|
මේ සතියේ බලනවා නම් චිත්රපටඅමෙරිකානු අත පෙවීම OUR BRAND IS CRISISලෝකයේ සෙසු රටවල දේශපාලනය කෙරෙහි අමෙරිකාවේ අත ගැසීම් එරට වැසියන්ගේ පවා උදහසට ලක් වෙයි. බොලීවියානු ජනාධිපතිවරණයේ අපේක්ෂකයකුගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇමරිකානු උපදේශක කණ්ඩායමක් වටා ගෙතී ඇති මෙම හාස්‍යෝත්පාදක නිර්මාණය උසස් රස වින්දනයකට සුදුසු චිත්‍රපටයකි. සැන්ඩ්‍රා බ්ලොක්, බිලි බොබ් ත්‍රෝටන්, ඇන්තනී මැකී, ජොආඩ්‍රයිම් ඩි අල්මේදා, ඈන් ඩෝවුඩ්, ස්කොට් මැකිනියර් සමඟ සෝඊ කසාන් රඟන මෙය ඩේවිඩ් ග්‍රෝර්ඩන් ග්‍රීන් ගේ අධ්‍යක්ෂණයකි.
පියෙකු හා දියණියක අතර භාෂාව FATHER AND DAUGHTERSසුප්‍රකට ඉතාලි සිනමාකරු ගේබ්‍රියල් මසීනේ අධ්‍යක්ෂණය කළ ෆාදර්ස් ඇන්ඩ් ඩෝටර්ස් ඉතා ළයාන්විත චිත්‍රපටයකි. පුලිට්සර් සමාන දිනූ කතාවක් ඇසුරන් තැනුණ මෙය සම්මානනීය ජනප්‍රිය නළු රසල් ක්‍රෝවේ, අමන්ඩා සිෆිල්ට්, ඩයිනි කෲපර්, ජේන් ෆොන්ඩා, බෲස් ශ්‍රීන්වුඩ් ඇතුළු නළු නිළියන් රැසක් චරිත මවති. මානසික තැවුලට පත් පියෙකු හා දියණීයක අතර ගැටුම පාදක කර ගනිමින් තැනුණු මෙම චිත්‍රපටය මිනිත්තු 116 ක් දිගය.
පොලිස් නිලධාරියකුගේ සාපරාධී අනාවරණය EXPOSEDපොලිස් නිලධාරියකු තමන්ගේ සගයාගේ මරා දැමීම සොයා ලුුහබඳිද්දී අනාවරණය වනුයේ නොසිතූ විරූ පුවතකි. මේ ජනප්‍රිය නළු කීනු රිව්ස් ගේ නවතම රංගනයයි. ඇනාඩි අර්මස්, ක්‍රිස්ටොීපර් මැක්ඩොනල්ඩ් සහ මීරා සෝවිනෝ රංගනයෙන් දායක වී ඇත. එය ඩෙක්ලන් චේල්ගේ අධ්‍යක්ෂණයකි.
දරුවනේ PASANGA -2, HAIKUදරුවනේ චිත්‍රපටයට පාදක වූ පසංගා නම් සම්මානනීය දෙමළ චිත්‍රපටයේ දෙවන කොටස හයිකු නමින් දැන් එළි දැක ඇත. දරුවන් සහ මාපියන් අතර අනවබෝධය පාදක කර ගත් මෙය පාන්ධිරාජ් නම් සම්මානනීය සිනමාකරුවාගේ නිර්මාණයකි. නිමේස් බේවි, විශ්නාටි ආරුශ්, කාර්නික් කුමාර් බින්දු, මාධවි විද්‍යා, ප්‍රදීප් රාම්දෝස් රේඛා හරිස්චනුත්, සූරියා අමලා පෝල් මෙහි චරිත මවති. එය ජනප්‍රිය නළු සූර්යා සිය ස්ටුඩියෝ ග්‍රීන් වෙනුවෙන් නිෂ්පාදනය කරන ලදී.
ඩිස්නි සමාගමෙන් නවතම CLOUD - 9
ජාත්‍යන්තර හිම තරග මාලාවක් පාදක කර ගනිමින් දේව් කැමරෝක්, ලුක් බෙන්චර්ඩ් ආදීන්ගේ
රංගනයෙන් එළිදකින ක්ලවුඩ් 9 චිත්‍රපටය ළමා චිත්‍රපටයකි.
වනපෙත නිහැඬියාව බිඳින THE SLEEP WALKER
සුන්දර වතුයායක ජීවත් වන අන්ඩෘ හා කයියා යුවළගේ ජීවිතය දෙදරා යනුයේ ඇයගේ සහෝදරිය හා
ඇගේ ප්‍රේමවන්තයා එහි පැමිණීමෙන් පසුවය.
ඔහු හඳුන්වන්නේ කවුන්සලර් නමිනි THE COUNSELOR
සම්මානනීය සිනමාකරු ස්කොට්ගේ නවතම නිර්මාණයක් වන කවුන්සලර් මයිස් නොස්බින්ඩර්,
පැනලෝ කෲස්, කැමරොන් ඩයස්, බ්‍රැඩ් පිට්, ගාවියර් බාඩග් ආදීන් චරිත මවති.
RAJINI MURUGAN
සම්මානනීය සිනමාකරු එන්. ලිංගුසාමි නිපද වූ නවතම චිත්‍රපටය වූ රජිණී මුරුගන් මේ
දිනවල ලංකවේද තිරගත වෙයි.
ඩී. වී. ඩී. අනුග්‍රහය - චිත්‍රපටය දිනන්න තරගය වෙනුවෙන් අප ඇසූ රෙවනන්ටි චිත්‍රපටයේ අධ්‍යක්ෂ කවුරුන්ද යන පැනයට අලිජෙනද්රෝ ගොන්සාලෙස් ඉතාරිට්ටු යනුවෙන් නිවැරැදි පිළිතුරු ලබාදී ජයග්‍රහණය කරනුයේ අංක 60 දෙවානම්පියතිස්ස මාවත, මරදාන, කොළඹ 10 ලිපිනයෙහි පදිංචි එම්. එල්. එම්. අස්වර්. |