|
තනුජා සිරස හැර යයිතනුජා ජයවර්ධන යනු සිරස නාළිකාවේ තවත් සළකුණක් යැයි පැවසිම වරදක් නෙවෙයි. ඇගේ නාමය ඇහෙද්දී අපට මතක් වුයේ සිරස නාළිකාවම පමණි. තනුජා එම්. බී. සී. මාධ්‍ය ජාලයට එකතු වන්නේ අදින් වසර දහ නවයකට පෙරයි. නිදහස් මාධ්‍යවේදිනියක ලෙසින් ඊට එකතු වූ ඇය තම වෘත්තීය ජීවිතය තුළදී ඇයටම ආවේණික වූ සලකුණක් තබා ගත්තා. අද වන විට තනුජා ඒ සියලු බැඳීම්වලින් නිදහස්ව ඇති වගට දැනුම්දීමක් කරයි. තවත් අයුරකින් කිවහොත් තනුජා ජයවර්ධන තවදුරටත් සිරස නාළිකාවේ නැත. ඇය ඉන් එළියට බැස්සේ ඉකුත් බදාදා සවසය. තනුජා පළමු වතාවට නේද ඔබගේ මේ ඉවත්වීම ගැන මාධ්‍යයට කියන්නේ? ඔව්. මට දැනෙනවා බොහෝ දේවල්වලින් මං නිදහස් වුණා කියලා. මේ වන විට මං නිදහස්ව ජීවත් වෙනවා. හදිසියේම ඇයි ඔබ ඉල්ලා අස්වුණේ? ඇත්තම කිව්වොත් වසර එකහමාරක් තිස්සේ මං ප්ලෑන් කරමින් සිටියා මේ තීරණය ගන්න. බොහොම ඉවසීමෙන් මං වැඩ කටයුතු කරගෙන ගියා. පසුගියදා මගේ ඉල්ලා අස්වීම සිදු කළත් මං ඒක කළේ හදිසියෙන් නෙවෙයි. ඔබේ නාමය හැදුණේ වැඩුණේ සිරසත් එක්ක නේද? තනුජා ජයවර්ධන කියන් බ්‍රෑන්ඩ් එක හැදුණේ මෙතැනදි. වසර දහ නවයක් එක තැනක සේවය කරනවා කියන්නේ ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. වෘත්තීය ජීවිතය තුළදී මට ඒකකාරී බවක් දැනුණා. නිදහස් මාධ්‍යවේදිනියක ලෙසින් සිරස හා එක්වෙලා මා එම්. බී. සී. මාධ්‍ය ජාලයේ අධ්යක්ෂ ධූරයකට ද පත් වුණා. මට වයි නාළිකාවේ චැනල් හෙඩ් විදිහට පත්වීමකුත් ලැබුණා. නමුත් ඒක බාර ගත්තේ නැහැ. මං එතනට තමයි එන්න හැදුවේ. ඇයි ඔබ ඒ තනතුර ප්‍රතික්ෂේප කළේ? මා නිදහසේ සිටීමට ගත් මේ තීරණය තව වසර තුනකටවත් කල් යන්න තිබුණා මං ඒ තීරණය ගත්තා නම්. ඒ ගැන හිතලා තනතුර බාර ගත්තේ නැහැ. ඔබ පසුගිය ටිකේ අතිශය කාර්යබහුල වූ චරිතයක් බවට පත්ව ඇති වගක් පේනවා? වෘත්තිකයකු විදිහට මං කාර්යබහුල වුණා. චැනල් හෙඩ් කෙනකුට ඇති වගකීම නිමක් නැහැ. ඔළුව වෙහෙසිය යුතුයි හැම වෙලාවෙම. මං මේ කියන්නේ මට ඒ තනතුරේ වැඩ කටයුතු කරන්න බැහැ කියන එක නෙවෙයි. ඊට වඩා මට මගේ නිදහස වටිනවා. නිදහසේ මොකද කරන්නේ? ඇවිදින්න යනවා. පොතක් පතක් කියවනවා. පහුගිය දිනවල මට අහිමි වෙච්ච බොහෝ දේ විඳිමින් කාලය ගත කරනවා. එම්. බී. සී. මාධ්‍ය ජාලයෙන් එළියට බැස එන විට මොනවද ඔබට ඉතුරු වුණේ? මං හදාගත්තු නාමය මට විතරක් ඉතුරු වුණා. වෙනත් නාළිකාවකින් ආරාධනා ලැබුණොත් ඔබ ඒ ආරාධනාවට සැලකිලිමත් වෙනවාද? තවම මං මුකුත් ඒ ගැන හිතලා නැහැ. චැනල් එකේ ඉන්න කොටත් උපදේශාත්මක තනතුරුවලට මට කතා කළා. ඒත් එක තැනක සිට තවත් ආයතනයකට බැඳී වැඩ කිරීම සදාචාරාත්මක නැහැනෙ. ඒක නිසා මං ඒ ආරාධනා ප්‍රතික්ෂේප කළා. නාරද තනුජා නිවේදක යුවල යළිත් පුංචි තිරයේදී එක්වේවිද? මං අර කලින් කිව්වා වගේ ඒ කිසිම දෙයක් ගැන මං හිතලා නැහැ. තනුජාගේ ඊළඟ ටාර්ගට් එක මොකක්ද? මං බොහෝ දේ ලබලා ඉවරයි. කෙටියෙන්ම කිව්වොත් ටාර්ගට් බොහොමයකට මං ළඟා වුණා. නවක මාධ්‍යවේදීන්ට තනුජාට මොකද කියන්න තියෙන්නේ? තමන්ගේ ටැලන්ට් එක උපරිමයෙන් භාවිත කරන්න. ඒ වගේම විනය ගරුක වෙන්න. එතකොට ගමන දිගුයි. තනුජගේ තනිකඩ දිවිය කවදද නිමා වෙන්නේ? ඒක නිම වෙනකම් තමයි මමත් බලාගෙන ඉන්නේ. ඉවර වෙන්නේ නැහැනෙ. තනුජගේ කල වයසත් ගෙවීගෙන යනවා? එහෙමද . . . ඔබ කලක් ප්රවෘත්ති නිවේදනයේද යෙදුණා. නමුත් ඔබ හිතනවද ඔබව ප්රවෘත්ති කියන්න ගැළපෙනවා කියලා? මං ප්රවෘත්ති නිවේදනයට ගැළපෙන්න හිටියා කියලා හිතනවා. නමුත් මට හිතෙන්නේ මාව වඩාත් ගැළපෙන්නේ රිලැක්ස් විදිහට නිවේදනය කරන වැඩ සටහන්වලට.
|