|
ඩිංකාගේ උපන් දිනයට හාර කෝටියෙන් කීයද?
හාරකෝටියේ ඩිංකා ලෙසින් ජනපි‍්‍රයත්වයට පත්වූ රුවන් පෙරේරා පසුගියදා සිය උපන්දිනය සැමරුවා. කොහොමද රුවන්? හොඳින් ඉන්නවා. පසුගිය දිනවල මොකද කළේ? දකින්න ඇතිනෙ. මං මගේ උපන් දිනය සැමරුවා. ඒක ගැන අහන්න තමයි මං මේ තකහනියක් කතා කළේ? ඕන දෙයක් අහන්න. මං උත්තර දෙන්නම්. හැබැයි එක දෙයක් හැර. ඒ මොකක්ද? මගේ වයස. සාමාන්‍යයෙන් රංගන ශිල්පිණියොනෙ වයස හංගන්නේ? මම ඉතින් හංගනවා නෙවෙයි. දන්න අය දන්නවා. මට වයස කීයද කියලා. කොහෙද උපන් දිනය සැමරුවේ? අතුරුගිරියේ හෝටලයක. කලා ලොවේ තරු රැසක් එදා එතැනට පායලා තිබුණා? ජැක්සන් ඇන්තනි, සනත් ගුණතිලක ඇතුළු බොහෝ දෙනෙක් මගේ ආරාධනාව පිළිගෙන එතනට ආවා. හාරකෝටියේ පිරිවරත් පැමිණියා. එදින විශේෂ මුකුත් කළාද? නැහැ. මගේ උපන් දිනය සැමරීම පමණයි කළේ. හාරකෝටියේ ඩිංකාට මොකද වෙන්නේ? ඒක දැනගන්න දිගටම හාරකෝටිය බලන්න කියලා මං ඉල්ලා සිටිනවා. හාර කෝටියෙන් කීයක් වියදම් කළා ද උපන් දින සාදයට? නාට්‍යයේ නමනෙ හාර කෝටිය. එච්චර සල්ලි නම් නැහැ. නමුත් මට පුළුවන් විදිහට වියදම් කළා. ඊළඟට තව උත්සවයක් තියෙනවා නේද? ඒ මොකක්ද? ඇයි රුවන්ගේ වෙඩින් එක? වෙඩින් එකට කලින් බඳින්න කෙල්ලෙක් හොයා ගන්න එපායැ. ඒ කියන්නේ රුවන් තවමත් පෙම්වතෙක් නෙවෙයි? නැහනෙ. ලබන වසරේ ජනප්‍රියත්වය මේ වගේම තියේවිද? කියන්න බැහැ. ඒක ප්‍රේක්ෂකයා තීරණය කරයි. ජනප්‍රිය කිරුළ බිම වැටුණොත්? ඔය කාරණය මට විතරක් පොදු නැහැනෙ. එක වසරක ජනප්‍රිය නළුවා වෙලා ඊළඟ වසරේ එහෙම නොවුණ අය ඕන තරම් ඉන්නෙ.
|