|
චිත්‍රපටයක් ප්‍රදර්ශන තත්ත්වයට ගේන්නට කොතරම් මහන්සියක් අධ්‍යක්ෂවරයා ගන්නවාද. ඒකේ තරම දන්නේ අධ්‍යක්ෂවරයා පමණයි.චිත්‍රපට සංස්ථාව තිබිලා ඇති වැඩේ මොකක්ද?සුජීව ගුණරත්න අසයි
අධ්‍යක්ෂවරයකු තමන්ගේ සිනමාපටයක් තිරගත වනකොට නියැළිය යුතු රාජකාරින් කිහිපයක්
තිබෙනවා. චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතුවලට සහභාගී වීම, මාධ්‍යයන්ට අදහස් දැක්වීම,
චිත්‍රපට ශාලා අතර සංචාරය ඉන් කිහිපයක්. වර්තමානය වන විට ඔය කටයුතු අතරට තවත් එකක්
වලංගු වෙලා තියෙනවා. ඒ තමයි උසාවි බලා පිටත්වීම. ඉකුත් දිනවල ද අප දන්නා පරිදි
අධ්‍ය සුජීවගෙන් එහෙම අප අහපුවාම ඔහු අපට අදහස් දැක්වූයේ මහත් වූ ආවේගශීලිත්වයෙන්. ඉන් සමහර තැන්වලදී ඔහු සංවේදීතාවයට ද පත් වුණා. සුජීව, මේ වන විට කාල ප්‍රදර්ශනයෙන් ඉවත් කරලා. ඒ වෙනුවට ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ පහ සමත් තිරගත වෙනවා. ඔබ පවසනවා කාල මාෆියාවකට අහුවෙලාලු. ඇතැම් චිත්‍රපට ලෝලීන් කියනවා කාල සිනමාපටයේ ගතයුත්තක් නැහැ කියලා. මොනවද ඒ සඳහා ඔබේ පිළිතුරු? අධ්‍යක්ෂවරයකුට තමන්ගේ චිත්‍රපටයක් කියන්නේ හරියට තමන්ගේ දරුවකු වගේ දෙයක්. දරුවකු ලොකු මහත් කරලා සමාජයේ තැනකට ගේන්න උත්සාහ කරනවා හා සමාන ශ්‍රමයක්, මහන්සියක්, කාලයක් ගන්නවා චිත්‍රපටයක් කරන්න. චිත්‍රපටයක් ප්‍රදර්ශන තත්ත්වයට ගේන්න කොතරම් මහන්සියක් අධ්‍යක්ෂවරයා ගන්නවාද. ඒකේ තරම දන්නේ අධ්‍යක්ෂවරයා පමණයි. මම කියන්නේ නැහැ කාල ඉතා සුපිරි සිනමාපටයක් කියලා. නමුත් මෙහි පිරිවැය ඉතාම ඉහළයි. අනික මේක අපේ පුරාණ ජනකතාවක්. ඒ ඇසුරෙන් තමයි චිත්‍රපටය හැදුවේ. ඒත් අපේකමට නිගා කරලා අපේම කට්ටිය කාල තිරගත වෙද්දී ගැලෙව්වා. මේක සෑහෙන කල් ඉඳලා කරපු කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්. පහ සමත් රූපගත කළේ මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේ. ඔවුන් ඒ මෙහොතේ පටන්ම ප්ලෑන් කරලා තියෙනවා ඒක දෙසැම්බර් මාසයේ පාසල් නිවාඩුවට තිරගත කරන්න. ඒ අවස්ථාවේදී මගේ චිත්‍රපටය නොව කිනම් චිත්‍රපටයක් තිරගත කළත් ඒක අයින් කරලා පහ සමත් පෙන්නනවා. මේ තත්ත්වය ඉවසා ගත නොහැකි තැන මං අධිකරණයේ පිහිට පැතුවා.
පහ සමත් චිත්‍රපටය ප්‍රදර්ශනය වාරනයට ලක්කොට මගේ චිත්‍රපටයට තව කාලය ලබාදීලයි තීන්දුව ලැබුණේ. ඒක එහෙම වෙලා නැහැ නේද. පහ සමත් චිත්‍රපටය තිරගතවීම ආරම්භ වුණානේ? ඒක තමයි. පහ සමත් චිත්‍රපටය නියමිත දිනට ඔවුනට අවශ්‍ය පරිදි තිරගතවීම සිදු වුණා. මේ වන විට එය වාරණයට ලක්කොට ලබා දුන් උසාවි වාරණයත් විසුරුවා හැරලා. මාව හැම පැත්තෙන්ම කොන් කරලා. මේකද අප වගේ චිත්‍රපටකරුවන්ගේ තත්ත්වය. ඇයි අපට මෙහෙම කරන්නේ. සංස්ථාවක් කියලා දෙයක් තියෙනවා නමට. ඔවුන්ගෙන්වත් මට පිළිසරණක් නැහැ. ඒ කියන්නේ ඔබ චිත්‍රපට සංස්ථාවෙන් පිහිට පතලා තියෙනවා? ඉතින් හත්දෙයියනේ චිත්‍රපටකරුවන්ගේ ප්‍රශ්න ඔවුන්ට කියන්නේ නැතුව කාට කියන්නද. එතකොටවත් පුළුවන් වුණේ නැහැ කාල චිත්‍රපටයට උදව්වක් කරන්න. චිත්‍රපටකරුවෙකුට උදව්වක් කරන්නට බැරි සංස්ථාවක් මොකටද. ඔබට තිබුණනෙ පහ සමත් චිත්‍රපටයේ අධ්‍යක්ෂ සිවගුරුනාදන්ට කතා කරන්න. මා දන්නා පරිදි ඔහු යමක් තේරුම් බේරුම් කරගත හැකි බුද්ධියක් ඇති අධ්‍යක්ෂවරයෙක්? මං සිවා අයියට කතා කළා. ඒ ඇමතීම සිදු වුණේ පහ සමත් දෙසැම්බර් කිට්ටුව රිලීස් කරනවා කියලා නොනිල වශයෙන් ප්‍රචාරයක් යද්දී. ඒ වන විට කාල එම වකවානුවේම රිලීස් වෙනවා කියලා දැනගෙන හිටියා. නමුත් දිනයක් තිබුණේ නැහැ. මේක මානුෂීය විදිහට විසඳගමු කියලා මං ඔහුට කිව්වා. ඔහු එතකොටත් කිව්වේ චිත්‍රපටය දෙසැම්බර් රිලීස් වෙනවා කියන එක හුදු ප්‍රචාරයක් පමණයි කියලා. පහ සමත් නිෂ්පාදනය කරලා තිබුණේ චිත්‍රපට බෙදා හැරීමේ සමාගමක්. ඔවුන් ඔවුන්ගේ අභිමතයටම කටයුතු කළා. වෙනසක් කළේ නැහැ.
කාල ආරම්භ කළේ ටෙලි නාට්‍යයක් වශයෙන් තමයි. එහි පිරිවැයත් එක්ක මම පළමුව තීරණය කළා ඒක චිත්‍රපටයක් බවට පත් කළොත් හොඳයි කියලා. ඊට පසු අප නිෂ්පාදන කණ්ඩායමේ සියල්ල එකතුව හා පැවැත් වූ සාකච්ඡාවකින් අනතුරුවයි කාල ටෙලි නාට්‍යය චිත්‍රපටයක් බවට පත් කළේ. එහෙම වුණාය කියලා ඒක චිත්‍රපටයක් නොවන චිත්‍රපටයක් බවට පත්වන්නේ කොහොමද. මොකක්ද එයා එහෙම තීරණය කරන නීර්ණය. ඕකට තමයි කියන්නේ කුහකකම කියලා. ඔබ සිවා එක්ක වැඩ කරලා තියනවාද? ඔව්. ඔහු සිරසෙන් එළියට යන්නට මත්තෙන් මා ඔහු සමඟ නිර්මාණවලට දායක වෙලා තියෙනවා. අධ්‍යක්ෂවරයකු වන්නට පෙර ඔබ කලා අධ්‍යක්ෂවරයෙක්. අද වන විට හිතෙන්නේ නැද්ද අධ්‍යක්ෂවරයකු නොවී කලා අධ්‍යක්ෂවරයකු ලෙසම හිටියා නම් හොඳයි කියලා? කලා අධ්‍යක්ෂණයට මං හැමදාමත් ආදරෙයි. මං වෘත්තීයේ ඊළඟ පිම්ම හැටියටයි මං අධ්‍යක්ෂණයට පිවිසුණේ. මේ මොන දේ වුණා කියලා මාව වට්ටන්න අමාරුයි. අධ්‍යක්ෂවරයකු හැටියට මං මගේ ගමන නවත්වන්නේ නැහැ. අධ්‍යක්ෂණයට පිවිසීම තුළින් මං ක්ෂේත්‍රයේ ඉන්න කුහකයන්ව හඳුනා ගත්තා. කලා අධ්‍යක්ෂවරයකු හැටියට හිටියා නම් මට ඒ දේ ලැබෙන්නේ නැහැ.
|