්නේ එඩිට් කරන්නේ නැතුව. ඕනෑම දෙයක් ඕනෑවට වඩා මාකට් කරන්න එපා. විශේෂයෙන් අපරාද වගේ ඒවා.

හර්ෂ

මතුගම

මුතුපලස ටෙලි නාට්‍යයට කවුරු මොනවා කිව්වත් ඒක හරිම ලස්සනයි. ඒකෙන් කොයි කාගෙත් වැරැදි පෙන්වන කොට වැරැදි කරන අයට නම් අමාරු ඇති. නොනවත්වාම මුතුපලස ඉදිරියට ඇදෙත්වා.

රොෂානි

අලව්ව

ගුවන් විදුලි නිවේදිකාවන්ගේ භාෂාව ගැන කොහෙත්ම සෑහීමකට පත්විය නොහැක. ගිරවියන් මෙන් කියව කියවා ගුවන් විදුලියෙන් ද අපව ඈත් කරයි. දැන්වත් ගුවන් විදුලියට ප්‍රමිතියක් ඇති කරන්න.

ශාන්ති

ගාල්ල

මෙරට පවත්වන සම්මාන උළෙලවල් ගැන මට නම් සෑහීමකට පත් විය නොහැක. ඒවාහී ඉහළම සම්මානය ගන්නා නිර්මාණයන් නරඹද්දී ප්‍රේක්ෂක අපට දැනුණේ කනගාටුවකි. මා නම් වශයෙන් සඳහන් නොකළාට ඒවා මොනවාද යැයි ඔබට දැනෙන්නට ඇත. ලංකාවේ පවත්වන සම්මාන උළෙලයන්හි විනිශ්චය මණ්ඩලයන්ට උගත් සහ එම කලා ක්ෂේත්‍රයන්ට අදාල අයව යොදා ගන්න.

නාමල් තිසේරා

මීගමුව

රන්ජන් රාමනායකගේ නවතම චිත්‍රපටය නවරියන්, වන්ෂොට්, පාර්ලිමන්ට් ජෝක්ස් වාගේම ජනප්‍රිය වේවා. අපේ නළු රජා ඔබයි.

ලක්මාලි

වරකාපොළ

රන්ජන්, අර්ජුන් එකට රඟන රජ හොරු සිනමාපටය මම නැරැඹුවෙමි. ඔවුන් දෙපොළ එලෙස එකට රංගනයේ යෙදීම ලාංකේය සිනමාවට ලොකු හයියක් බව කිව යුතුය.

නිලන්ත

දෙයියන්දර

ධම්මික ඇල්හේන

ගලහ

කෝරළේ මහත්තයා හි වසන්ත කුමාරවිල කදිරා ලෙස රඟන අන්දම වචනයෙන් විස්තර කළ නොැහක. මුවන් පැලැස්සේ කදිරා ජීවමානවම දැන් අපි දුටවෙමු. පුංචි තිරයේ අපේ කදිරා ඔබයි.

වික්‍රම

මිද්දෙණිය

භාග්‍යා ගුරුසිංහ චූටියට හිටියට බලන්න එපායැ රඟපාන අපූරුව. හරියට ගම්මිරිස් වගේ. පුංචියි ඒත් සැරයි.

තරිඳු

මාතර

මලී 2 අත්තම්මා අපේ සිංහල වෙදකම, අපේකම ඉතා හොඳට දැනෙන්න හැරියා. ඩිංගිරි අම්මා, උක්කුවා මාමේ ඔබ දෙපොළ හරිම දක්ෂයි. හරියට ගමේම ඇත්තම චරිත දෙකක් වගේ.

චමින්ද

නිලන්ත

සන්ධ්‍යා

රොසාන්

ගම්පහ