වර්ෂ 2014 ක්වූ ජනවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




ෂේන් ගුණරත්න – එච්. ඩී. කුලතුංග ඥාතීන් වෙතොත් සරසවිය අමතන්න

ෂේන් ගුණරත්න – එච්. ඩී. කුලතුංග ඥාතීන් වෙතොත් සරසවිය අමතන්න

ජනවාරි 21 වැනිදාට යෙදෙන සිංහල සිනමාවේ 67 වැනි උපන් දිනය වෙනුවෙන් මුද්දර කාර්යාංශය විසින් මේ වන විට සිනමාවේ සිටි දුෂ්ට චරිත රඟපෑමෙන් කීර්තියට පත් ෂේන් ගුණරත්න, එච්. ඩී. කුලතුංග, පියදාස ගුණසේකර, ඩොමී ජයවර්ධන යන ශිල්පින්ගේ මුද්දර හතරක් නිකුත් කිරීමට නියමිතය.

මේ නළුවන්ගෙන් ෂේන් ගුණරත්න හා එච්. ඩී. කුලතුංග යන ශිල්පීන්ගේ නෑ - හිත මිත්‍රාදියකු මුද්දර කාර්යාංශයට අවශ්‍යව ඇති බැවින්, එවන් කෙනෙකු වෙත් නම් සරසවිය පුවත්පතට 011-2429586 අංකය යටතේ ප්‍රධාන කර්තෘවරයා අමතන ලෙස ඉල්ලා සිටී.