|
අම්මාගේ පින්තූරයයි දින පොතයි තිබුණොත් ඇති
හැබැයි ඇය වේදිකාවෙන් බැහැලා එතනට එද්දී ඒ විශ්වාසය බිඳී ගිහිල්ලා. බෑගය තිබුණේ විවෘත වෙලාලු. ඇය වහ වහා එය පිරිසක්ලා බලලා. එහි තිබුණු කරාබු දෙක, රුපියල් නව දහසක මුදල් නෝට්ටු ඩයරිය සහ පර්ස් එක ඒකෙ නැතිලු. සමදරාගේ ඔළුව ගිණි අරගෙන. එහෙ මෙහෙ දුවලා හොයලා බැලුවලු. ඒත් නැහැලු. සමදරාට ගොඩක් අප්සට් ගිහිල්ලා. ඇය ඉල්ලීම් කරනවා මෙන්න මෙහෙම.
සම්මානෙට ගිය කලකීර්තියට පත් නළුවෙක් ගැන තමයි මේ කියන්න හදන්නේ. තවත් විදිහකින් කිව්වොත් ඕනෑම චරිතයක් කරන්නට උපන් හපන් නළුවෙක්. වේදිකාව, සිනමාව, පුංචි තිරය යන මාධ්‍ය ත්‍රිත්වයම ජයගත් මේ නළුවා හොඳම නළුවා ලෙස ද අවස්ථා කිහිපයකදීම සම්මාන ගත්තා. කෙටියෙන් කිව්වොත් මෙයාට සම්මාන නතිං. ඒක හින්දා වෙන්න ඇති එයාට ලැබෙන සම්මාන උඩ ඔහුගේ බිරිය ඇගේ යට ඇඳුම් වනලා තියන්නේ. එහෙම සම්මාන වසා කාන්තා යට ඇඳුම් තියෙනවා දැක්ක නම් කිසිම සම්මාන උලෙළකින් මේ නළුවාට සම්මාන දෙන්න පෙළඹෙන එකක් නැහැ. ඒ විතරක් නෙවෙයි සම්මාන උලෙළකට ආරාධනාවක්වත් ලැබෙන එකක් නැහැ. ඇත්තටම සම්මානයක් කියන්නේ කොච්චර වටින දෙයක්ද. කෙනෙකුගේ දක්ෂතාවය පෙන්වන කැඩපතක් ලෙසට සම්මානයක් හඳුන්වා දෙන්න පුළුවන්. අනික තම බිරියට යට ඇඳුම් වනන්න තමන්ගේ සම්මාන දෙන එකම නළුවා මෙයා වෙන්න ඇති. සම්මානයක අගය නොදැනීම කනගාටුවට කරුණක් කියලා කියන්න පුළුවන්. අපි නම් නළුවට කියන්නෙ මෙචචරයි. සම්මාන හෑල්ලු කරන්න දෙන්න එපා මහත්තයෝ. පුළුවන් නම් නෝනට ලණුවක් අරගෙන කොහේ හරි වැලක් බැඳලා දෙන්න යට ඇඳුම් වේල ගන්න. ඒක තමයි කියන්න පුළුවන් එකම කාරණය. මේ කතාවේදී තව දෙයක් මතක් කරන්න ඕනෑ. ඔහොම සම්මාන හෑල්ලුවට ලක් කරපු කලාකරුවන් දෙදෙනෙකු හිටියා. එක් කෙනෙක් නළුවෙක්. ඔහු තමන්ට ලැබුණු හොඳම නළුවා සම්මානය දොර හුළඟට වැහෙනවට අඩයක් විදිහට පාවිච්චි කළා. එදා ඉඳලා ඒ නළුවට තමන්ගේ දක්ෂතාවයන් විදහාලන්න බැරි වුණා. අනෙක් කෙනා සංගීත අධ්‍යක්ෂවරයෙක්. ඔහු සම්මාන උලෙළයන්ට යන්නේ ඔහුට සම්මාන තිබුණොත් පමණයි. එහෙම ගිහිල්ලා ඔහුට සම්මාන තිබුණොත් ඒක එපා කියලා ගෙදර එනවලු. මේ අය අතරට අපේ කාලයේ නළුවත් වැටුණු එකයි ප්‍රශ්නේ. අනේ අම්මපා මේ වගේ නළුවෝ. |