|
අර්ජුන්ගෙන් පිළිතුරුප්රශ්නය - ඔබ සිතන විදියට ලොව විශිෂ්ටතම චිත්‍රපටය ලෙස සැළකෙන්නේ කිනම් චිත්‍රපටයද? එය පිළිබඳ කෙටි විස්තරයක් කරන්න.
සුනිල් ශාන්ත දිසානායක අර්ජුන් - ලොව බොහෝ විචාරකයන් විශිෂ්ටතම චිත්‍රපටය ලෙස සළකන්නේ ඛ්ඪබඪලඥද ම්චදඥ චිත්‍රපටය යි. එය 1941 වසරේ අමෙරිකා එක්සත් ජනපදයේදී නිර්මාණය කරන ලද්දේ ඕසන් වේල්ස් නම් විසිහය හැවිරිදි සිනමාකරුවෙකුගේ මුල්ම චිත්‍රපටය ලෙසින්. වසර 75කට පසුවත් ඛ්ඪබඪලඥද ම්චදඥ චිත්‍රපටය පිළිබඳ අලුත් අර්ථ දක්වමින් සර්වකාලින චිත්‍රපටයක් ලෙසින් විචාරකයන් හඳුන්වා දෙනවා. එයට පාදක වනුයේ, සුප්‍රකට මිනිසෙකුගේ සැඟවුණ ජීවිතය යි. පළමු රූප රාමුවේ සිටම අවසානය දක්වා එය ජීවිතය පිළිබඳ විවිධ විවරණ සපයනවා. ඒ හැරෙන්නට ඉන්ග්මාර් බර්ග්මාන්, ආන්ද්‍රේ තර්කොව්ස්කි වැනි සිනමාකරුවන් රැසක් නිර්මාණය කළ චිත්‍රපට ලොව ශ්‍රේෂ්ඨ චිත්‍රපට ලෙස විචාරකයන් නම්කර තිබෙනවා.
ප්රශ්නය - අද දේශපාලකයෝ බණ කියනවා. ස්වාමින් වහන්සේලා දේශපාලනය කරනවා. කලාකරුවෝ දේශපාලකයන්ට කඩේ යනවා. මේවා හරිද අර්ජුන්?
ලක්ෂ්මන් රණසිංහ, හේකිත්ත, අර්ජුන් - ලක්ෂ්මන් වත්තල පැත්තේ එහෙම වෙනවාද?
ප්රශ්නය - “එදත් සූරයා අදත් සූරයා” චිත්‍රපටයේ ගාමිණි ෆොන්සේකා හා සේනාධිර රූපසිංහ ගේ සටන් ජවනිතා ඇතුළත් වූ බව ඇත්තද? එය රූගත කර තිබෙන්නේ ලේක්හවුස් ආයතනයේදී ද? එහිදී ගාමිණිගේ දියණිය ලෙස රඟපෑවේ සේනාධීර රූපසිංහගේ දියණියද?
දයානන්ද ද සිල්වා, සීනිගම, අර්ජුන් - ඔව්. එය රූගත කළේ ලේක්හවුස් ආයතයේ පත්‍ර රීල් ගබඩා කොට තිබෙන අංගනයේදීයි. එහෙත් එහි ගාමිණිගේ දියණිය ලෙසින් රංඟනයේ නිරත වූයේ සේනාධීරගේ දියණිය නොවේ.
ප්රශ්නය - මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් නිෂ්පාදනය කළ නාට්‍යයන් මොනවාද? සුනිල් චන්ද්‍රසේකර, යාගොඩමුල්ල, කොටුගොඩ අර්ජුන් - මනමේ, සිංහබාහු, ලෝම හංස, පේමති ජායතෝ සෝකෝ, කදා වලලු
ප්රශ්නය - මෙතෙක් වැඩිම ගායිකාවන් සංඛ්‍යාවක් සමඟ යුග ගී ගැයූ ගායකයා කවුද? බී. පී. එස් බෙලිගම්මන, පිටිහුම, කෑගල්ල අර්ජුන් - ඔහු පණ්ඩිත් අමරදේවයන් යැයි විශ්වාස කරනවා.
ප්රශ්නය - දොස්තර චිත්‍රපටය තිරගත කළාද? ඩී. බී. කුලතුංග, විහාර මාවත, පූගොඩ අර්ජුන් - 1956 වසරේදී එය තිරගත වූවා.
ප්රශ්නය - සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා රඟපෑ චිත්‍රපට ගණන කොපමණද? ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට මොනවාද? එච්. එල් තිලකසිරි ද සිල්වා, මීටියාගොඩ, මරදානවත්ත අර්ජුන් - ගාමිණි චිත්‍රපට 105කට රංගනයෙන් දායක වුණා. පරසතු මල්, උතුමාණනි, සක්විති සුවය, බාඳුරා මල්, රෑ මනමාලි, මයුරිගේ කතාව, සාගරය මැද, කොටි වළිගය, නොමියෙන මිනිසුන්, අන්තිම රැය යන චිත්‍රපට ඔහු අධ්‍යක්ෂණය කළා. ඔබේ සිනමා පැන විසඳුම් අර්ජුන්ගෙන් පිළිතුරු. සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 |