මේ සතියේ බලනවා නම් චිත්‍රපට
සාදය මාරයි සල්ලි හමාරයි
දර්ශන සියයයි
ධර්මප්‍රිය ඩයස්ගේ ‘සාදය මාරයි සල්ලි හමාරයි’ වේදිකා නාට්‍යයේ සියවැනි දර්ශනය මේ මස
26 වැනිදා පාදුක්ක සිරි පියරතන විද්‍යාලයීය රංග ශාලාවේදී හා 27 වැනිදා හොරණ
ශ්‍රීපාලි රංග ශාලාවේදී වේදිකා ගතවෙයි.
මෙහි ගිහාන් ප්‍රනාන්දු, දයාදේව එදිරිසිංහ, ජයනි සේනානායක, ගිරිරාජ් කෞශල්‍ය,
අනුරාධා පෙරේරා, අනුරාධ මල්ලිකාරච්චි, ධර්මප්‍රිය ඩයස් යන රංගන ශිල්පීහු හා
ශිල්පිනියෝ රංගනයෙන් දායක වෙති.
වේශ නිරූපණයෙන් ප්‍රේම ජයන්ත කපුගේ, රංගාලෝකයෙන් රංග
සමරකෝන්, වේදිකා පරිපාලනයෙන් අරුණ ජයරත්න, පසුතල නිර්මාණයෙන් වසන්ත රත්නායක, ඇඳම්
නිර්මාණයෙන් ගිහාන් ප්‍රනාන්දු සහය වෙති.
සමන් පුෂ්ප ලියනගේ සිංහලට පරිවර්තනය කරන
ලද රේකූනිගේ ‘ෆනි මනි’නාට්‍යය ඇසුරින් වේදිකාවට නැඟුණු ‘සාදය මාරයි සල්ලි හමාරයි
අනුවර්තන වේදිකා නාට්‍යයේ පිටපත ධර්මප්‍රිය ඩයස්ගෙනි. ප්‍රියංකාර ද සිල්වාගේ
නිෂ්පාදනයකි.
- තිලානි
18 වැනිදා
*‘කුවේණි’ මීගමුව නගර ශාලාවේ
*‘රත්නාවලී’ මරදාන ටවර් රඟහලේ
20 වැනිදා
*‘මාරක ළිඳේ සවාරියක්’ ත්‍රිකුණාමලයේ නාවික හමුදා රඟහහලේ
*‘රයිගමයයි ගම්පොළයයි’ බොරැල්ල නාමෙල් - මාලිනී පුංචි තියටර්හි
21 වැනිදා
*‘මල් වඩම් අනවශ්‍යයයි’ බොරැල්ල නාමෙල් - මාලිනී පුංචි තියටර්හි
*‘චරිතේ හොරු අරං’ කොළඹ 07 නව නගර ශාලාවේ
- තිලානි
‘මාරම්බරී’ ප්‍රසංගය
19
නොපැවැත්වෙයි
විශාරද එඩ්වඩ් ජයකොඩිගේ මේ මස 19 වැනිදා පැවැත් වීමට නියමිත ‘මාරම්බරී’ ප්‍රසංගය
හදිසි හේතුවක් නිසා නොපැවැත්වෙන අතර අද දින (25 වැනිදා) කොළඹ 10 මරදාන කුලරත්න
ශාලාවේදී පැවැත්වෙන ප්‍රසංගය එදිනට පැවැත්වෙන බැව් විශාරද එඩ්වඩ් ජයකොඩි පවසා
සිටියි.
- තිලානි
|