වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 18 වැනිදා බ්‍රහස්පතින්දා




වර්ණ ඔස්සේ ලකීගේ වෙනස් රුවක්

වර්ණ ඔස්සේ ලකීගේ වෙනස් රුවක්

දිනෙන් දින ලකී ඩයස්ට එක එක විදිහේ චරිත ලැබෙනවා. කාලයක් තිස්සේ ඔහු රැවුල් මෝස්තර ද වෙනස් කරන්නේ චරිත වෙනුවෙන්මයි.

කලක් ලකී තම උඩු රැවුල පමණක් ඉතිරි කොට මුහුණෙහි ඉතිරි රැවුල කපාගෙන හිටියා. ඒ ඇහැළේපොළ කුමාරිහාමි චිත්‍රපටය වෙනුවෙන්.

මේ දිනවල ලකී ඊට හාත්පසින්ම වෙනස් චරිතයක් මවනවා. මේ ස්වරූපයෙන්ම ඔබට පෙනෙනවා ඇති ලකීගේ චේන්ජ් එක.

ඔහු මෙහෙම වෙස් මාරු කරගෙන සිටින්නේ වර්ණ ටෙලි නාට්‍ය වෙනුවෙන්. එහි මහාචාර්යවරයකුගේ චරිතයයි ලකී මෙහෙම රඟපාන්නේ. ලබන සතියේ සිට වර්ණ ටෙලි සිතුවම හරහා ලකීව මේ අන්දමින් දැක බලා ගත හැකි වේ.