බබ්ලි කීවාමයි මාව හැමෝම දන්නේ
බබ්ලි
කීවාමයි
මාව හැමෝම
දන්නේ
අවන්ති නේරංජනා |
ඇය අවන්ති නේරංජනා.
මා නිවැරිදි නම් ඔබ ගායිකාවක්?
ඔව්.
ඒ වගේම ඔබේ නවතම ගීතය මේ දිනවල අපිට රස විඳින්න පුළුවන්?
ඔව්.
ඒ ගැන විස්තර ටිකක් කිව්වොත්?
ගීතයේ නම ආසයි මං. අජිත් පෙරේරා එය සංගීතවත් කළා. ලිව්වේ අනුරාධ විතාරණ. ඒක බයිලා
ආරට ගැයූවක්.
ඇයි ඔබ රැල්ලට සින්දුවක් ගැයුවේ නැත්තේ?
ඒ කිව්වේ?
මේ දවස්වල අඬන ගීතනෙ තියෙන්නේ?
අපොයි ඔව්. ඒත් මං හිතුවා ඊට හාත්පසින්ම වෙනස් දෙයක් කරන්න. හරියට උඩුගං බලා පීනනවා
වගේ වැඩක් ඒක. නමුත් මං කළා.
උත්සාහය සාර්ථකද?
සින්දුව මේ වන විට රූපාවාහිනි සහ ගුවන් විදුලි නාළිකාවන්හි ප්‍රචාරය වෙනවා. එහෙම
වෙන්නේ සින්දුව හොඳ නිසානේ. ඒ වගේම මේක ආදර ගීතයක් හින්දා වැඩිපුරම ජනප්‍රිය තරුණ
තරුණියන් අතරේ.
ඔවුන් ඉලක්ක කරගෙන ද සින්දුව කළේ?
එහෙම එකක් නැහැ. නමුත් මං ගීතයේ තේමාව කර ගත්තේ හැම තිස්සේම තමන්ගේ ආදරවන්තයා ළඟ
ඉන්න පතන ආදරවන්තියක් ගැන. 'මට ආසයි හැම තත්ත්පරයෙම ඔයත් එක්ක ඉන්න' වගේ වචන භාවිත
කළෙත් ඒකයි. ඒවා ඉතින් සාමානයෙන් පොදු ආදරවන්තයින්ටනෙ.
ආසයි මං ගීතයේ රූප රචනාව ගැන කතා කළොත්?
එය අධ්‍යක්ෂණය කළේ රුසිරු පන්නිලගේ. එහි සංකල්පයත් ඔහුගේමයි. ප්‍රකට කාටුන් එකක් වන
චජථඥ ඇසුරෙනුයි එහි චරිත සකස් කළේ. දවස් දෙකක් සින්දුව ෂූට් කළා මීගමුව වැලිකන්ද
ප්‍රදේශයේ.
සින්දුව රූගත කරන්නට පෙර ඔබ ගොඩක් මහත් වුණාලු නේද?
ඒක මං විසින්ම කරගත්තු වැඩක්. රුසිරු මට කිව්වේ ටිකක් මහත් වෙන්න, එතකොට තමයි
වීඩියෝවෙ චරිතයට ගැළපෙන්නේ කියලා. ඒ හින්දා මහත් වුණා. ඒ විතරක් නෙවෙයි දවස් දෙකක්
කට්ට අව්වේ රූගත කිරීම් කරලා කළුත් වුණා.
මේ ඔබේ කි වැනි ගීතයද?
දෙවැන්න.
මොකක්ද පළමුවැන්න?
ඔයා තවම දන්නේ නැහැ.
ඒක හිතපු තරම් ජනප්ර්රිය වුණේ නැහැ නේද?
ඇත්තම කිව්වොත් මං එහි ප්‍රවර්ධනය සඳහා මහන්සි වුණේ නැහැ. ඒක වෙන්න ඇති එය ජනප්‍රිය
නොවුණේ.
ඔබේ නම අවන්ති වුණාට ඔබව ප්‍රසංග වේදිකාවේ ජනප්‍රිය වෙන නමකින්?
ඔව්. බබ්ලි කිව්වාම තමයි හැමෝම දන්නේ.
අවන්තිගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු කියමුද බලන්න?
මගේ ගම වේයන්ගොඩ. වර්තමාන පදංචිය ජාඇල. ඉගෙන ගත්තේ ගම්පහ යශෝදරා බාලිකා
විද්‍යාලයෙන්. මගේ සංගීත ගුරුවරිය තමයි විශාරද නන්දා මාලිනී මහත්මිය. මං කලින්
රැකියාවක් කළා. සංගීතය නිසා ඒක අතහැරියා. දැන් පූර්ණකාලීන ගායිකාවක්.
ප්‍රසංග වේදිකාවේ ඔබට ඉල්ලුමක් තියෙනවාද?
මං ජනප්‍රිය බයිලා ගායිකාවක් විදිහට. ඒ හින්දා ලොකු ඉල්ලුමක් තියෙනවා. විදෙස් සංචාර
සඳහා ආරාධනා ද ලැබෙනවා.
මේතාක් කල් පැමිණි ගමනේදී ඔබට ශක්තියක් වුණු අයව මතක් කරන්න පුළුවන් දැන්?
කුමාර කත්රි, සංජය, ශාලික, හෂිනි සහ මගේ ආසයි මං වීඩියෝවට සම්බන්ධ වෙච්ච හැමෝටම
තුති පුදන්න මේක අවස්ථාවක් කර ගන්නවා.
සටහන - ප්‍රසාද්
සේයාරුව - මාලන්
|