|
ලණුව ගිලලා
ඊට පසුව ටෙලි නාට්‍යයේ හිත මිත්‍රයකුගෙන් අහලා ඇයට වෙන් කළ කාමරය තියෙන්නේ කොහේද කියලා. අපේ මිත්‍රයාත් අංජුලාට ලණුවක් දෙන්න ඕනෑ කියලා හිතලා පෙන්නුවලු වෙන කාමරයක්. අංජුලාත් වගක් විභාගයක් නැතුව පෙන්නුව කාමරයට ගිහින් ඇඳ මත වාඩි වෙලා ඒ මත බෙඩ් ෂීට් වගයක් තිබිලා ඒවා අයින් කරන්න හිතාගෙන අතට ගත්තා විතරයිලු. අඳුනන්නේ නැති දෙදෙනෙක් නිදාගෙන ඉන්නවලු. අංජුලා හිතලා තියෙන්නේ ඒ ටෙලි නාට්‍යයේ කවුරු හරි වෙන්න ඇති කියලා. බැලින්නම් වන්දනාවේ ආපු පිරිසක් තමයි ඒ කාමරයේ ඉඳලා තියෙන්නේ. ඔවුන් අංජුලාව දැකලා බය වෙලා. අංජුලා ඔවුන් දැකලා බය වෙලා. කොහොම හරි ඇයට කෑගැහිලා. අන්තිමේ අංජුලා තමන් ලණුවක් ගිල්ල බව දැනගෙන. එදා දවසම ඇය ඉඳලා තියෙන්නේ ලණුව දීපු කෙනාට ප්‍රති ලණුවක් දෙන්න. ඒත් බැරි වෙලා. |