වර්ෂ 2014 ක්වූ ජනවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




2013 වසර ගෙවී ගියා මෙසේ . . . .

2013 වසර ගෙවී ගියා මෙසේ . . . .

චිත්‍රපට 14 යි. අලුත් අධ්‍යක්ෂවරු 6 යි

* ජනවාරි 21

සිංහල සිනමාවට හැට හය වසරක් හා ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවා වසර හතළිස් එකක් පිරෙයි. ඒ වෙනුවෙන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීීරිස් සිනමාවේදියාට උපහාර පිදීම ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදී සිදු වූ අතර ආචාර්ය ලෙස්ටර් පිළිබඳ ලියැවුණු ‘අසිරිමත් සිනමාවේදියා’ කෘතිය එළි දැක් වෙයි.

* ජනවාරි 29

රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල අට වැනි වරටත් කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාවේදී.

* පෙබරවාරි 09

ඇන්ජලින් ගුණතිලකගේ ‘ඇන්ජලින් ලයිව් ඉන්කොන්සර්ට්’ සිනමා ගීතාවාලෝකනය නෙළුම් පොකුණ රඟහලේදී.

* පෙබරවාරි 11

නුවන් නයනජිත් කුමාර රචිත ‘නිහාල්සිංහ - පුරෝගාමී තෙවන ඇස’ කෘතිය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එළි දැැක්වෙයි.

ඉන්දියාවේ පැවැති ජ්‍යාපූර් ජාත්‍යන්තර සිනමා උළෙලේදී නීටා ප්‍රනාන්දු නිෂ්පාදනයෙන් දායක වූ සංජය නිර්මාල් අධ්‍යක්ෂණය කළ ‘ස්වර’ සිනමාපටයට ‘ග්‍රීන් රෝස්’ සම්මානය හිමි වෙයි.

* පෙබරවාරි 16

ජනකාන්ත කලාකරුවකු වූ විජය කුමාරණතුංගයන්ගේ 25 වැනි ගුණානුස්මරණය.

* පෙබරවාරි 17

සුනිල් ලීනස් විසින් රචිත විජය කුමාරණතුංග ‘සිනමාව හා දේශපාලනය’ කෘතිය එළි දැක්වීම.

බී. සිරිතුංග පෙරේරාගේ කලා දිවියට වසර හතළිස් අටක් සපිරීම නිමිත්තෙන් ‘සිරි අසිරිය – 48’ කලා පෙළහර අභිනන්දන උළෙල ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි.

* පෙබරවාරි 18

ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ 71 වැනි උපන් දිනය නිමිති කර ගනිමින් ඔහු සිය දරු මුනුපුරන් සමඟ ‘ඉර, හඳ, තරු’ ගී ප්‍රසංගය කොළඹ මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී ඉදිරිපත් කරයි.

04 වැනි රාජ්‍ය නාට්‍ය උළෙලේ සමාරම්භක දිනය, දිගු නාට්‍ය 05 ක් සහ කෙටි නාට්‍ය 13 ක් මේ සම්මාන උළෙලට ඉදිරිපත් කර තිබේ.

* පෙබරවාරි 19

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ප්‍රත්‍යාවලෝකන සිනමා උළෙලක් විදෙස් රටක ප්‍රථම වරට සංවිධානය කළ ලෝ පතළ සිනමා විචාරක ඩොනල්ඩ් රිචී ගේ අභාවය.

* පෙබරවාරි 20

රජයේ චිත්‍රපට අංශය මගින් සංවිධානය කළ ‘ප්‍රතිබැහැ දැක්ම’ වාර්තා හා ප්‍රවෘත්ති චිත්‍රපට උළෙල පෙබරවාරි 20 – 23 දක්වා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි.

* පෙබරවාරි 24

ප්‍රකට සිනමා විචාරක ඈෂ්ලි රත්නවිභූෂණ හා එම්. එල්. එම්. මන්සූර් විසින් රචිත ‘අර්ලි ශ්‍රී ලන්කන් සිනමා ඇන්ඩ් ඉට්ස් ඇසෝසියේෂන් විත් ද සවුත් ඉන්දියන් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි’ කෘතියේ දොරට වැඩුම.

* මාර්තු 01

තුර්කි සංස්කෘතික ආයතනය සංවිධානය කළ සිනමා උළෙලක් මාර්තු 01 සිට 03 දක්වා මරදානේ එක්සෙල් වර්ල්ඩ් හිදී.

* මාර්තු 02

ශ්‍රී ලාංකේය ගායක, ගායිකා සංගමය සංවිධානය කළ ‘අමරණීය ගී පැදුර’ එන්. සී. සී. ක්‍රීඩාංගනයේදී.

* මාර්තු 08

ප්‍රවීණ සිනමා නිළි ගීතා කුමාරසිංහ විසින් සංවිධානය කළ ‘ගාමිණී ලිය අබිමන්’ ගාලු දිසා රූසර මංගල්‍යය බෙන්තර නගරයේදී.

* මාර්තු 15

ජනප්‍රිය ගායක නිහාල් නෙල්සන්ගේ ගායන දිවියට 50 වසරක් සපිරීම නිමිත්තෙන් ‘වසර 50 යි, නිහාල් ඇවිත්’ ගී ප්‍රසංගය මියුසියස් රඟහලේදී.

* මාර්තු 15

ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ බර්මින් ලයිලි ප්‍රනාන්දුගේ කලා දිවිය සමරමින් ‘බර්මින් ලයිලි හරසර ප්‍රණාම උළෙල’ කොළඹ මහවැලි කේන්ද්‍රයේදී.

* මාර්තු 15

2012 – 2013 රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

* මාර්තු 29

බොන්ෂුවා සිනමා දැක්ම මාර්තු 29, 30, 31 සහ අප්‍රේ්ල් 06, 07 දිනයන්හි කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී.

* අප්‍රේල් 10

ශ්‍රී ලංකාවේ ජාතික කලා පුවත්පත ‘සරසවිය’ට පනස් වසරක් සපිරෙයි.

* මැයි 06

කොළඹ විශ්ව විද්‍යාලයේ ‘සරසවි මිතුරෝ’ සංවිධානය කරන ලද ‘ලක් අඹර අභිනන්දන සම්මාන උළෙල’ එම විශ්ව විද්‍යාලයීය නව රංග ශාලාවේදී.

2012 – 2013 රයිගම් සම්මාන උලෙළ වෝටර්ස් ඒජ්හිදී.

* මැයි 26

තුන්වැනි සාක් සිනමා උළෙල ආරම්භය තරංගනී සිනමාහලේදී.

* මැයි 31

සාක් උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය.

* ජූනි 02

රත්න ශ්‍රී විජේසිංහ ‘උල්පත පාමුල’ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී.

* ජූනි 04

ප්‍රීති රන්දෙණිය ලියූ ‘කැට කිරිල්ලී’ දොරට වැඩුම කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී.

* ජූනි 13

ප්‍රවීණ සිනමාවේදී තිස්ස ලියනසූරිය ශ්‍රීපාලි ප්‍රණාම සම්මානයෙන් පිදුම් ලබයි.

* ජූනි 21

ජනප්‍රිය රංගන ශිල්පී ජගත් චමිල ‘නිව්යෝක් සිටි අන්තර් ජාතික සිනමා උළෙලේ’ හොදම නළුවා සම්මානයට පාත්‍ර වීම.

* ජූනි 21

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ජන්ම ශත සංවත්සර සැමරුම පදනම් ආයතනයේදී.

* ජූනි 25

ප්‍රවීණ සංගීතවේදී සරත් වික්‍රම සජීවී ගී නිර්මාණ ප්‍රසංගය හා ඇගයුම් උළෙල කොළඹ මහජන පුස්තකාලයේදී.

* ජූලි 06

ප්‍රවීණ සංගීතවේදී සරත් ද අල්විස් ගේ ‘සරත්සර වින්දන’ ප්‍රසංගය නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී.

‘අමරදේව ජාතියේ ස්වර්ණ ස්වරය’ ග්‍රන්ථය ශ්‍රී ලංකා පදනම ආයතනයේදී එළි දකියි.

ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සාහිත්‍යසූරී ගෞරව උපාධියෙන් පිදුම් ලබයි.

* ජූලි 12

අබේවර්ධන බාලසූරිය, නිරංජලා සරෝජිනී යුවළ කලකට ඉහත ගැයූ දේශාභිමාන ගී සරණිය ‘රන්දිවයින’ සංයුක්ත තැටිය දොරට වැඩුම සහ ගී ප්‍රසංගය පදනම් ආයතනයේදී.

* ජූලි 12

නිව්යෝක් සිටි අන්තර් ජාතික සිනමා උළෙලේ අබිසෙස් ලැබූ ජගත් චමිල ‘සිනෙස්ටාර්’ පදනමෙන් උපහාරයට ලක් වෙයි. එය පැවැත් වූයේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර රඟහලේදීය.

චන්ද්‍රන් රත්නම් අධ්‍යක්ෂණය කළ ‘කොමන් මෑන්’ චිත්‍රපටයට ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් ජාත්‍යන්තර සම්මානය හිමිවේ.

අරිසෙන් අහුබුදු සූරීන්ගේ දෙවැනි ගුණ සැමරුම නිමිත්තෙන් ‘අතු අගැ දිලි මල්’ අහුබුදු මියැසි මිහිර කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී.

* ජූලි 20

විශාරද බණ්ඩාර අතාවුදගේ ‘රුවන් තාරකා’ ගී ප්‍රසංගය හා ‘දහසක් පිපි මල්’ ගී එකතුව කොළඹ මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී එළි දකියි.

‘නිව්යෝර්ක් සිටි’ ජාත්‍යන්තර සිනමා උළෙලේදී ලොව හොඳම නළුවා ලෙසින් සම්මානයට පාත්‍ර වූ ජගත් චමිලහට ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් සේවා අමාත්‍ය විමල් වීරවංශ වෙතින් නව නිවසක හිමිකම් ප්‍රදානය.

* ජූලි 23

සිනමාවේදී විමුක්ති ජයසුන්දර නිර්මාණය කළ ‘සුළඟ එනු පිණිස’, ‘අහසින් වැටෙයි’, ‘චත්‍රක්’ චිත්‍රපට ත්‍රිත්වය ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ප්‍රදර්ශනය කිරීම.

බංග්ලාදේශයේ අටවැනි සිටිසෙල් චැනල් අයි ජාත්‍යන්තර සංගීත සම්මාන උළෙලේදී ප්‍රවීණ සංගීත ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායකයන් ජීීවිතයේ වරක් පමණක් ලැබෙන සිටිසෙල් චැනල් අයි සම්මානයෙන් පිදුම් ලැබීම.

* අගෝස්තු 01

ජාතික තරුණ සේවා සභාව සංවිධානය කළ ‘ශ්‍රී ලංකා යූත් සිනමැටික් හාවස්ටි – 02’ වාර්තා සහ කෙටි චිත්‍රපට උළෙලේ සම්මාන සහ සහතික පත් ප්‍රදානෝත්සවය.

* අගෝස්තු 01

වාර්තා හා කෙටි චිත්‍රපට උළෙල 2012 සම්මාන පිරිනැමීම ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී

* අගෝස්තු 09

* ලෙලුම් රත්නායකගේ’ලෙලුම් in consert ප්‍රසංගය බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී.

* අගෝස්තු 31

වැනිස් අන්තර් ජාතික සිනමා උළෙලට වසර හැත්තෑ පහක් පිරීම නිමිත්තෙන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘නිධානය’ එම චිත්‍රපට උළෙලේ ප්‍රදර්ශනය කිරීම.

* සැප්තැම්බර් 01

පියසේන වික්‍රමගේ විසින් රචිත ‘බයස්කෝප් උන්මාදය’ කෘතිය දොරට වැඩීම.

* සැප්තැම්බර් 01

රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සැප්තැම්බර් 01 සිට 15 දක්වා ජෝන් ද සිල්වා රඟහලේදී.

* සැප්තැම්බර් 02

හංසරාණි ‘ලන්ත්‍රා ගී මාත්‍රා’ හරූන් ලන්ත්‍රා උපහාර ගී ප්‍රසංගය ටවර් රඟහලේදී.

* සැප්තැම්බර් - 05

ජනපි‍්‍රය ගායන ශිල්පිනී එස්. කලාවතී ගේ නවතම ගීත එකතුව ‘කවි ගී’ සංයුක්ත තැටිය දොරට වැඩුම.

* සැප්තැම්බර් - 07

ප්‍රවීණ කලා ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් ගේ දසක පහක කලා දිවිය සමරමින් “සුවඳ පද්ම” උපහාර උළෙල කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී.

* සැප්තැම්බර් - 12

ප්‍රකට සාහිත්‍යවේදී ජී. බී. සේනානායක ජන්ම ශත සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ ප්‍රණාම උළෙල සිංහල සංස්කෘතික ආයතනයේදී.

* සැප්තැම්බර් - 27

දෙවැනි “දෙරණ – ලක්ස් සිනමා සම්මාන උළෙල මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී.

* ඔක්තෝබර් – 10

සෝමවීර සේනානායකයන් ගේ රූපවාහිනී තිර රචනා කලාවට තිස් වසරක් සපිරීම නිමිත්තෙන් සංහිද සහෘද කලා විමංසා එකමුතුව සංවිධානය කළ “තිස් වසරක රූපවාහිනී පන්හිඳ” හා “ප්‍රණාම උළෙල” මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී.

ප්‍රවීණ මාධ්‍යවේදී, සිනමා විචාරක සුනිල් මිහිඳුකුල රචිත “ලෝකයේ ශ්‍රේෂ්ඨ සිනමා නිර්මාණ” කෘතිය දොරට වැඩුම.

* ඔක්තෝබර් - 19

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව සහ වියට්නාම් තානාපති කාර්යාලය එක්ව දෙවැනි වරටත් ඉදිරිපත් කළ ‘වියට්නාම් චිත්‍රපට උළෙල’ 19 – 21 දක්වා තරංගනී සිනමා ශාලාවේදී.

‘අබා’ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වූ ජස්ටින් බෙලගමගේ රචිත “ලෝක ඉතිහාසයේ මං සලකුණු” කෘතිය දොරට වැඩුම.

* ඔක්තෝබර් - 25

සිරිසේන විමලවීර ප්‍රණාම උළෙල සිංහල සංස්කෘතික ආයතනයේ ගාමිණී ෆොන්සේකා සමරු ශාලාවේදී.

* ඔක්තෝබර් – 25 - 27

පෝලන්ත සම්භාව්‍ය සිනමා උළෙල තරංගනී සිනමා ශාලාවේදී.

* ඔක්තෝබර් - 26

රුක්මණී දේවී සැමරුම් ගී ප්‍රසංගය සව්සිරිපායේදී.

* ඔක්තෝබර් - 30

18 වැනි සුමති ටෙලි සම්මාන උළෙල.

* නොවැම්බර් - 01

ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් වියෝවී වසර පහක් පිරීම නිමිත්තෙන් “හංස විල” ප්‍රාසංගික උපහාර උළෙල මහරගම ශ්‍රී ලංකා යූත් ශ්‍රවණාගාරයේ දී.

* නොවැම්බර් - 02

විශාරද නන්දා මාලිනී ඉදිරිපත් කළ ඒක පුද්ගල ගී ප්‍රසංගය “නන්දා මාලිනී ගී යාත්‍රා” කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී.

* නොවැම්බර් – 05 - 11

පොදු රාජ්‍ය මණ්ඩලීය සිනමා උළෙල ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදී.

“මාස් ලංකා” අටවැනි සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ ප්‍රසන්න විතානගේ හතළිස් තුන්වැනි ඉන්දියානු අන්තර් ජාතික සිනමා උළෙලේ ජූරි සභිකයකු ලෙස තේරී පත්වීම.

* නොවැම්බර් - 24

ජනපි‍්‍රය ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල් ගේ “Keerthi Acoustica Unplugged Live In Concerd” ප්‍රසංගය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර නව සම්මන්ත්‍රණ ශාලාවේදී.

* නොවැම්බර් - 27

“ආචාර්ය තිස්ස අබේසේකර හරසර උළෙල” සමීප රූප තිස්ස අබේසේකර අභිනන්දන උළෙල.

* නොවැම්බර් 28

06 වැනි යුරෝපීය සිනමා උළෙල දෙසැම්බර් 06 දක්වා තරංගනී සිනමා ශාලාවේදී.

* නොවැම්බර් 29

ප්‍රවීණ නාට්‍යවේදී බන්දුල ජයවර්ධන 10 වැනි ගුණ සැමරුම ටවර් රඟහලේදී

* දෙසැම්බර් 01

‘මේරියන්ස්’ සංගීත කණ්ඩායම ඉදිරිපත් කළ Clarence Unplugged Live in Consert ප්‍රසංගය මියුසියස් ශ්‍රවණාගාරයේදී

* නොවැම්බර් 07

37 වැනි සිග්නීස් උත්තමාචාර උළෙල තරංගනී සිනමා ශාලාවේදී.

* දෙසැම්බර් 11 - 12

ජයලත් මනෝරත්න නවතම නාට්‍ය නිර්මාණය ‘සෙල්ලං නිරිඳු’ බිෂොප් විද්‍යාලයීය රඟහලේදී

* දෙසැම්බර් 18

ප්‍රවීණ ගායන ශිල්පී රොම්ලස් පෙරේරාට ගුවන් විදුලියෙන් උපහාර පිදුණේ ඔහුගේ ගායන දිවියට පනස් වසරක් සපිරීම නිමිත්තෙනි.

* දෙසැම්බර් 20

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ‘ගම්පෙරළිය’ චිත්‍රපටය තිරගත වී වසර පනහක් සපිරීම.

* දෙසැම්බර් 21

දෙවැනි දිල්ලි අන්තර් ජාතික සිනමා උළෙලේ සමාරම්භක චිත්‍රපටය ලෙස ‘ශ්‍රී සිද්ධාර් ගෞතම’ චිත්‍රපටය ප්‍රදර්ශනය වෙයි.

* දෙසැම්බර් 26 සිට ජනවාරි 01

ඉන්දියාවේ බැංගලෝර්හි පැවැති 06 වැනි බැංගලෝර් සිනමා උළෙලේ ජූරි සභාපති ලෙස ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ධර්මසේන පතිරාජ තෝරා පත් කර ගැනිණ. එම සිනමා උළෙලේදී මාලිනී ෆොන්සේකා ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්මක් පැවැත්වීම.

නිළි රැජන මාලිනී ෆොන්සේකා ඔස්ට්‍රේලියාවේ ආසියා පැසිපික් සම්මාන උළෙලේ ජූරි සාමාජිකාවක් ලෙස තෝරා ගැනීම.

* දෙසැම්බර් 27

ශ්‍රී සිද්ධාර් ගෞතම දිල්ලි සිනමා උළෙලේ දී සම්මානයට පාත්‍රවේ.

* දෙසැම්බර් 29

ප්‍රවීණ සිනමාවේදී වසන්ත ඔබේසේකරයන්ගේ 75 වැනි උපන් දිනය නිමිත්තෙන් ඇගැයුම් උළෙලක් ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේ පැවැත්වෙයි.

ඔවුහු අප අතරින් සමු ගත්හ

* ජනවාරි - 14

ප්‍රවීණ රංගන ශිල්පී වික්‍රම බෝගොඩ අභාවය

* ජනවාරි - 27

ප්‍රකට වේශ නිරූපණ ශිල්පී ඊබට් විජේසිංහ අභාවය

* පෙබරවාරි - 02

‘පටාචාරා’ චිත්‍රපටයේ නිෂ්පාදක නාරද ජයකොඩිගේ අභාවය

* පෙබරවාරි - 13

චිත්‍රපට නිෂ්පාදකයකු හා රංගන ශිල්පියකු වූ සුසාන් ප්‍රනාන්දු අභාවය

* පෙබරවාරි - 25

චිත්‍ර ශිල්පී බන්දුල කුමාර අභාවය

* මාර්තු - 01

ගායන ශිල්පී, ගීත රචක, මනෝවෛද්‍ය ඩී.ජේ. හරිශ්චන්ද්‍ර අභාවය

* මාර්තු - 13

ලේඛක වේල්ස් පෙරේරා අභාවය

* මාර්තු - 17

මාධ්‍යවේදී හා ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපතිවරයකු වූ ජනදාස පීරිස් අභාවය

* මාර්තු - 23

ප්‍රවීණ සංගීතඥ පැට්‍රික් දෙනිපිටිය අභාවය

* මාර්තු - 24

වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, ලේඛකයකු හා නිවේදකයකු වූ මාර්ක් බර්තලමියුස් අභාවය.

* මාර්තු - 30

ප්‍රවීණ ගත්කතුවර, ලේඛක, කලා විචාරක හා විද්වතකු වූ මහාචාර්ය සුචරිත ගම්ලත් අභාවය

* අප්‍රේල් - 02

සහාය අධ්‍යක්ෂවරයකු වූ රංජිත් ප්‍රනාන්දු අභාවය

* අප්‍රේල් - 06

අතුල ශ්‍රී ආනන්ද මෙන්ඩිස් අභාවය

* අප්‍රේල් - 08

රංගන ශිල්පිනී ශ්‍රියාලතා සුබසිංහ අභාවය

* අප්‍රේල් 09

ප්‍රෙමිල් රත්නායක අභාවය

* අප්‍රේල් - 16

නාට්‍ය ශිල්පී නළු සැන්ටින් ගුණවර්ධන අභාවය

* අප්‍රේල් - 20

නිවේදක, මාධ්‍යවේදී ජයන්ත රෝහණ අභාවය

* අප්‍රේල් - 21

ප්‍රවීණ මාධ්‍යවේදී ‘සිළුමිණ’ හිටපු කර්තෘ කවුඩානේ පියදාස පෙරේරා අභාවය

* මැයි - 12

ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ටයිටස් රණසිංහ අභාවය

* මැයි - 17

‘සරසවිය’ පාඨක හා කලා රසිකයකු වූ ගාමා ගාමිණී සුබසිංහ අභාවය

* ජූනි - 05

ප්‍රවීණ වේශ නිරූපණ ශිල්පී රංජිත් මතඟවීර අභාවය

* ජූනි - 21

ප්‍රවීණ චිත්‍ර ශිල්පී පී. වික්‍රමනායක අභාවය

* ජූනි - 28

ප්‍රකට සාහිත්‍යධරයකු, ලේඛකයකු වූ අමරහේවා මද්දුම අභාවය

* ජූලි - 21

චිත්‍රපට නිෂ්පාදක ජී ත්‍යාගරාජා අභාවය

* ජූලි - 22

චිත්‍රපට නිෂ්පාදක විජය ගුණරත්න අභාවය

* ජූලි - 26

ප්‍රවීණ ගායක, රංගන ශිල්පිී මොරිස් දහනායක අභාවය

* ජූලි - 28

මාධ්‍යවේදී, ලේඛක ධනුජය සේනානායක අභාවය

* ජූලි - 29

නාට්‍ය රචක එම්. එම්. ගුණතිලක අභාවය

* අගෝස්තු - 03

සංගීතවේදී තිලක් කරුණතිලක අභාවය

* අගෝස්තු - 03

නාට්‍ය හා චිත්‍රපට තිර කථා රචක ක්ලයිව් මාටෙන්ස් අභාවය

* අගෝස්තු - 05

ගීත රචක අරුණ කිත්සිරි අභාවය

* අගෝස්තු - 06

ප්‍රවීණ රංගන ශිල්පිනී සීතා කුමාරි අභාවය

* අගෝස්තු - 08

නාට්‍යවේදී සුනිල් චන්ද්‍රසිරි අභාවය

* අගෝස්තු - 22

රංගන ශිල්පී, ලේඛක, ඡ්‍යොතිර්වේදී ජයන්ත ද සිල්වා අභාවය

* සැප්තැම්බර් - 09

ගායිකා සුනිලා අබේසේකර අභාවය

* සැප්තැම්බර් - 23

රංගන ශිල්පී, ඇඳුම් මෝස්තර නිර්මාණ ශිල්පී ආනන්ද බස්නායක අභාවය

* සැප්තැම්බර් - 25

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අමරනාත් ජයතිලක අභාවය

* ඔක්තෝබර් - 04

චිත්‍රපට නිෂ්පාදක කේ. කේ. ජග්තියානි අභාවය

* ඔක්තෝබර් - 31

ප්‍රවීණ රංගන ශිල්පිනී ලැටීෂියා පීරිස් අභාවය

* නොවැම්බර් - 01

තිර කථා රචක, සටන් නළු පුණ්‍යා බුලත්සිංහල අභාවය

* නොවැම්බර් - 02

චිත්‍රපට නිෂ්පාදක විජේවර්ධන රාජපක්ෂ අභාවය

* නොවැම්බර් - 05

චිත්‍රපට නිෂ්පාදක එම්. කේ. ඩයස් අභාවය

* නොවැම්බර් - 08

ප්‍රවීණ රංගන ශිල්පී සිරිල් ධර්මවර්ධන අභාවය

* නොවැම්බර් - 11

රංගන ශිල්පිනී, ගාමිණී ෆොන්සේකා බිරිය සුමිත්‍රා ෆොන්සේකා අභාවය

* දෙසැම්බර් - 04

සංස්කරණ ශිල්පී, චිත්‍රපට අධ්‍යක්ෂ ඩෙන්සිල් ජයවීර අභාවය

* දෙසැම්බර් - 31

සිනමා නිළි මාලා එල්ලාවල අභාවය

තිරගත කළ චිත්‍රපට සහ අධ්‍යක්ෂවරු

ජනවාරි 24 - ශ්‍රී සිද්ධාර්ථ ගෞතම (සමන් වීරමන්)

පෙබරවාරි 14 - බෝම්බ සහ රෝස (අනුරුද්ධ ජයසිංහ)

මාර්තු 25 - අනිත්‍යා (නාලක විතානගේ - මුල්ම අධ්‍යක්ෂණය)

මාර්තු 29 - කවුද මචං ඇලිස් (ලෙස්ලි සිරිවර්ධන - මුල්ම අධ්‍යක්ෂණය)

අප්‍රේල් 18 - අභිනික්මන (හෙක්ටර් කුමාරසිරි - මුල්ම අධ්‍යක්ෂණය)

මැයි 11 - පීටර් වන් (බන්දු සමරසිංහ)

මැයි 30 - සිරි පැරකුම් (සෝමරත්න දිසානායක)

ජූනි 15 - නිකිණි වැස්ස (අරුණ ජයවර්ධන - මුල්ම අධ්‍යක්ෂණය)

ජූලි 21 - ඉගිලෙන්න ඇයි දඟලන්නේ (අර්ජුන කමලනාත් - මුල්ම අධ්‍යක්ෂණය

අගෝස්තු 23 - රන් කෙවිට 2 (උදයකාන්ත වර්ණසූරිය)

සැප්තැම්බර් 13 - සීතා මං ආවා (ජයසේකර අපොන්සු)

ඔක්තෝබර් 03 - සමනල සංධ්වනිය (ජයන්ත චන්ද්‍රසිරි)

නොවැම්බර් 15 - රජ හොරු (සුරංග ද අල්විස් - මුල්ම අධ්‍යක්ෂණය)

දෙසැම්බර් 19 - දෝණී (වී.සිවදාසන්)