වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




සමනළීගේ වාර්තාව

සමනළීගේ වාර්තාව

හෙළ නිළි රැජන මාලිනී ෆොන්සේකා සිංහල සිනමා ඉතිහාසයේ අමරණීය වර්තාවන් සනිටුහන් කළා. ඇතැම් ඒවා කාටවත්ම බිඳින්න නම් බැහැ. ඇයගෙන් පසුව ඇයගේ පරපුරේ කිහිප දෙනෙක්ම ක්ෂේත්‍රයට පිවිසුණා. ඒ අතරින් සමනළී ෆොන්සේකා විශේෂ වෙනවා. මොකද ඇයත් දැන් මාලිනී මෙන්ම වාර්තා තියන්න පටන් අරගෙන නිසා. සමනලී පසුගියදා නිමාව දුටු කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළේ තිරගත වූ සිංහල චිත්‍රපටයන් වැඩි ප්‍රමාණයක රඟපෑ එකම නිළියයි.

ඇය එහි චිත්‍රපට තුනකම රංගන දායකත්වය සපයලා තිබුණා. නම් වශයෙන් කිව්වොත් ප්‍රේමය නම්, මෝටර් බයිසිකල් සහ නිම්නයක හුදකලා වී. මේ චිත්‍රපට ත්‍රිත්වයේ ප්‍රධාන නිළිය වූයේ සමනලී. එකම නිළියක් රඟපෑ චිත්‍රපට කිහිපයක්ම තිරගත වන්නේ ඉතාම කලාතුරකින්. තව විදිහකින් කිව්වොත් එහෙම වෙන්නේ ද නැති තරම්. ඒ අතරින් සමනළී මේ තිබ්බේ අපූරු වාර්තාවක්.

ඔය අතර සමනළී ගැන තව බෙහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණා. ඒ ඇය ජාත්‍යන්තර සිනමා උලෙළේ සමාරම්භයට සමනළී සැරසී සිටි ගවුම් විලාසිතාව අමුතුම එකක් නිසා.