‘දෝණි’ ටෙලි නාට්‍යයේ හඬ කවන අපේ නෙත්මි
අපේ කතාවේ කුමරියයි ඈ
ඇගේ කතාවේ සුරඟනයි ඈ
‘දෝණි’ ටෙලි නාට්‍යයේ
හඬ කවන අපේ නෙත්මි
මේ දිනවල
අතිශය ජනප්‍රිය
‘දෝණි’ටෙලි නාට්‍යය
පිළිබඳඔබ නෑසූ
කතා
'ආර්යයන් මට මේක කියන්නකෝ, හැමදාම හඳ පායන්නේ රෑට නම් ඉර මාමාත් රෑට දොයි යනවා නම්
කොහොමද ඉරෙන් හඳට එළිය ලැබෙන්නේ. මම නම් කියන්නේ හඳ මාමා කාගෙවත් එළිවලින් බැබළී
බැබළී ඉන්නේ නෑ. එයා තනියමයි බැබළෙන්නේ'
හ්ම් ම්... මම මෙහෙම වාහනයක කවදාවත් ගිහිල්ලා නෑ. මට එහා පැත්තේ මගේ යාළුවා ආර්යන්
ඉඳගෙන ඉන්නවා. වීදුරුවෙන් එළිය බැලුවාම පේන්නේ ලොකු ගෙවල්. මම ඒවා කවදාවත් දැකලා
නෑ. අපේ ගමේ ලොකුම ගේ බංගලාවනේ. දැන් මං ආයිත් කවදාවත් බංගලාවට යන්නේ නෑ. අහසේ
නිදහසේ ඉගිල්ලෙන කිරිල්ලියක් වගේ මමත් දැන් නිදහස්. මම මේ යන්නේ ලක්නව් නුවරට.
කවදාවත් මං එහේ ගිහිල්ලා නෑ. මට මගේ අම්මාව, තාත්තාව, ඉම්ලි නංගිව, ආච්චි අම්මව
මතක් වෙනවා. එයාලා කොච්චර නම් බයෙන් හාමුලට වැඩ කරනවද? ඒත් හරියට කන්නවත් සල්ලි නෑ.
ගෙදර ආච්චි අම්මාගේ පෙට්ටගම වගේ අම්මා මාව ඉපදෙන්නටත් කලින් බංගලාවට උකස් තිබ්බට
මොකෝ මම එයාලා එක්ක තරහ නෑ. මං දන්නවා අපි ගොඩක් දුප්පත් කියලා. කවදා හරි මම අපේ
අම්මලාගේ වහල් ජීවිතයට නිදහස ගේනවා.
වාහනෙන් එළිය බලන කෙට මට ලොකු සතුටක් දැනෙනවා. මට බංගලාවෙන් පැනලා යන්න උදව් කරපු
අඹ කූඩේ වාහනේ පිටිපස්සේ තියෙනවා. එතකොට අඹ කූඩෙන් එළියට ආපු ලස්සනම ලස්සන අඹ ගෙඩිය
තමා මම.
'ඉර පායන්නේ මං හින්දා
සඳ පායන්නේ මං හින්දා
රෑ හිනැහෙන්නේ මං හින්දා
මල් පූදින්නේ මං හින්දා
අම්මාගේ දෝණී මං හින්දා
දේදුන්නේ පාට වේලා මං ආවා
දෝණී . . .
හප්පොච්චියේ ආර්යන් මෙච්චර ලොකු ගෙදරක්. මේක අපේ ගමටත් වඩා ලොකුයිනේ . එතකොට මේ
පාරේ ලොකු බලන්නකෝ, බංගලාවට යන පාර වගේ . . .'
'ලක්නව්වල මේ වගේ පාරවල් තමයි තියෙන්නේ නෙත්මි'
මම ආයිත් වාහනේ වීදුරුවෙන් දෑස් විහිදා එළිය බලන්න ගත්තා. හරිම ලස්සනයි. හරිම
නිදහස්. පාර අයිනේ කෑම කඩවල සුවඳ මගේ පුංචි නහය අස්සෙන් බණ්ඩිය ඇතුළටම යනවා. මේවායේ
පූරීත් ඇති. චූටි චූටි බුබුළු ගොඩක් දාලා, ස්ස්ස් ගාගෙන බෝලයක් වගේ පිම්බිලා, සූස්
ගාලා හුලං බැහැලා යනවා පූරීවල, දැක්කම ආසවේ බැහැ. ඒවා බඩට වැටුණහම බඩගින්න පටස්
ගාලා නැති වෙනවා'
පූරී මතක් වෙන කොට මගේ නංගි ඉම්ලීව මතක් වෙනවා. දැන් එයා බඩගින්නේ ද දන්නේ නෑ.
ඉම්ලි හරි ආසයි පූරිවලට. පූජාව දවසේ දෙවියන්ගෙන් මට ලැබුණු ආශිර්වාද පටිය හුළඟට
බංගලාවට ගියානේ. මම හොරෙන් බංගලාව ඇතුළට ගිහිං ආශිර්වාද පටිය ගත්තා. ඒත් කොහෙද ඉතිං
ඉම්ලිට එවෙලෙ පූරී ඕන උනානේ බංගලාවෙන්. එයාට පූරී ගන්න ගිහිං තමයි මේ සේරම උණේ.
බංගලාවේ තිබුණු උත්සවය මං නිසා කඩාකප්පල් වුණානේ. එදා ඉඳන් මම බංගලාවේ හිරකාරියක්.
ඒත් අද ඉඳන් ආයිත් මම බංගලාවට යන්නේ නෑ.
වීදුරුවේ එල්ලිලා ඉඳලා මගේ අතත් රිදෙනවා. ඒත් හිතේ සතුටට ඒක එච්චර ගාණක් නෑ. අත
දිහා බලද්දීම දැක්කේ මගේ අතේ තියෙන සලකුණ. ඒක කොච්චර ඇතිල්ලුවත් මැකෙන්නේ නෑ. මම
මේකට පොඩ්ඩක්වත් කැමැති නෑ. අපේ අම්මා නම් කියන්නේ මේ මට දෙවියන්ගෙන් ලැබුණු
ආශිර්වාදයක් කියලා. මම දෙවියන්ගේ දරුවෙක් කියලා. මම දෙවියන්ගේ දරුවෙක් නම් ඇයි මගේ
නංගි ඉම්ලි දෙවියන්ගේ දරුවෙක් නොවෙන්නේ. එයාගේ අතේ මේ කලු පාට ලාංඡනය නෑනේ. ඒක තමා
මට තේරෙන්නේ නැති ප්‍රශ්නේ. ඒත් බංගලාවේ වැඩ කරන හැමෝගෙම මේ සලකුණ තියෙනවා. මගේ
යාළුවන්ගෙත් නැහැ. ඉම්ලිගෙත් නැහැ. මගේ පුංචි අත ලොකු වෙන්න ලොකු වෙන්න මේකත් ලොකු
වෙනවා.
මගේ අම්මාගේත්, තාත්තාගෙත්, ආච්චිගේත්, සීයාගේත් එකම ප්‍රාර්ථනා මාව. දවසක් එයාලා
මට මෙහෙම කියනවා ඇහුණා.
'කවද හරි දවසක මේ දරුවා අපිව වහල්කමින් මුදවා ගනීවී. අපිට නිදහස ගෙනෙයි. අපි
හැමෝගේම බඩවල් පුරවයි. මහන්සි වෙලා වැඩත් කරයි. අපි දකින එකම හීනය මේ දරුවා'
'අපේ කතාවේ කුමරියයි ඈ
ඇගේ කතාවේ සුරඟනයි ඈ
දිරි වඩා හෙට ලොව හොයයි ඈ
ප්‍රාණ සම වූ දෝණියයි
කිරි සිනහ පතුරන දෝණියයි ඈ
මිහිපිටට ආ දෙවඟනයි ඈ
මිහිකතාවේ තනුව දෝ ඈ
සුවඳ දෙන මල් කැකුළියයි
දෙවියන් මැවූ දෝණි . . .'
මුළු අහසම පූර්ණ චන්ද්‍රයාගෙන් ඒකලෝක වූ දවසකයි මම ඉපදුණේ. ඉපදුණු දා සිට මම
කවදාවත් කිසිම දේකට ඇඬුවේ නෑ. කොච්චර බංගලාවේ අය මට බැන්නත් සැර කලත් ගුටි දුන්නත්
මට රිදෙන්නේ නෑ. මට ඕන කිරිල්ලියක් වගේ නිදහසේ අහසේ සිසාරා පියාඹන්න. මට විතරක්
නෙවේ. මගේ ගෙදර අයටත් ගමේ හැමෝටමත් ඒ නිදහස ලබා දෙන්න.
මේ සුන්දර වදන් සුරතල් අයුරින් තෙපලන හඳක් වගෙ මුහුණක් තියෙන පුංචි දෝණීව ඔබට මතකද?
ඒ දෝණී ටෙලි නාට්‍යයේ හුරුබුහුටි නෙත්මිගේ. දෙසැම්බර් පළමුවැනිද සිට සෑම සතියේ
දිනකම සවස 6.00 ට හිරු tv හි විකාශය වන දෝණී ටෙලි සිතුවම ඉන්දියාවේ Udaan Sapuon
Ki නමින් තවමත් විකාශනය වේ. ඉන්දියාවේ ඉහළ ජනප්‍රියත්වයක් හිමි Udaan ටෙලි අන්දරය
මේ දිනවල දෙමළ බසින් හඬ කවා ඉන්දියාවේ Raj TV ඔස්සේ ද, සිංහල බසින් හඬ කවා හිරු tv
ඔස්සේ ද විකාශනය වේ.
දිල්ලි නුවර ආශ්‍රීතව රූගත කිරීම් සිදු කළ දෝණි ටෙලි අන්දරය රොබින් බාට්, ජාවේද්
සිද්ධිකියූ හා සමීර් සිද්ධ්කියුගේ තිර රචනයකි. ගුරුඕද(ර්) බහල්හා හා මහේෂ් බාත්ගේ
නිෂ්පාදනයකි.
දෝණී නමින් අප හමුව එන Udaa ටෙලි කතාවේ ප්‍රධාන චරිතය නෙත්මි තවමත් අට හැවිරිදි
පාසල් යන ඉන්දියාවේ ප්‍රකට ළමා නිළියකි. ඇය නමින් ස්පන්දන් චාතුර්වේදීය. 2015 වසරේ
ඉන්දියන් ටෙලිවිෂන් ඇකඩමි සම්මාන උළෙලේ හොඳම නැඟී එන ළමා නිළිය ලෙසටත් එම වසරේම Zee
Gold සම්මාන උළෙලේ හොඳම ළමා නිළිය ලෙසටත් සම්මානයට පාත්‍ර වීමට චාතුර්වේදිට හැකි
විය. ගිය වසරේ සිය ප්‍රාථමික අධ්‍යාපනය හමාර කළ ඇය උදාන් ටෙලි කතාවේ සිය වැනි කොටස්
සැමරුම් උලෙළේ දී පාදයට ටයිල් කැටයක් වැටී ආබාධයට ලක්ව මාස එක හමාරක් පමණ ප්‍රතිකාර
ලැබුවාය. 'ඒක් වීර් කී
අර්දාස්' ටෙලි නාට්‍යයේ රඟපෑමෙන් පුංචි අවධියේදීම රංගනයට
පිවිසි ඇය මේ දිනවල omedy Nights With Kapi ටෙලි සිතුවමේද දැකගත හැකිය.
හිරු ටීවී හඬ කැවීම් අංශයේ එකමුතුවෙන් ගෙනෙන දෝණී ටෙලි අන්දරය මාස දෙකක් වැනි කෙටි
කාල සීමාවකින් ලැබූ ඉහළ ප්‍රේක්ෂක ආදරය හා වැඩි ඉල්ලිම් නිසා මේ මාසයේ සිට සෑම
සෙනසුරාදා හා ඉරිදා දිනකම සවස 3.30 ට නැවතත් විකාශය වේ.
එමෙන්ම පුංචි දරුවන්ගේ මුවඟ තුඩුදෙන දෝණී ටෙලි අන්දරයේ තේමා ගීතයට පණ පොවනුයේ සජානි
කවීෂාය. එහි පද රචනය රචිතා වාකිස්ථාගෙනි. සංගීතය තිළිණ රුහුණගේ විසිනි.
දයාල් බණ්ඩාරගේ හා චමත් හසරංගගේ හඬ කැවීම් අධ්‍යක්ෂණයෙන් ඔබ වෙතට එන 'දෝණි' ටෙලි
නාට්‍යයේ ප්‍රධාන චරිතය වන දෝණිගේ සුරතල් කටහඬට පණ පොවනුයේ නෙත්මි සෙහන්සාය. ඇය
දැනට මාලඹේ රාහුල බාලිකා විද්‍යාලයේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.
දෝණිගේ මව වන කස්තුරිගේ චරිතය නුරාධිකා සේරසිංහගෙන්ද පියා වන බුවන්ගේ චරිතය මහින්ද
කරුණරත්නගෙන්ද ඉම්ලිගේ චරිතය වොන්යා බණ්ඩාරගේ හඬින් ද පණ ගැන්වෙයි. මිනිසුන්ව වහල්
සේවයට යොදවා කුරිරු ලෙස වැඩ ගන්නා කමල් නාරායන් රාජ්වංශිත් හෙවත් හාමුගේ චරිතයට හඬ
මුසු කරනුයේ එම්. සෆ්රාස්ය. රංගන ශිල්පිනී කුසුම් රේණු හාමුගේ බිරිඳ තේජස්වනීට හඬ
කවයි. ආර්යයන්ගේ චරිතය නවීන් දිසානායකගේ හඬින් ද, සුරාජ්ගේ චරිතය නිපුන් නුවත්තගේ
හඬින් ද, විවාන්ගේ චරිතය හසිත් තෙනුෂ්කගේ හඬින් ද හැඩගැන්වේ. හඬ කැවීම් සහාය
අධ්‍යක්ෂණය දිලීප් තේජන හා ඉෂාරා කල්පනීගෙනි.
දෝණී බංගලාවෙනුත්, ගමෙනුත්, පැන යාම සමඟ ඇගේ ජීවිතය කවර අයුරින් වෙනස් වේවිද? ඇය
කුමන අභියෝගවලට මුහුණ දේවිද? නගරයේ පාසලට ගොස් අකුරු ඉගෙන ගෙන උගත් දරුවෙක් වෙන්නේ
කෙසේද? ඒ අතර සර්කස් එකකට සම්බන්ධ වී ඇගේ ජීවිතයේ ලබන නිදහස හා අත්දැකීම් කෙබඳුද?
නොසිතූ ලෙස තමාගේ පියා මෙන් තමාව රැක බලා ගන්නා ආර්යන්ගේ පියා ඊශ්වර් රාවත් හාමුගේ
බලපෑමෙන් අත් අඩංගුවට පත් වන්නේ කෙසේද? පසුව ඔහු බෝම්බයකින් ඔවුන් සියලු දෙනාම
හැරදා මෙලොවින් සමු ගන්නේ කෙලෙසද? ඒ අතර දෝණී නැති සොවින් ඇගේ මව කස්තුරිගේ සිහිය
විකල්වීමත්, පියා බේබද්දෙකු බවට පත්වීමත්, ඔවුන්ගේ ජීවිතවලට බලපාන්නේ කෙසේද? අවසන
දෝණී මේ සියල්ලටම විසඳුම වන වහල්කමින් ගමේ මිනිසුන් මුදවා ගැනීම ඇගේම නිවුන්
සහෝදරිය හා එක්ව විසඳන්නේ කෙසේද යන්න දෝණී ටෙලි සිතුවම ඉදිරියටත් නැරඹීමෙන් ඔබට රස
විඳිය හැකිය. ඉන්දියාවෙන් අපට ලැබෙන ටෙලි කතා අතරින් දෝණී ටෙලි අන්දරය ප්‍රේක්ෂක
ඔබට වෙනස්ම අත්දැකීමක් හා වින්දනයක් ගෙනෙනු නොඅනුමානය.
- අමානි ඉරේෂිකා රූපසිංහ
|