වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 18 වැනිදා බ්‍රහස්පතින්දා




Hollywood

bollywood

කේරළයේ අභිමානය

බොලිවුඩ් නිළි විද්‍යා බාලන්ට ලෝක මලයාලී සභාවෙන් 'නපඪඤඥ ධට ම්ඥපචතච' හෙවත් 'කේරළයේ අභිමානය' කියන සම්මානය පිරිනමලා.

තමන්ගේ ජීවිතයට මේ සම්මානය බොහොම ආඩම්බරයක් බව විද්‍යා කියනවා. 2005 වසරේදී 'පරිනීති' චිත්‍රපටයෙන් බොලිවුඩයට පිවිසි විද්‍යා 'ලාගේ රහෝ මුන්නා භායි', 'ඊඩඥ ච්ඪපබර ර්‍ථඪජබභපඥ' සහ 'කහානි' යන චිත්‍රපට වලින් වඩාත් ජනප්‍රියත්වයට පත් වුණා.

විද්‍යා අවසන්වරට බොලිවුඩයේ දිස්වූයේ, 2015 වසරේ තිරගත වූ මොහිත් සූරී ගේ 'හමාරී අධූරී කහානී' චිත්‍රපටයෙන්. මේ දිනවල ඇය 'ඊඥ3ද' කියන චිත්‍රපටයේ රූපගත කිරීම් නිසා කාර්යබහුලයි. 'ඊඥ3ද' චිත්‍රපටයේ විද්‍යා හා රඟ දක්වන්නේ අමිතාබ් බච්චන් සහ නවුසුද්දීන් සිද්දික්.

කරන්ට චිත්‍රපට නැහැ

“මාව කවුරුවත් ප්‍රධාන චරිතයකට කැඳවන්නේ නැහැ. මෙහෙම සිටියොත් මා මැරේවි.

මගේ කුළුඳුල් චරිතය බොම්බේ වෙල්වට් හ රංගනය එතරම්ම විනාශකාරී වී තිබෙනවා”. මෙසේ කියන්නේ වෙන කවුරුවත් නොවෙයි, සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ කරන් ජොහාර්.

43 හැවිරිදි කරන් අනුරාග් කාශ්‍යප් අධ්‍යක්ෂණය කළ බොම්බේ වෙල්වට් හි දුෂ්ටයා ගේ චරිතයට පණ පෙවුවා.

කරන් මේ බව ප්‍රකාශ කළේ ඔහුගේ නිෂ්පාදනයක් වන 'කපූර් ඇන්ඩ් සන්ස්' හි පූර්ව ප්‍රචාරක පටය නිකුත් කරන අවස්ථාවේදීයි. 'කපූර් ඇන්ඩ් සන්ස්' හි සිද්ධාර්ත් මල්හෝත්‍රා, ආලියා භාත්, ෆවාඩ් ඛාන්, ඍෂි කපූර්, රත්නා පතාක් සහ රාජත් කපූර් චරිත නිරූපණය කරනවා.

ශාරුක් සහ සල්මන්

ශාරුක් ඛාන් සහ සල්මන් ඛාන් ලඟදි දවසක රියලිටි වැඩසටහනක් සඳහා හින්දු කෝවිලකට ඇතුල්වෙලා. පාවහන් නොගලවා ඇතුල් වීම නිසා ඔවුන් හින්දු ආගමට අපහාස කළා යැයි චෝදනාවටත් ලක් වෙලා. කෙසේ නමුත් උසාවියෙන් තීන්දු කර තිබෙන්නේ එය ඔවුන් සිතා මතා කළ අපහාසයක් නොවන බවයි.

මේ අතර ශාරුක් පසුගිය දවසක තවත් අකරතැබ්බකට මුහුණ පැවා. බන්ද්‍රා - මන්නාත් හි ඔහු සතු මන්දිරයේ කොටසක් අනුන් සතු ඉඩමක නීති විරෝධීව ඉදිකිරීම නිසයි ඒ. මේ නිසා 'බ්‍රිහාන් මුම්බායි නගරසභාව' ඔහුගෙන් ඉන්දියානු රුපියල් ලක්ෂ දෙකකට අධික දඩයකුත් අය කරගෙන නීති ව්රෝධී කොටස කඩා දමා තිබෙනවා.

2014 වසරේ සිට විවිධ ක්‍රියාකාරීන් සහ නගරවැසියන් විසින් කල පැමිණිලි විභාග කිරීමෙන් අනතුරුවයි නගරසභාව මේ ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ. කොහොම වුණත් ඉක්මනට ගිහින් දඩය ගෙවන්න ශාරුක් කටයුතු කරලා තිබුණා.

ආදිත්‍යගේ අත්දැකීම්

ආදර චරිත රඟපා ප්‍රසිද්ධියක් ලබා සිටින ආදිත්‍ය රෝයි කපූර් පසුගිය දවසක විරහ අත්දැකීම කෙසේද යන්න විස්තර කළා. “මා මගේ පළමු පෙම්වතිය ගෙන් වෙන්වූයේ 9 වන ශ්‍රේණියේ සිටියදීයි. මට මතකයි මා සම්පූර්ණයෙන්ම අතරමංව සිටියා. මා සිතුවා ඒ මගේ ලෝකයේ අවසානය කියා.

කිසිම දිනෙක නැවතත් ගැහැණු ළමයෙක් නොලැබේවි යයි මා සිතුවා. නමුත් මා විභාග වලින් සමත් වීමෙන් පසුව ඒ හැගීම් නැතිවී ගියා”

ඉහළ ජනප්‍රියත්වයට පත් 'ආශික් 2' චිත්‍රපටයෙන් පසු ඔහු තවත් අමතක නොවන අත්දැකීමකට මුහුණ දීලා.

ඔහු එය විස්තර කළේ මෙලෙසින්. "මේ චිත්‍රපටයෙන් පසුව මා කෙරේ හද බැඳගත් ප්‍රේක්ෂිකාවක් මගේ ගෙදර අභියස දින 6ක් එක දිගට ගතකර තිබෙනවා. එය බොහොම විකාර අදහසක්. ඇයට මා දුරකතනයෙන් අම්බන්ධ කරගන්න තිබුණා”.

පසුගිය 12 වනදා තිරගත වීම ඇරඹි 'ෆිතූර්' චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වන්නේ ආදිත්‍ය. එහි කත්‍රිනා කයිෆ් ඔහු හා රංගනයේ යෙදෙනවා.

තාබුගේ දුෂ්කර ගමන

"බොලිවුඩය මට දුෂ්කර දුෂ්කර ගමනක් වුනා. ඒ එතරම් දුෂ්කර නොවුනා නම් කියා මම පැතුවා. චිත්‍රපට කියන්නේ එහි එක කොටසක් පමණයි. ඔබ ඊට වඩා බොහෝ දේ ඉගෙනගන්නවා.

ඔබේ ජීවිතය මහජනයාට විවෘත වනවා. ඕනෑ කෙනෙකුට ඔබ ගැන ඕනෑම දෙයක් කියන්න හැකි වනවා. මේවා තමයි මට වැඩියෙන්ම බලපෑවේ." හින්දි සිනමාවේ දරුණුතම චරිත රඟපෑ නිළියක් වන තාබු මෙසේ කියනවා.

44 වියෙහි පසුවන තාබු සිනමාවට ප්‍රවිෂ්ට වුනේ 80 දශකයේ මුලයි. ඇගේ වෘත්තීය ඇයගේ පෞරුෂය නිර්මාණය කළ බවත් තාබු තවදුරටත් පවසනවා. "මගේ අම්මා හැමවිටම මා සමඟ සිටියා.

මා මේ කර්මාන්තයේ සිටීමට අනෙක් හේතුව වන්නේ මා තුළම තිබූ පැවැත්ම සඳහා වූ ඉව කියා කියතහැකි. මා කළ කැපකිරීම් වල ප්‍රතිඵල මා දැන් භූක්ති විඳීනවා" ඇය තව දුරටත් පවසනවා.