වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




ජීවිතය තෑග්ගක්

ජීවිතය තෑග්ගක්

භාරතීය සිනමාව සැරසූ මනීෂා කොයිරාල දැන් ගෙවන්නේ ජීවිතයේ 45 වැනි කඩඉම. පිළිකා මාරයා සමඟි සටනින් ජයගෙන ඇය දැන් සිටින්නේ සැහැල්ලුවෙන්.

සමහර චිත්‍රපට පිළිකා සම්බන්ධයෙන් වැරදි ප්‍රතිරූප මවා පෙන්වන බවට ඇය චෝදනා කරනවා. “පිළිකාව කියන්නේ මරණ දඬුවමක් නොවෙයි. පිළිකාවක් වැළඳීමෙන් පසුවත් ජිවිතයක් තියෙනවා” මනීෂා පවසනවා. චිත්‍රපට මඟින් නිවැරදි තොරතුරු ජනතාව අතරට ගෙනයනවා නම් එය ඉතා වැදගත් වන බව ඇයගේ අදහසයි.

මනීෂා, පිළිකා සටනින් ජය ගෙන සිටින ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං සහ රංගන ශිල්පිනියක වන ලීසා රේ ගැනත් අගය කරනවා. ඒ විතරක් නොවෙයි දුම් බීමට විරුද්ධවත් ඇය වැඩසටහන් දියත් කරලා.

“මම මගේ අසනීප තත්ත්වය දැන ගත්තාට පසුව පිස්සුවෙන් වගේ හිටියේ. වෛද්‍ය වාර්තා මා යහපත් මනසින් නැඟී සිටවූවා” මනීෂා පවසන්නීය. “ජීවිතය තෑග්ගක්. අපි ඒකට ගරු කළ යුතුයි. ඒ වගේම ගැහැනුන්ට සමාජයේ ගෞරවය වෙනුවෙනුත් සටන් කරන්න වෙනවා” ඇය වැඩිදුරටත් පවසන්නීය.