|
|
කෝලිකුට්ටු එපා වෙලා
කෝලිකුට්ටු කීයද? අපටත් කඩයක් තියෙනවා කෝලිකුට්ිටු කැනක් එවන්න බැරිද? මහත්තයගෙන්ම තමයි කෝලිකුට්ටු ඕනෑ වගේ දේවල් ප්‍රියන්තගෙන් අහනවලු. ප්‍රියන්තගේ මායියාටත් දැන් මේක එපා වේගෙන එනවලු කෝලිකුට්ටු ප්‍රශ්නවලට උත්තර දීලා. ප්‍රියන්තට කොහේවත් යන කෝලිකුට්ටුවක් හේත්තු වෙලා තියෙන්නේ ප්‍රියන්තගේ වත්තේ ගහක කෝලිකුට්ටු කැනක් පීදිච්ච හින්දා. ප්‍රියන්තගේ නෝනා යෝජනාවක් දාලා කෝලිකුට්ටු කැනක්ම පවුලේ අයට කන්න බැරි හින්දා ඒකෙන් ටිකක් තියොගෙන ටිකක් කඩේකට දෙන්න. ප්‍රියන්තට ඕක කර ගහගෙන යන්න බැහැනෙ.
ලලිත් මොකද කළේ ගිරිරාජ්ට මේක කියපු එක. ගිරාට කියනවාට වඩා හොඳයි ඒක අපේ දිනමිණ පත්තරේ දැම්මා නම්. ගිරා මේ කතාව ක්ෂණයකින් හැමෝටම කියලා ලුණු ඇඹුල් එහෙමත් දාලා. ඒ විතරක් නෙවයි ප්‍රියන්තගේ දුරකතන අංකයත් දීලා. එවලේ ඉඳලා ප්‍රියන්ත මුලාලිට කෝලිකුට්ටු ගැන අහලා කෝල්ස් එනවලු. ප්‍රියන්තට කෝලිකුට්ටු එපාම වෙලාලු තියෙන්නේ. අඩුම ගානේ දැන් ප්‍රියන්ත බත් කලා කෙසෙල් කන්නෙවත් නැතිලු. |



ප්‍රියන්ත සෙනෙවිරත්නට මේ දිනවල එන දුරකතන ඇමතුම්වලින් වැඩි ප්‍රමාණයකට පිළිතුරු
සපයන්නේ ඔහුගේ මෝනා. එයට ප්‍රධානම හේතුව වන්නේ ප්‍රියන්තට කතා කරන බහුතරයක් දෙනා
ප්‍රියන්තගෙන් අසන්නේ කලා කටයුතුවලට වඩා කෝලිකුට්ටු ගැන.
මෙයා කාටත් හොරෙන් කැනේ ඇවරි ටික කපල ඒක පෙට්ටියක දාගෙන හොරෙන්ම ළඟ තියෙන
කඩයකට ගිහිල්ලා. වටපිට බලලා කඩේ මුදලාලිට විකුණන්න හැදුවලු. ඔය අතරේ තමයි ගිරිරාජ්
ගේ අයියන්ඩිය වන ලලිත් ජනකාන්ත එතනට එන්නේ. ප්‍රියන්තව ගැස්සිලා ලලිත්ව දැක්ක ගමන්.
ලලිත් කල්පනා කරලා මොකක් හරි ප්‍රියන්තගේ හොරයක් තියෙනවා කියලා. විපරම් කරද්දී
කෝලිකුට්ටු බිස්නස් එක අහු වෙලා.