වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




කාජල්ගේ පසුතැවීම

කාජල්ගේ පසුතැවීම

දරුවො දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් මොන තරම් කාර්යබහුලද? නිවසේ වැඩකටයුතු අතරේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඕනෑ එපාකම් සියල්ල ගැන බලාගනත යුතු වෙනවා. ඇය රැකියාවකුත් කළොත් තවත් වගකීම් වැඩියි. බොලිවුඩ් රංගන ශිල්පිනී කාජල් නම් කියන්නේ පවුලේ දරුවන්ගේ කටයුතුවලින් තමා නිදහස් කියලයි.

මේ විදියට නිදහසක් ලැබෙන්න එකම හේතුව ඇයගේ ආදරණීය සැමියා අජේ. අජේ දේව්ගන් නළුවෙක්, අධ්‍යක්ෂවරයෙක් වුණත් ළමයින් වෙනුවෙන් තියෙන කාලය නම් වෙන කිසිම දෙයක් වෙනුවෙන් යොදවන්න ඔහු සූදානම් නැහැ. අජේ දරුවන් ගැන සොයා බලන නිසා තමන්ට රංගන කටයුතුවලට වැඩි අවධානයක් යොමු කරන්න පුළුවන් කියලා කාජල් කියනවා.

ඒ වුණත් ඇයට අම්මා කෙනෙක් විදියට කාලය නිසියාකාරව කළමනාකරණය කර ගන්නේ නොමැතිවීම වරදකාරී හැඟිමක් ලෙස දැනෙනවාලු. “ළමයින් වෙනුවෙන් ඇති තරම් කාලය වෙන් කරන්න නොහැකිවීම ගැන මගේ හිතේ තියෙන්නේ ලොකු පසුතැවිල්ලක්. මට ඔවුන් ළඟින් ඉන්න, කෑම හදලා දෙන්නවත් වෙලාවක් නැහැ. ඒ වුණත් අජේ බොහොම සහයෝගයෙන් අපේ දරුවන් බලාගන්න එක මට සැනසීමක්.”