අපරාදෙ කියන්න බැහැ කෙල්ල හොඳට මහන්සි වෙනවා
නම හෙළි නොකරන ලේඛකයකු නම හෙළි නොකරන
ආදරණීය තාරකාවකගේ ජීවිතය අළලා ලියන සැබෑ ජීවිත අන්දරය
ජනපි‍්‍රය චිත්‍රශිල්පී අරවින්දගේ සිතුවමින්
අපරාදෙ
කියන්න
බැහැ
කෙල්ල
හොඳට
මහන්සි වෙනවා
දවස් ගෙවී යනු මානවීට නොදැනුණේය. හැමදාම උදෑසනින් පිබිදෙන ඇය පොත්හලට එන්නීය. උදේට
එතැන කලබලකාරීය. පාසල් යන දූ දරුවන් හදිස්සියට පොතක් පැන්සලක් ගන්නට, රැකියාවට
යනඅය, රීලෝඩ් දාගන්නට එන්නේ ද එම වෙලාවටය. සුමිත්ගේ හොඳ වෙලාවටදෝ උදෑසනම කඩයට සෙනඟ
පිරී ඉතිරී යයි. අනුරාධපුරයේ සිට කොළඹ බලා යන බස් නැවැත්තුවේ ද කඩයට යාබදවය. බස්
හෝල්ට් එක තියෙන තැන ද නිතර සෙනඟ පිරී තිබිණ.
කවුරු ආවත් හැම වෙලාවෙම හෝදිසියෙන් සිටින්නට මානවී වග බලා ගත්තේ මුලින්ම රීලෝඩ්
දාගත්තු ටෙලි නාට්‍ය කණ්ඩායමේ සුජිත් ඉගැන් වූ පාඩම නිසාය. අට හමාර පසු වන විට පොත්
සාප්පුවට මඳ විරාමයක් ලැබෙයි. සුනීතා ඒ වෙලාවට නිවසට ගිහින් එන්නීය. ඇය ආපසු එන්නේ
දවල්ටය. එතෙක් සාප්පුව මානවීගේය.
සාප්පුවට යන එන කෙනෙකු මානවී සමඟ ද කතා කරති. සුනීතා දවල්ට එන්නේ මානවීටත් කෑම එකක්
අරගෙනය. ඇය උයන කෑම රසය.
'උඹට සුමිත් පඩියක් ගෙවනවා කිව්වාද?'
මානවීගෙන් ඇසුවේ නිරංජලාය. මානවී පියයුරු මත්තට ඇඳ ගත් දිය රෙද්ද තද කර ගත්තාය.
හැන්දෑවේ තුනට විතර වැවට ගොස් නාගන්නට මානවී අමතක නොකළාය. එයින් පසු ඈ ආපසු යන්නේ
පොත්හලටය. වැව පිහිටියේ මහ පාරට කිට්ටුවය. පොත්හලේ පිටුපසට ගිය විට වැව් ඉස්මත්තය.
මානවීගේ ගෙදරට වැව් බැම්ම ඈතින් පෙනෙයි.
'මේ දවස්වල වතුර පිරිලා කිඹුලා ඉන්නවලු'
නිරංජලාගේ කතාව වෙන අතකට හරවන්නට මෙන් මානවී පැවසුවාය.
'ඊයේ වැව මැද්දේ ගල උඩ හිටියා කිව්වේ'
තවත් එකියක පැවසුවේ වතුරේ සිටය. ඇයගේ පෙනෙන්නේ මුහුණ පමණි. අනතුරුව ඇය වතුරේ
ගිලුණාය.
නිරංජලා දියට බැස්සාය. බසින බසින අඩියක් අඩියක් පාසා ඇයගේ සිරුර ජලය ගිල ගන්නා
අයුරු දියට බසින්නට සූදානම් වූ මානවී බලා සිටියාය. දියට පැන ඇය වතුරේ ගිලුණා පමණි.
මරලතෝනියක් ඇසිණ. ඒ සමඟ මානවී ආපසු හැරුණාය. වහා සිනහවක් නැඟිණ. දිය යට සිටි එකිය
නිරංජලාගේ කකුල බදාගෙනය.
'මගේ ඇඟේ ලේ වතුර වුණා, ඉඳපං මං උඹට'
නිරංජලා යෙහෙළිය පසුපස පන්නන්නට පටන් ගත්තාය. ඇය වහා දියඹට පීනා ගියාය. මානවී
සිනාසෙන්නට පටන් ගත්තාය. එහෙත් ඈ වතුරට බැස්සේ පරිස්සෙමෙනි.
දිය නාගෙන ආ මානවී රෙදි වැනුවේ සාප්පුව පසුපස ඇති වැලකය. ඈ අනතුරුව පසුපස දොරින්
කඩයට ඇතුළු වූවාය.
මානවීගේ කොණ්ඩය පුරා වතුර පිරී තිබුණේ පිණි බිඳු වගේ යැයි අහම්බෙන් එතැනට ආ සුමිත්ට
සිතිණ. සුමිත් වෙනදාට මේ වෙලාවට පන්තියකය. මානවීගේ මුහුණට හිරු රැස් වැටීමෙන් ඇය
බබළන්නේය. මානවී දෙස බලා ආපසු හැරුණ සුමිත්ට පෙනුණේ සුනීතාය. සුනීතා කඩයට ආ ගනුදෙනු
කරුවෙකු සමඟ කතාබහකය. මානවී කඩයට ඇතුළුවීමට සැරසෙනු දුටු සුමිත් මඳක් පැත්තකට වී
ඇයට ඉඩ දුන්නාය. ඇය කඩය ඇතුළට ගියේ සුමිත්ගේ මුහුණ දෙස නොබලාය.
සාප්පුව වැසෙනුයේ රෑ හතට විතරය. ඉන් පසු සුමිත් දිනපතා ගණං හිලව් බලන්නට පටන් ගනී.
සුනීතා ඔහුගේ තනියට සිටියදී මානවී ගෙදර බලා යන්නීය. දිනපතා කඩයට එන ගනුදෙනුකරුවන්
පමණක් නොව සැපයුම් වෑන්කරුවන් ද හොඳින් හඳුනා ගන්නට මානවී මේ ටික දවසට සමත් විය.
'අපරාදෙ කියන්න බෑ කෙල්ල හොඳට මහන්සි වෙනවා'
මානවී නිවසට ගිය පසු සුනීතා පැවසුවාය. සුමිත් සුනීතා දෙස බලා කිසිත් පැවසුවේ නැත.
වසර හයකට පෙර සුනීතා හමු වූ මුල්ම දවස ඔහුට සිහිපත් විය. එදා මානවී ද මේ වගේමය.
සිතට නැඟී ආවේ ජාගර සිතුවිල්ලකැයි සිතූ සුමිත් වහා ඉන් ඈත් වූයේ
මොකක්ද කිව්වේ?
අනතුරුව ඔහු ඇසුවේ ගණං හිලව් සකසමින් සිටි කැල්කියුලේටරය පසකටලමිනි.
'කෙල්ල හොඳට මහන්සි වෙනවා කිව්වා'
සුනීතා යළිත් ඇද පැද කීවාය.
ඔව්, මහන්සි වෙනවා, ගෙවන්ඩත් වේවි'
'කීයක් විතරද?'
'ඒක තමයි, මාත් කල්පනා කළේ. දවසට හත්සීයක්වත් දෙන්ට එපායැ'
සුනීතා කල්පනාවට වැටුණාය. දවසට හත්සිය පනහක් නම් සුමානෙකට පන්දහස ඉක්මවයි. එයට වඩා
අඩුවෙන් කවුරුවත් සොයා ගන්නට ද නොහැකිය. ඔක්කෝටම වඩා විශ්වාසයයි. මේ ටික දවසට මානවී
සුනීතාගේ විශ්වාසය දිනා ගැනීමට සමත් වී ඇත්තීය.
'ඔන්න ඔහේ අමාරුවෙන් හරි දීලා දාමු'
සුනීතා පැවසුවේ නිහැඬියාව බිඳ හෙළමිනි.
'මාසෙට විස්සක් විතර වෙනවා'
සුමිත් සුනීතා දෙස නොබලා යළිත් ගණන් එකතු කරන්නට පටන් ගත්තේය. එවිට ඈ කිසිත්
නොකීවාය.
මානවී අතට මුදලක් ලැබුණේ සිකුරාදාය. සෙනසුරාදා ටවුමට යා යුතු යැයි මානවී කල්පනා
කළාය. බස් එකේ නැග්ගාම පැය භාගයකි. ඇයට ලැබුණේ රුපියල් පන් දහසකි. මේ ඔක්කොම
දවස්වලටදැයි අසන්නට ඇයට සිතුණත් ඇය නොඇසුවාය. රුපියල් පන්දහසක් එකවර ලැබී ඇත. එය
ඇයට විශාල මුදලකි.
සුනීතා සාප්පුවේ ඉඳිද්දී ඈ ටවුමට ගියාය. අම්මාටත්, අත්තම්මාටත්, අත්තාටත් ඇඳුමක් ගත
යුතුය. ඇයටත් යමක් ගත යුතුය. තව සෙරෙප්පු දෙකක් තිබුණොත් හොඳය. හෑන්ඩ් බෑග් එකකුත්
වුවමනාය. තව තව බොහෝ දෑ ඇය සිතට ගලා ආ අදහස් එක් මිටියකට ගත්තයා. බස් රියේ
කණ්ණාඩියේ ඇයගේ රූපය පෙනිණ. ඇය ඉවත බලා ගත්තාය. අම්මා මෙවර එන විට ටෙලිවිෂනයක් ගෙන
දෙන බව පැවසුවාය. ඒ නිසා ටෙලිවිෂනයක් අවශ්‍ය නැත.
ඈ ටවුමෙන් බැස්සාය. කඩයක සිට නොමිලයේ දුරකතන සිම් එකක් දෙන්නට කොල්ලෙක් කතා කළේය.
කඩේදී සිම් වික්කත් තමා අත ජංගම දුරකතනයක් නැත. ඇයට සුසුමක් හෙළිණ. කඩ පිලේ සාප්පු
අතවනනු ඇයට පෙනිණ.
ඔක්කෝටම කලින් අත්ත්ම්මාටයි අත්තටයි මෙනවා හරි ගෙනත් දෙන්න ඕනෑ'
ඇයට සිතිණි. සාප්පුවේ දොර ළඟ ජංගම දුරකතන වැහි වැහැලාය. එකක් මිලයට ගන්නට සිත උපන්
ආසාව ඈ තද කර ගත්තාය. යාළුවොත් එක්ක ආවා නම් හොඳ යැයි ඇයට සිතිණ. එහෙත් කිසිවකු
නැත. සියල්ලන්ටම වැඩ කටයුතුය. ඇය කුරුණෑගල ස්ටෝර්ස් වෙතට ගියාය. එහි සිටින සියල්ලෝ
ඈ කුඩා කල සිට හඳුනති.
'මට අර අත් කොට බැණියමක් ඕනෑ'
'සයිස් එක'
කඩේ සේවිකාව ඇසුවාය. ඇය වටපිට බැලුවාය. කඩේ හිමි මුබාරක් නානා පුටුවේ වාඩි වී
කල්පනාවකය.
'අර වගේ'
ඇය මුබාරක් නානා පෙන්වූවාය. සේවිකාව බැනියම් පෙට්ටියක් ගත්තයා.
'කීයද?'
'හාරසිය පණහයි'
'තව?'
'චීත්තයක්'
චීත්ත මිටි ගණනාවක්ම සාප්පුවේ වීදුරු ෂොකේසය මත තිබිණි. එහෙත් ඇයට සිතට ඇල්ලුවේ
නැත. ඇය අල්මාරියේ දමා තිබූ චීත්තයකට ඇඟිල්ල දිගු කළාය.
අම්මාටත්, අත්තා, හා අත්තම්මාටත් තෑගි අරගෙන එළියට එන විට ඈ අතේ තුන්දහසකට ආසන්න
ගණනක් ඉතිරිව තිබිණි. අනිත් සාප්පුව ළඟ ඈ නතර වූවාය.
හෑන්ඩ් ෆෝන් හැම යෙහෙළියක් ළඟම ඇත. අම්මා ෆෝන් එකක් ගෙනත් දෙනවා යැයි කිව්වාද
ගෙනැවිත් දුන්නේ නැත. සෙරෙප්පු දෙකක් ද ඕනෑ කර තිබේ. ටෙලිෆෝනයක් හැම එකටම පහසුය.
අන්තිමට සෙරෙප්පු දෙකත් ජංගම දුරකතනයත් ගත් විට ඈ අත ඉතුරු වූණේ ගෙදර යන්නට මුදලක්
පමණි. ජංගම දුරකතනය ගන්නට ගිය විට ඇය පුදුමයට පත් වූවාය. නානා ප්‍රකර විධි එහි
තිබිණි. එකින් එකට තරුණයා විස්තර කළාය.
'කොල් එකක් ගන්න දෙන්න'
ඈ අන්තිමට මිමිණුවාය. තරුණයා ද අත ඇරියේ නැත.
'නංගිට තේරෙන්නේ නෑ වටිනාකම, මේ බලන්න මේ ෆෝන් එකේ තියෙන දේවල්. සල්ලි කියලා බලන්න
එපා' ඔහු කියාගෙන ගියේය.
බස් රථයට ගොඩ වූ පසු ඉතිරිවන කීය හෝ පන්සලේ පින් කැටයට දමන්නට ඕනෑ යැයි ඈ සිතුවාය.
කලකට ඉහත මඟුල් ගෙදරක ජයමංගල ගාථා කීමෙන් උපයා ගත් මුදල ඈ දුන්නේ අත්තම්මාගේ අතටය.
ආපසු යන්නට බස් රථය නවතා තිබුණේ පාරෙන් එහා පැත්තේය. ඇය එදෙස බලාගෙන පාර පැන්නාය.
ලොකු බ්‍රේක් පාරක් වැදිණ. සුදු පාට වෑන් රථයක් ඈ සමීපයට ඇදී ආවේය. එහි සුළං පහර ඇය
ළඟින් ගියේය. එකවරම ඈ නතර වූවාය.
'ඔහොමද යකෝ පාර පනින්නේ'
'මේ අපේ කොච්චි කරලනේ. නංගි මොකෝ'
ඇයට සිහිනයෙන් මෙන් ඇසිණ.
|