වර්ෂ 2014 ක්වූ ජනවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




හිරේ ගිහින් තුවාල වෙලා

හිරේ ගිහින් තුවාල වෙලා

ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී හෙට්ටිආරච්චිත් මේ දවස්වල ටෙලි නාට්‍ය කිහිපයක්ම නිසා ටිකක් විතර කාර්යබහුල වෙලා. ඒ අතරේ එක් ටෙලි නාට්‍යයක පිටපතට අනුව ගාමිණීව බලෙන් පොලීසියට අරගෙන යන සීන් එකකුත් තිබිලා. ඒ නිකම්ම නම් නෙවෙයි. මාංචුත් දාලා තමයි ඔහුව අරගෙන යන්න තිබිලා තියෙන්නේ. ඔන්න දැන් සහෝදර රංගන ශිල්පියෙක් ගාමිණී මාංචුත් දාලා බලෙන් පොලිස් ජීප් එකකට නග්ගගෙන අරගෙන ගියා. ඔන්න දැන් මේ සීන් එක බොහොම ලස්සනට රූගත කළා.

ටික වෙලාවකින් දර්ශන තලයෙන් ඉවත් වුණ ගාමිණී අතත් අතගගා අනිත් පිරිස සිටින තැනට ඇවිත්. බලනකොට අත ටිකක් තුවාල වෙලා. ලේ ගලනවා. කොහොම හරි තුවාලෙට බෙහෙතුත් දාලා ප්ලාස්ටරයක් එහෙමත් දාගෙන තමයි ඊළඟ සීන් එකට ලෑස්ති වෙලා තියෙන්නේ.