වර්ෂ 2016 ක්වූ  දෙසැම්බර් 14 වැනිදා බ්‍රහස්පතින්දා




පද්මා නන්දනී සොයා දෙන්න

පද්මා නන්දනී සොයා දෙන්න

මෙම මස පහළොස්වැනිදා සිට තිරගත වන රොහාන් පෙරේරාගේ ඒලෙවල් සිනමාපටයේ චරිතයක් ගැනයි මේ කියන්න හදන්නේ. එම චිත්‍රපටයේ තිර රචනයත් සිදු කොට ඇත්තේ රොහාන් විසින්. සාමාන්‍යයෙන් ඔහු නිම කරන චිත්‍රපටවල කතාවල ඇති චරිතයන් සඳහා පාදක කර ගන්නේ සැබෑ ජීවිතයේ රොහන්ට හමු වූ චරිත සහ ඔවුන්ගේ හැසිරීම්. ඒ ආභාසයෙන් රොහාන් චරිත ඩිවලොප් කරනවා. ඒ ලෙවල් සිනමාපටයේ සිටිනවා දඟකාර කටකාර පාසල් යුවතියක්. ඇයට තැනක් නොතැනක් නැහැ. ඔහේ කියවනවා. කැලණිය ධර්මාශෝක විද්‍යාලයේ රොහාන් ඉගෙන ගන්නා කාලේ සැබවින්ම මේ චරිතය ඉඳලා තියෙනවා. ඇගේ සැබෑ නම පද්මා නන්දනී. මේ පද්මාගේ චරිතයම තමයි අර චිත්‍රපටයේ ඉන්න දඟකාරිය. පද්මා දැන් කොහේ ඉන්නවද කියලා රොහාන්වත් දන්නේ නැහැ. හැබැයි ඇයව රොහාන් හමුවන්නට කැමැත්තනේ ඉන්නවලු. බැරි වෙලාවත් ඒලෙවල් චිත්‍රපටය පද්මා නැරැඹුවොත් තමන්ගේ පාසල් වියේ චරිතය දැක බලා ගන්නට පුළුවන්.