වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




යළි රඟපායිද නැද්ද?

යළි රඟපායිද නැද්ද?

ඔන්න අපිට නරක ආරංචියක් ආවා. ඒක දැන් රටපුරාම පැතිරිලා. සුරංගගේ මයි නේම් ඊස් බන්දු සිනමාපටය තිරගත වෙනවාත් සමඟයි මේ පුවත ඉගිලෙන්නට පටන ගත්තේ. වටින් ගොඩින් එහෙම ඇහුණට නිල වශයෙන් අපට එක් කෙනෙක් ඒ ආරංචිය කිව්වා.

ඒක තමයි බන්දු සමරසිංහ ආයෙත් චිත්‍රපටයක රඟපාන්නෙ නැහැ කියන එක. බන්දු රගපාන අවසාන චිත්‍රපටය වන්නේ මයි නේම් ඊස් බන්දුලු. මේක අහපු අපේ සිනමා ලෝලීන්ට ටිකක් අප්සට් ගිහිල්ලා. මොකද බන්දුගේ රංගනයට ගොඩක් දෙනෙක් කැමැති හින්දා. ඔහු ආයේ රඟපාන්නේ නැහැ කියන එක ලොකු පාඩුවක්නේ. අපි මේ පිළිබඳ හොරෙන් පරීක්ෂණයක් පැවැත්වූවා. මේක කට කතාවක් ද කියලත් හොයා බැලුවා. මෙන්න මේකයි සිද්ධිය.

බන්දු චිත්‍රපටවල ආයේ රඟපාන්න හිතන්නේ නැතිලු. ඇත්තටම රඟපාන්න තරම් හොඳ චිත්‍රපටත් නෑ කියලා ඔහු කියනවා. මයි නේම් ඊස් බන්දුලු බන්දුගේ අවසන් චිත්‍රපටය. හැබැයි ආයේ හිතුණොත් රඟපාන්න හිතාගෙන ඉන්නවලු. ඒ ආයෙ රඟපාන්න එන්නේ වැඩි ප්‍රේක්ෂක ඉල්ලීම් මත කියලා. යසයි නේද වැඩේ. කොහොම වුණත් ඇත්තටම බන්දුට ප්‍රේක්ෂකයෝ පෝලිමක්ම ඉන්නවා.