වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




ෂාරුක්ගේ වාර්තාව සල්මන් අතට

ෂාරුක්ගේ වාර්තාව සල්මන් අතට

සූරජ් භර්ජත්‍යා විසින් අධ්‍යක්ෂණය කළ ‘ප්‍රේම් රතන් ධාන් පායෝ’ චිත්‍රපටය දීපවාලි උත්සවය වෙනුවෙන් හින්දි සිනමාවට පෙම් බැඳි රසික රසිකාවන්ට දුන් තෑග්ගක් වගේ. පසුගිය 12 වැනිදා සිට ලොවපුරා තිරගත කිරීම ආරම්භ කළ ‘ප්‍රේම් රතන් ධාන් පායෝ’ තිරගත වීම ආරම්භ කරමින් වාර්තා දෙකක් පිහිටුවන්න සමත් වෙලා. එය බොලිවුඩයේ ප්‍රථම දිනයේ ඉහළම ආදායමක් ලද හින්දි චිත්‍රපටය බවට පත් වන්නේ, ඉන්දීය රුපියල් කෝටි 40ක් උපයා ගනිමින්. මීට පෙර මේ වාර්තාවට හිමිකම් කියා තිබුණේ ෂාරුක් රඟපෑ ‘හැපි නිව් ඉයර්’ චිත්‍රපටය යි. දැන් ඒ වාර්තාව තියෙන්නේ සල්මන් අතේ. ‘හැපි නිව් ඉයර්’ චිත්‍රපටයත් තිරගත වීම ආරම්භ කළේ පසුගිය අවුරුද්දේ දීපවාලි දිනයේදීමයි.

ආදරය නැමැති නිධානය හමු වුණා’ තේමාව කොට ගත් ‘ප්‍රේම් රතන් ධාන් පායෝ’ චිත්‍රපටය තිරගත වී දින තුනක් තුළ සෙවූ ආදායම ඉන්දීය රුපියල් කෝටි සියයක්. මේ චිත්‍රපටය සල්මන් රංගනයෙන් දායක වූ ච්ත්‍රපට අතරින් ඉන්දීය රුපියල් කෝටි සියය ඉක්ම වූ නමවැනි චිත්‍රපටය යි. මේ අවුරුද්දේ දැනට තිරගත කළ චිත්‍රපට අතරින් මේ සීමාව පසු කළේ බජ්රන්ගී භයිජාන්, තනු වෙඩ්ස් මනූ රිටන්ස්, බාහුබාලි (හින්දි) චිත්‍රපට පමණයි.