|
යන්තම් බේරුණේ
ඒ. ඩී. රන්ජිත් කුමාර කියන නම සරසවියට නම් කොහෙත්ම ආගන්තුක නැහැ. කලක් සරසවිය කර්තෘ ධූරය දැරූ හෙතෙම වර්තමානය වන විට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු ලෙසට කලා කටයුතුවලට සම්බන්ධ වෙනවා. රන්ජිත් මහත්මයාගේ හොඳ ගජ මිත්‍රයෙක් තමයි ආරියසිරි විතානගේ කියලා කියන්නේ. ආරියසිරි නාමය සහ හඬ එදා මෙන්ම අදත් අප මතකයෙන් නම් ගිලිහිලා නැහැ. මේ දෙන්නා ඉකුත් දිනයකදී රිය අනතුරකින් බේරිලා. මතක ඇතිනෙ පසුගිය දිනවල අප රටට බලපෑව අයහපත් කාලගුණ තත්ත්වය. දැඩි සුළඟකුත් තිබුණනෙ. මේ හින්දා වැඩි දෙනෙක් හිටියේ ගෙවල්වලට වෙලා. ඒත් යම් රාජකාරියක් යෙදී තිබුණ රන්ජිත්ට සහ ආරියසිරිට. ඒ ස්වාධීන රූපවාහිනිය විකාශය වූ මොහිදින් බෙග් උපහාර වැඩ සටහනේ ආරාධිතයන් ලෙස සහභාගිවීමට. ඒක අත්‍යවශ්‍යම කටයුත්තක්. ඔන්න මේ දෙන්නා ඊට සහභාගි වුණා. ස්වාධීන රූපවාහිනියෙන් එන්න හදද්දී තමයි වැඩේ. හොඳටෝම වැස්සලු. ඒත් කරන්න දෙයක් නැහැ. ගෙදර යන්නත් ඕනනෙ. ආරියසිරි වාඩි වුණා ඩ්‍රයිවිං සිට් එකේ. රන්ජිත් මහත්තයා අනෙක් පැත්තේ. බොහොම පරිස්සමින් ආරියසිරි රිය පැදෙව්වලු. ඔය අතරෙ වංගුවක් ගන්න ගමන් ආරියසිරි දැක්කලු යකඩ බම්බුවක් පාර හරහා තියනෙවා. ක්ෂණයකින් බ්රේක් එක පාගලා. පැවතුන හුළඟට විශාල බෝඩ් එකක් බිම වැටිලා. ඒකේ යකඩ බම්බුවක් තමයි මේ පාරට යොමු වෙලා තියෙන්නේ. බැරි වෙලාවත් තව දශමයක් ඉස්සරහට ගියා නම් වාහනයේ ඉදිරි වීදුරුව කුඩුවෙලා යකඩ බම්බුව ඇතුළට එනවා. දෙන්නගෙම වාසනාවට ආරියසිරිට වාහනය පාලනය කරගන්න පුළුවන් වූ නිසා හොඳයි.
|