වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 18 වැනිදා බ්‍රහස්පතින්දා




Fun Music

Fun Music

අලුත් මියුසික් වීඩියෝ ගැන කියවමු

රන්ජන්ගේ රැඟුමක්

හිත හඬා වැටුණා මාගේ
සෝ තැවුල් පමණයි රැඳුණේ
නෙත් කොනින් රැඳුණ ඔබෙ රූ
සිතුවමක් වාගේ
 

ගායනය - ආශා තෙන්නකෝන්

පද රචනය - ආශා තෙන්නකෝන්

සංගීතය - අමිත් ගුරු

මියුසික් වීඩියෝ අධ්‍යක්ෂ - විකුම් පියුමාල්

ඉදිරිපත් කිරීම - වී සිනමා

මෙම ගීතයෙහි මියුසික් වීඩියෝවේ රංගනයේ යෙදෙනුයේ රන්ජන් රාමනායක සහ රුවංගි රත්නායකයි. මෙම වීඩියෝව මේ වන විට අන්තර් ජාලය තුළ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ එකක් බවට පත්ව තිබේ. මෙය රන්ජන් රාමනායක රඟපෑ පළමු මියුසික් වීඩීයෝව වේ.

 

දුෂ්‍යන්තිගේ දෙවැන්න

මතුදාක යළිත් හමුවේවි අපිත්
ඔයයි මමයි
සිත කඳුළු සුසුම් නැති ලොවක අලුත්
මගෙ ජීවිතයෙන් සමුගන්න ඔබත්
ආ මොහොතේ
අවසන් දවසේ සිදුවේද කුමක්
 

ගායනය - දුෂ්‍යන්ති නදීෂා

පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ

සංගීතය - නවරත්න ගමගේ

මියුසික් වීඩියීවේ අධ්‍යක්ෂණය - හර්ෂ උඩකන්ද

සිරස සුපිරි තරු මාවතේ ගායිකාවක වන දුෂ්‍යන්තිගේ දෙවැනි මියුසික් වීඩියෝව වන්නේ මෙයයි.

 

යන්න ගියේ මා දමා

යන්න ගියේ මා දමා
ආයෙ නො එන්නම් සදා
දෙන්න එපා මා පතා
තියන විටදි නම් ඔයා
 

ගායනය - සචිත්‍ර ධනුෂ්ක

පද රචනය - අෂිනි තර්ෂිකා

සංගීතය - සරත්

මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂ - චමුශ්‍රි

ඉදිරිපත් කිරීම - එවලුෂන් ෆිල්ම්

 

අනේ සර්

අනේ සර් පැහැරගන්නෙපා
අපේ නිවාඩු කාලේ
පව්නෙ සර් කුරුල්ලො ටික
බලා හිඳීවි
නිවාඩුවට මං ගම එනකම්
 

ගායනය - රශිනි

පද රචනය - ජගත් ගාමිණී මාවතගම

සංගීතය - ජගත් වික්‍රමසිංහ

මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂ - ජගත් ගාමිණී මාවතගම

ටියුෂන් මාෆියාව විසින් ගිලගෙන ඇති අප ළමුන්ගේ ළමා කාලය නැවත ලබා දෙන මෙන් ඉල්ලීමක් මෙම ගීතය මඟින් කරනු ලබයි. ගාල්ල අවට මෙහි මියුසික් වීඩියෝව රූපගත කොට තිබේ.