|
සිනමා කතාබස්
හොලිවුඩ් සිනමාවේ පෞරුෂයෙන් හෙබි චරිත රැසකට පණ දුන් නළු කෙරී ග්‍රාන්ට් වරෙක මෙසේ පැවසුවා. “හැමෝටම වුවමනා කෙරී ග්‍රාන්ට් වෙන්නයි. මේ මට පවා වුවමනා කෙරී ග්‍රාන්ට් වෙන්නයි”
Everyone wants to be Cary Grant. Cary Grant
හොලිවුඩ් සිනමා ඉතිහාසයේ ජනප්‍රියම නිළියක වුණු එලිසබෙත් ටේලර් පිළිබඳ චිත්‍රපට අධ්යක්ෂවරයකු, නිෂ්පාදකයකු මෙන්ම නළුවකු ද වන මයික් නිකල්ස් මෙසේ පවසා තබෙනවා. “එලිසබෙත් ටේලර්ගේ චරිතය තුළ මම මෙතෙක් නොදුටු කාරණා තුනක් තිබෙනවා. බොරු කීම, තවත් කෙනෙකුට අකාරුණික වීම සහ ප්‍රමාද නොවී දර්ශන තලයට පැමිණීම” There are three things I never saw Elizabeth Taylor do - tell a lie, be unkind to anyone and be on time. Mike Nichols
“ඔබට රඟපාන්න හැකියාවක් නැහැ. ඔබට ගීත ගායනා කරන්නත් බැහැ. ඔබ ටිකක් ධෛර්යය සම්පන්නයි. ඒ වගේම ඔබට ටිකක් නටන්න පුළුවන්”
Can’t act, can’t sing, slightly bald. Can dance a little. Fred Astaire
ජිමි ස්ටුවර්ට් හොලිවුඩ් චිත්‍රපට ඉතිහාසයේ බෙහෙවින් ජනප්‍රිය සේම ගෞරවයට පාත්‍ර වූ නළුවෙක්. ඔහු පිළිබඳව අමෙරිකානු නිළියක වන ඩෝනා රීඩ් මෙසේ පැවසුවා. “ජිම් ස්ටුවර්ට් සමඟින් It’s a Wonderful Life චිත්‍රපටයේ රඟපාන්න ලැබීම මා ලද විශාල භාග්‍යයක්. රංගනයේදී ඔහු බෙහෙවින් ස්වාභාවිකයි. ඇත්ත වගේ. ඔහු සමඟින් රංගනයේ යෙදෙන විට මේ චිත්‍රපට දෙබසක්ද නැත්තනම් ඇත්තටම කතා කරනවාද කියා බොහෝ වෙලාවට මට හිතාගන්න බැරි වුණා” Working with Jimmy Stewart in ‘It’s a Wonderful Life’ was very demanding. He’s so natural, so realistic, that I never knew whether he was talking to me or doing the scene. Donna Reed |