|
ඉල්ලීමට යහපත් ප්‍රතිචාර
පුරා වසර විසිපහක් කණ්ඩායම් සංගීත ක්ෂේ්ත්රය තුළ නමක් රැන්දූ ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප්‍රනාන්දු තම වෘත්තීය අයිතියක් වෙනුවෙන් සංස්කෘතික අමාත්‍යාංශයෙන් ඉල්ලිමක් කරලා. නිතරම අනුන් ගැන හිතන රොෂාන් මොනවද දන්නවද ඒ ඉල්ලීමේ සඳහන් කරලා තියෙන්නේ. මේ වන විට කණ්ඩායම් සංගීත ක්ෂේත්රයේ අති විශාල පිරිසක් වෘත්තිකයෝ වශයෙන් සිටිනවා. බෑන්ඩ්වල සාමාජිකයන් පටන් ශබ්ද පරිපාලකවරයන්, පද රචකයින්, නිවේදකයින් ඇතුළු එකී මෙකී නොකී පිරිසක් ඊට ඇතුළත්. ඔවුන් වෙනුවෙන් විශ්‍රාම වැටුපක් සහ හැඳුනුම්පතක් ලබා දෙන්න කියලයි රොෂාන් ඉල්ලීමක් කරලා තියෙන්නේ. සංස්කෘතික අමාත්‍යාංශයෙන් ඊට කොළ එළියක් වැටිලා තියෙනවා. තව නොබෝ දිනකින් පැවැත්වෙන හමුවකින් පසුව එම සංකල්පය ක්‍රියාත්මක කිරීමට නියමිත බව රොෂාන් අපිත් එක්ක කිව්වා.
|