වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




අපහසුම චරිතය

අපහසුම චරිතය

සන්ජේ ලීලා බන්සාලිගේ ‘බජිරාඕ මස්තානි’ චිත්‍රපටය 17 වැනි සියවසේ කතාවක් වුණත් එහි තමන් රඟන මස්තානි රැජනගේ චරිතය නවීන කාන්තාව පිළිබිඹු කරන්නක් කියලා දීපිකා පදුකෝන් පවසනවා.

ඇය යුද්ධයෙහි දක්ෂ රැජනක් වගේම හොඳ ආදරවන්තියක්, කාරුණික මවක් වගේම ආදරණීය දියණියක්ද වෙනවා. මේ හැම චරිත ලක්ෂණයක්ම මස්තානිගේ චරිතයේ අඩංගු වෙනවා.

දීපිකාටත් මේ චරිතය ලැබීම ගැන තියෙන්නේ පුදුමාකාර සතුටක්. ආරම්භයේදී නම් ඇය පැවසුවේ තම ජීවිතයේ ලද අපහසුම චරිතය මෙය වන බවයි. ඒ වෙනුවෙන් ලොකු කැපකිරීමකුත් කරන්න ඇය පසුබට වුණේ නැහැ. ඒ කොහොම වෙතත් දීපිකා තම ජීවිතයේ ලද වටිනාම අවස්ථාවක් ලෙසින් ‘බජිරාඕ මස්තානි’ චිත්‍රටයේ මස්තානි චරිතය හඳුන්වා දෙනවා. ලබන දෙසැම්බර් 18 වැනිසා බජිරාඕ මස්තානි චිත්‍රපටය තිරගත කරන්න නියමිතයි.