|
ලක්ෂ 6ක් ට්විටර් ගිණුමට
මේ නිසාම පසුගිය අඟහරුවාදා දවස පුරා අනුෂ්කා තම ආදරණීය රසිකා රසිකාවන් වෙනුවෙන් චැට් කළ එක තමයි කළේ. මේ දක්වා තමාට සහාය වෙමින් ළඟින් සිටි රසික රසිකාවන්ට ස්තූති කරන්නත් අමතක කළේ නැහැ. 2009 වසරේදී අනුෂ්කා රංගනය පැමිණියේ, ‘රබ්නේ බනාදී ජෝඩි’ චිත්‍රපටයෙන්. මේ වසරේදී ඇය අවසන් වරට රංගනයෙන් දායක වුනේ ෆාරා අලී අධ්‍යක්ෂණය කළ ‘දිල් ධඩක්නේ දෝ’ චිත්‍රපටයටයි. ලබන වසරේදී ඇය කරන් ජොහාර් අධ්‍යක්ෂණය කරන ‘ඒ දිල් හේ මුෂ්කිල්’ චිත්‍රපටයෙන් ඔබ හමු වෙන්න සූදානම්. |