|
|
“Thousand apologies”
ඇල්බට් මෝසස්1977 - 1986 කාලයේ විකාශය වූ Mind Your Language බ්‍රිතාන්‍ය රූපවාහිනි වැඩසටහන ලොව පුරා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබන්නට සමත් වුණා. විදෙස් සිසුන් කණ්ඩායමට ඉංග්‍රීසි භාෂාව උගන්වන අයුරු ගෙන ආ Mind Your Language කතා මාලාවෙහි චරිත එය නැරඹු බොහෝ දෙනෙකුට අමතක නැතුව ඇති. එහි ඉන්දියාවෙන් පැමිණි සික් ජාතික රන්ජීත් සිං පිළිබඳ මතකය කෙසේ ද ? ඔහු තම දෑත් එක් කොට “Thousand apologies” (දහස් වාරයක් සමා වෙන්න) යැයි පවසන අයුරු එම ටෙලි නාට්‍ය මාලාව මෙරට විකාශය වන විටදී නැරඹු අයට නම් කිසිදා අමතක නොවන්නකි.
ඇල්බට් මෝසස් බ්‍රිතාන්‍යයේ පදිංචියට ගොස් තිබෙන්නේ, හැත්තෑව දශකයේ දී ය. ලන්ඩනයේ නාට්‍ය පාසලෙන් රංගනය පිළිබඳ හැදැරු ඔහු අනතුරුව රංගනයට පිවිසුන ද පුණ්‍ය කටයුතුවලට ද සිය නොමසුරු දායකත්වය ලබා දෙන්නට පසුබට වූයේ නැත. ඒ වෙනුවෙන් රෝහලක ස්වේච්ඡා සේවයට පවා දායක වී ඇති අතර ළමයින් වෙනුවෙන් පුණ්‍යාධාර කටයුතු රැසක් ඉටු කළ අයෙකු ද වේ. ඔහු විසින් රචිත කෘති අතර ළමා කෘතින්ද ඇතුළත්. වසර 79ක් ආයු වළඳා ඇල්බට් මෝසස් පසුගිය සැප්තැම්බර් 15 වැනිදා ලන්ඩනයේදී ජීවතුන් අතරින් සමු ගත්තේය. පසුගිය දෙසැම්බර් 09 වැනිදා ඔහුගේ භෂ්මාවශේෂ ගම්පොල ශාන්ත ඇන්ඩෲ දේවස්ථානයේදී මිහිදන් කෙරිණි.
|



එම රන්ජීත් සිං නම් චරිතය නිරූපණය කළේ ඇල්බට් මෝසස් නම් ශ්‍රී ලාංකීයයකු බව ඇතැම්
විට ඔබ දැන නොසිටින්න ඇති. 1937 වසරේ දෙසැම්බර් 19 වැනිදා ගම්පොල දී උපත ලද ඔහු
නළුවකු බවට පත් වූයේ බ්‍රිතාන්‍යයේදීයි. රූපවාහිනි වැඩසටහන් සේම, වේදිකා නාට්‍ය සහ
සිනමා නිර්මාණ රැසකට ද ඔහු සිය රංගන දායකත්වය ලබා දී තිබේ.The Man Who Would Be
King, An American Werewolf in London, The Awakening, The Little Drummer Girl,
Pink Floyd: The Wall, East Is East සහ ජේම්ස් බොන්ඩ් චිත්‍රපට
මාලාවේ එන The Spy Who Loved Me ඒ අතරින් කිහිපයක්. ර්ඪදඤ කධභප ඹ්චදඨභචඨඥ කතා
මාලාවේ කතාංග 13ක් නිෂ්පාදනයට ද ඇල්බට් මෝසස්ගේ දායකත්වය හිමි වී ඇත. Tandoori
Nights, London’s Burning, Juliet Bravo, Warship, On the Buses ඇල්බට් මෝසස්
දායක වූ තවත් රූපවාහිනි නාට්‍ය කිහිපයක්.