|
නොව පැරණි වන රමණි තරු සටන
ජෝර්ජ් ලූකස් හැත්තෑව දශකයේදී පණ දුන් ස්ටාර් වෝර්ස් චිත්‍රපට මාලාව දශක හතරක් පුරා සිනමා ලොව ඒකාලෝක කළේ, ස්ටාර් වෝර්ස් සිනමා උන්මාදයක් ඇති කරමින්. අඳුරු බලවේගයක ඒකාධිපති පාලනයට එරෙහිව යහපත් පාලනයක් ඇති කිරීම වෙනුවෙන් මන්දාකිණි අධිරාජ්‍යයේ ඇති වන යුද සංග්‍රාමය ගෙන එන එහි ආරම්භය සනිටුහන් කළේ චිත්‍රපට මාලාවේ සිව්වැන්න වූ ඒ A New Hope චිත්‍රපටයෙන්.
එහිදී මන්දාකිණි අධිරාජ්‍යයා හෙවත් ඩාර්ත් වේඩාර් පරාජය කර තිස් වසරකට පසු මන්දාකිණිය තවත් දුෂ්ට බලවේගයක් වන කයිලෝ රේන්ට එරෙහිව මුහුණ දෙන තවත් අභියෝගයක් ඒ ඔස්සේ දිග හැරුණා. ඒ අතරේ කයිලෝ රේන්ගේ සොල්දාදුවකු වන ෆ්‍රින් ගමන් ගත් යානය කාන්තාර ග්‍රහ ලොවකට කඩා වැටීමෙන් පසු එහි වෙසෙන රේ නම් තරුණියක ඔහුට හමු වෙනවා. රොබොවක් සහ රහස් සිතියමක් රේ සතුයි. සෘජු ගතිගුණ ඇති තරුණියක වන රේ සහ ෆ්‍රින් එකතුව හන් සෝලෝ සමඟින් මන්දාකිණි අධිරාජ්‍යයේ යහපත් පාලනයක් ඇති කිරීම වෙනුවෙන් වෙහෙසුණු ජෙඩායිවරුන්ගේ අවසන් නයිට්වරයා වන ලූක් ස්කයිවෝකර් සොයා යාම සිදු වුණා. ස්ටාර් වෝර්ස් රසිකයන් වෙත මේ වසරේ අවසානය අතිශයෙන් සතුටු දායක වන්නේ එහි අට වැන්න Star Wars: The Last Jedi හෙට (දෙසැම්බර් 15) සිට තිරගත කිරීම සමඟින්. Star Wars: The Last Jedi රචනය සහ අධ්‍යක්ෂණය කර තිබෙන්නේ රියන් ජොන්සන් විසිනි. රේහට ලුක් හමුවීම සමඟින් The Force Awakens අවසානය සනිටුහන් කළ පසුව ඊළඟට කුමක් සිදු වන්නේ දැයි කියන්නේ හෙට සිට තිරගත වීම අරඹන The Last Jedi චිත්‍රපටය යි. එහිදී රේ පවා නොදැන සිටි ඇය සතුව පවතින සුවිශේෂි හැකියාවන් තව තවත් දියුණුතියුණු කර ගන්නට වටිනා අවස්ථාවක් හිමි වන අතර දුෂ්ට බලවේගයට එරෙහිව ඇය සටනට සූදානම් වෙනවා.
ස්ටාර් වෝර්ස් චිත්‍රපට මාලාව හතළිස් වසරක් පුරා ලොව වටා රසික රසිකාවන්ගේ ඉහළ ආකර්ෂණයක් ලබන්නට සමත් වූ චිත්‍රපට මාලාවක් ලෙසින් අංක එක හිමි කර ගන්නට සමත් වී තිබෙනවා. කෙසේ නමුත් මෙවර මෙම චිත්‍රපටය(The Last Jedi) තිරගත කිරීමට කාලය ඉක්මන් වැඩි බව විචාරක අදහස වී තිබෙනවා. එසේම තිරගත කිරීමට පෙර මාධ්‍ය දැක්මක් නොපවත්වන්නට එය බෙදාහරින ඩිස්නි සමාගම තීරණය කළ බවත් හොලිවුඩයෙන් වාර්තා වෙනවා. ඒ නිසාම එයට විරුද්ධව මාධ්‍යවේදීන් Star Wars: The Last Jedi චිත්‍රපටය වර්ජනය කිරීමට සැරසෙන බවත් එහි වැඩිදුරටත් සඳහන් කෙරුණා. සිනමා ලොව චිත්‍රපට මාලා ඔස්සේ රසික ආකර්ෂණය ඉහළින්ම ලද ස්ටාර් වෝර්ස් පිළිබඳ නුදුරේදී තවත් තොරතුරු කතා කරමු.
|